පරාදීසය – ගෝලීය සමාජ අර්බුදයේ දුෂ්ට මුහුනුවර පිළිබිඹු කෙරෙන සිනෙරුවක්
දර්ශන මෙිදිස් විසිනි .
ප්‍රවීන ලංකේය සිනමාකරුවා ප්‍රසන්න විතානගේ විසින් නිර්මි්මිතතම සිනමා කාව්‍යය පැරඩයිස් දැන් ලොව පුරා ප්‍රදර්ශනය කෙරේ. මනි රත්නම්ගේ මැඩ්රාස් ටෝකීස් යටතේ ඉන්දිය නිව්ටන් සිනමා ආයතනය මගින් නිෂ්පාදනය කෙරුනු මයයාලි දමිළ මුසලිම් හා සිංහල පාත්‍රවර්ගයා රගන මේ බහුභාශී සිනෙරු විදෙස් සම්මාන කීපයකින් දැනට මත් පිදුම් ලබා ඇත. ලංකාවේ පවතින ෆැස්ස්ට්වාදී කලා මර්දනය නීතිරීති යටතේ පුරහද කළුවර කෘතිය මෙන් මේ සිනෙරු වාරනයට හසු නොවුයේ එම ජාත්‍යන්තර බහුමාන හේතුවෙනි . සැබවින්ම ,ස්වකීය මතිමතාන්තර පිළිබදව නැවත සිතා බැලීමට සහෘදයා පොලඹවන මනරම් නාටකීය සිනෙරුවක් වන මෙය සිනමාකරුවෙකු ලෙස අධ්‍යක්ශකවරයාගේ පරිමානයෙහි ගුනාත්මක පරිපුර්නත්වය සනිටුහන් කරයි . එමතුව නොව එය ගෝලීය සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි වඩවඩා සවිඥානක විමෙහිලා සෙසු කලාකරුවන් ද කදිම උත්තේජනයක් සපයයි .
ආඛ්‍යානය දිගහැරෙනුයේ රටේ ආර්ථීක බංකොලොත්භාවය නිවේදනය කරමින් ලංකාන්ඩුව නිකුත් කරන අපකීර්තිමත් ප්‍රකාශය සමගිනි . ඒ වනාහි ලංකා ඉතිහාසයේ පෙර නොවු විරු ආකාරයේ අර්බුදග්‍රස්ත සමයකි . ආහාර හිගය, ගෑස් හා ඉන්ධන හිගය ,ඖෂධ හිගය, දිග්ගැස්සුනු විදුලි කප්පාදුව, ඉහල යන බඩු මිල ආදී දහසක් දුශ්කරතා දරාගත නොහැකිව කොව්ඩි වසංගතය ද මාධ්‍යයේ දිවි නොතකා වීදි බට මහජනයා ආන්ඩුව විරෝධී උද්ඝෝශනයන්හි නියැලෙති . පරිහානිගත දේශීය සමාජාර්ථික කොනදේසි වටා කථාන්තරය භ්‍රමනය වුව ද ධනවාදය යටතේ සමාන තතුවලට මුහුන දෙන අන් බොහෝ රටවල් අරබයා ද වස්තුවිශය කදිමට ගැලපේ .
කඩාවැටුනු සංචාරක ව්‍යාපාරයේ ඵලයක් හැටියට හෝටල් කර්මාන්තයේ ගාස්තු පහල බැස තිබුනු තතු ප්‍රයෝනයට ගත් ඇතැම් විදේශීය සංචාරකයන් අතලෝස්සක් -වෙසෙසා ඉන්දීය සුලු ධනේශ්වර ලංකාව නමැති ගිනි ගත් පරාදීසය නැරඹිමට පැමිනි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ශ නියෝජනය කල ඩොලර් පිපාසිත ආන්ඩුව ඔවුන් ප්‍රනිපාතයෙන් පිලිගැනුමට සැදිපැහැදි සිටියේය . කදුකරයෙහි රමනීය ස්වභාවය සෞන්දරයය කරනකොටගෙන පාරාදීසයක යන විරුදාවලිය ලංකාවට පටබදින ලද්දේ මධ්‍යතන සුගයෙහි මෙහි පැමිනි යුරෝපියයන් විසිනි . ඔවුන් මේ සංකල්පය නයට ගත්තේ පාර්සි කිවියර අමීර් කුස්රෝසගේ කාශ්මීර වැනුමකිනි. බ්‍රිතානය විජිතවාදිහු ලාහෝරයට ද එය ම ප්‍රදානය කලහ . එහෙත් අධිරාජ්‍යවාදයේ ඒජන්සියක් ලෙස ජාතික රාජ්‍යයක් ඇටවු පශ්චාත් -නිදහස් ලාංකේය පාලකයෝ සිය දේශපාලන හා ව්‍යාපාරික අවශ්‍යතා උදෙසා මෙය දුශ්පරිහරනය කලහ .(ඇතැම් කලාකරුවන් 1970 සමගි පෙරමුනු ආන්ඩුවේ වගා සංග්‍රාමය ඔජවඩවන ලද්දේ ලංකාව කේතුමතියකට සම කරමිනි) මෙකී පාරාදීසය ධනේශ්වර පාලකයෝ අඩ සියවසක් ඇතුලත මුලුමනින් කාබාසිනියා කර දැමුහ .මෙහි පවතින ප්‍රබල උත්ප්‍රාසය අධ්‍යක්ශවරයා චිත්‍රපටය පුරා ම කලාත්මකරදවා ගනී.
කේරල මධ්‍යම පන්තික යුවලක වන කේසව් (රොහාන් මැතිව්_) හා අම්රිතා ( දර්ශන රාජේන්දුන්_) ලංකාවට පා තබනුයේ එය බංකොලොත් පාරාදීසයක් බව නොදැන නොවේ . ඔවුන් පැමිනෙනුයේ සිය පස්වැනි විවාහය සංවත්සරයට අඩු පිරිවැයකින් සමරන අටියෙනි . ලංකාවට පැමිනෙන ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කල් තබා සුදානම් කල පැකේජයක් හෙවත් රාවනා පථයක් තිබේ. ඉන්දීය අතරමැදියන්ගේ ද සහයෝගය සහිතව මහින්ද රාජපක්ශ ආන්ඩුව සමයෙහි . මේ ජාවාරම ප්‍රවර්ධන කලේ ලංකා සංචාරක මන්ඩලයයි . ඊනියා රාමායන පුරාවෘත්තය ෙඑතිහාසික සත්‍යයක් මෙන් ඒත්තු යන පරිදි ඇතැම් පෞරානික සෙල්ලිපිවල ජායාරූප පවා විකෘති කොට අන්තර්ජාලයට මුදාහැරුනි . මෙතකු තවදුරටත් ඉවසිය නොහැක තැන රාජකීය ආයාසිතික සංගමය වසින් විවෘත විවාදයක් කැදවන ලද අතර එහි දී සංචාරක මන්ඩල උපදේශකවරයා ඇතුලු ප්‍රකට රාවනා ලෝලිහු විලිවැද පලා ගියහ .
ඇත්ත වසයෙන් ම රාමායන කවීන්ට මතු නොව දෙරටේ ම පාලක පන්තියට ද කදිම තේමාවකි. මධ්‍යතන යුගයෙහි පවා එය ව්‍යාපාරික උපාය මර්ගයක් විය . ඇතැම් උත්තර භාරතීය ප්‍රභුන් රාමා -සීතා බදු කතා ලංකාව තුල ප්‍රචලිත කරවීමට මුදල් වැය කල බව සද්ධර්මරත්නනාවලිය ( 13 සියවස) පවසයි .එසේ ම දෙරට තුල ම මෙය සුලු ජනවර්ග පෙලීම සදහා පිනුම් පින්තක් ද වී ඇත . අනෙක් අතට ,ඉන්දීය පාලකයෝ කලෙකට සිට ම ලංකාව ඇතුලු කලාපීය රාජ්‍යයන්ට දේශපාලනික බලපෑම් කිරීමෙහිලා රාම නමැති විරෝදාර කාව්‍යමය චරිත ගසාකති .අගමැති රාජ්නාත් සිං රාම් දෙවිදු ලංකාවේ දීත් ක්‍රිශ්නා දෙවිදු මථුරාවේ දීත් සිදු කල දේ ඉන්දීය සන්නද්ධ හමුදාව 1971 දී බංගලාදේශයේ දී සිදු කලේය .යනුවෙන් පැවසීය . මෙහි දුරදිග යන ඇගවුම් ගැබ් වී ඇත. තැනතැන විරෝධතා පවත්වන හෙම්බත් ජනතාව දෙස නෙත් හෙලමින් කේසව් සහ අම්රිතා රාවනාගේ පාරිදීසයට හෙවත් මධ්‍ය කදුකරයට ලගා වෙති
ආර්ථික අර්බුදයකට මුහුන පා සිටින කේසව් ද ගේම් ස්ක්විඩ් නමැති ජනප්‍රිය දකුනු කොරියානු ටෙලි නාට්‍ය මාලාවේ හින්දී ප්‍රපවාචයක් නිශ්පාදනය කරනුව නෙට්ෆ්ලික්ස් ආයතනයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. ගේම ස්ක්විඩ් යනු දැවැන්ත සල්ලි මල්ලක් උදෙසා දිවි පරදුවට තබා තරග වදින ක්‍රිඩකාවකි. එමගින් සකේතවත් වනුයේ නව ලිබරල් මජර බලු පොරයයි. සිය අයදුම්පත අනුමත කෙරී ඇති බව කේසව් දැන ගන්නේ ලංකාවට පැමිනි විටය .පස්වනක් ප්‍රිතියෙන් පිනා යන ඔහුගේ මුඛ්‍ය අවධානය යොමු වනුයේ සිය නිවාඩුව කෙරෙහි නොව සිය ව්‍යාපාරික අරමුන කෙරෙහිය .
ආගන්තුක යුවල නවාතැන් ගනුයේ තේවතු හා දුගී වතු කම්කරු නිවහන් අශ්‍රීත සංචාරක බංගලාවකය . ඔවුන් හාත්පස පැතිර යන සැබෑ පාරාදීසයෙහි මනස්කාන්ත වන රොද හා කදු පන්තියෙහි සිරි නරඹමින් සිටින අතර වෙඩි හඩක් ඇසේ .එය සත්ව දඩයමකැයි දැන ගත් විට මෙහි මුව මස් තියෙනවාද? දැයි කේසව් විමසයි .ඒ අනුව සිය රයිෆලය රැගෙන එන බංගලාවේ දමිල භාරකරු වන ශ්‍රී ලංකා (සුමිත් ඉලංගෝ ) අමුත්තන් ද කැටුව කැලෑව වදී. මදකින් නැඩ ගෝනෙකු දිස් වන අතර උගේ මනරම් රූපකායෙන් වශීකෘත වන අම්රිනා වෙඩිල්ල වලකාන්නීය .මෙකී ගෝනා මෙන්ම රයිෆලය ද චිත්‍රපටය තුල ප්‍රබල රූපාකාර්ථ මවයි . අම්රිතාගේ අහිංසකත්වය සහ වතු කම්කරු ප්‍රජාවගේ අසරන බව ගෝනාගෙන් සංකේතවත් වන අතර කේසව්ගේ පරිභෝජනවාදී ,නිර්දනය චෛතසිකය මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදය ද තුවක්කුවෙන් සංකේතවත් වේ . කෙටිකථාවක ආරම්භයේ දී පිල්කඩක තුවක්කුවක් රදවා තිබේ නම් කතාව අග දී එය අනිවාර්යෙන් ම පත්තු විය යුතු යයි ඇන්ටන් චෙකොෆ් වරෙක පවැසීය . මේ කියමන සිනමාවට ද මනාව ගැලපෙන බව අධ්‍යක්ෂකවරයා අපට පෙන්වයි .චිත්‍රපටය අවසානයේ දී තුවක්කු පත්තු වනුයේ නාටකී ශෝකාන්තයක් මවමිනි.
රාමා සීතා පුරානෝක්තිය සමග බැදුනු දර්ශනීය ස්ථාන වෙත සිය අමුත්තන් කැටුව යන රියදුරන් හා මාර්ගෝපදේශක ඇන්ඩෘ (ශ්‍යාම් ප්‍රනාන්නදු) සතුව රාචනා පිලිබදව කටපාඩම් කර ගත් රසාලිප්ත අන්දරයක් ඇත. එහෙත් නොසිතුරුවිරූ ලෙස අම්රිනා නගන පැනයකින් හේ වික්ෂිප්ත වෙයි . වාල්මීකි රාමායනය විතර ම ද තියෙන්නේ? රාමායනයේ සීතා රාවනා සමග මුනට මුන සටන් වදිනවා මෙය සත්‍යයකි . පරස්පර විරොධී රාමායන තුන්සියය ඉක්මවා එක්රැස් කල ප්‍රකට ජනශෘතිවේදී ඒ .කේ. රාමනුජන් ඇතැම් කතා වාල්මීකිගේ කෘතියට වඩා පැරනි බව හෙලිදරව් කලේය . වදින්ට ගිය දේවාලය ඇන්ඩෘගේ හිස මත කඩා වැටේ ! ස්වකීය නින්දෙන් පිබිදීමට රාවනා හට කාලය එලඹ ඇතැයි විටෙක අම්රිනා සරදම් කරන්නීය . රාවනා මිථ්‍යාව මෙලෙස කලාත්මකව පුපුරුවා හැරෙන අතර ඉතිහාසකරනයෙහිලා ලංකාව හා ඉන්දියාව තුල ඉස්මතු වන ව්‍යාජ ප්‍රවනතා සැලකිල්ලට ගත් කල්හි එය ඉතා අගනේ .
එක් රාත්‍රියක බංගලාවට පනින සොරමුලක් තරුන යුවල බියගන්නා ඔවුනගේ පරිගනක හා ජංගම දුරකථන පැහැර ගනිති .කේසව් ඉන් වියරු වැටනුයේ සිය කොන්ත්‍රාත්තුවේ තොරතුරු මතු නොව එකම සන්නිවේදන මාධ්‍ය ද අහිමි විම හේතුවෙනි .මේ සිද්ධිය මුදලට කෑදර සැමියා සහ භාන්ඩ අහිමි වුව තමන්ට සහ තව ජිවිතය විදින්ට බැරිකමක් නැතැයි සිතන සොබා දහමට ලැදි බිරිද අතර ක්‍රමිකව වර්ධනය වන අධ්‍යාක්මික ගැටුමකට මුලපුරයි.සොරකම් පිලිබදව සැකපිට අත්අඩංගුවට පත් වන දමිල වතු කම්කරු තරුනයන් තිදනෙනෙකුට පොලිසිය අමානුශීකව ලෙස පහර දෙයි. පරැඩයිස් රූපගත කෙරුනු සමයෙහි ම සොරකමට වරකරු වු සිංහල රැදවියෙකු කදුරුගස්ආර එලිමහන් සිරකදවුරේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් ඝාතනය කෙරිනි . පශ්චාත් පරන පරික්ශනයට අනුව ,පොලු පහර වල් තුන්සයය ඉක්මවා ඔහුට වැදි ඇත. තට්ටම් යුගලෙහි මිලිමිටර් 450 සහ 500 බැගින් රුධිරය කැටිගැසී තිබින . මහ ජාතියට අයත් පීඩිතයෙකු බන්ධනාගාර නිලධාරීන් සැලකුවේ මේ අන්දමට නම් සුලුතර ජනවර්ග ගැන කියනුම කවරේද?
බ්‍රිතානය යටත්විජිත යුගයේ සිට වතු කම්කරු ප්‍රජාව අවම පහසුකම් පවා අහිමිව දිවි ගෙවන අතර සොරකම පුද්ගල දුර්ගුනයකට වඩා සමාජ ප්‍රපංචයක් බව චිත්‍රපටය හගවයි. සොරා මතු නොව සාජන් බන්ඩාර ( මහෙන්දු පෙරේරා) ද අරබුදග්‍රස්ත සමාජයේ නිර්මිතයකි . ඔහුගේ නිකුත් වන කුරිරු පා පහර ඔහුගේ ම ආත්මීය අර්බුදයේ ප්‍රකාශනයකි .ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය විසින් කීන සුනඛයෙකුලෙස පුරුදුපුහුනු කරන ලද ඔහු සැමවිමට ම හැසිරෙනුයේ මුලාදර්ශීය පොලිස් නිලධාරියෙකු ලෙසිනි සොරා ගත් භාන්ඩ ඉක්මනින් නොදෙන්නේ ඔහුගේ , නම් තමා ඉන්දීය මහකොමසාරිස් හට පැමිනිලි කරන බවට කේසව් කරන තර්ජනයෙන් සසල වන හෙතෙම ඉටියෙන් බැරි නම් මැටියෙන් සොරෙකු මැයිමෙහි නීච වෑයමක නිරත වෙයි .ඔහුගේ මුහුනෙ මස්පිඩු චලනය වන ආකාරයෙන් ම ඔහු සැරසෙනුයේ කුමකට දැයි පැහැදිලිය . මහේනද්‍ර පෙරේරා එය කුලුගන්වනුයේ සුවිශ්ශීට රංගනයක යෙදෙමිනි .මේ වනාහි ලෝක පරිමානව පීඩිත දුගීන් පොදුවේ මුහුන දෙන බිහිසුනු යථාර්ථයකි ඇමරිකාව තුල පවා කලු ජාතිකයන් මෙය නිතිපතා අත්විදින බවට පොලිස් දේහ කැමරා පට සාක්කි දරයි .
පහර කෑ තරුනයෙකු හුස්ම හිර වී රෝහල්ගත කෙරෙන අතර අම්රිනා ගිලන් ඇද පසුපස දිව යන්නීය .තරුනයා නිර්දෝශී විය හැකි බව ඇගේ යටසිත පවසතුදු ඒ වෙනුවෙන් දෘඩතරව පෙනී සිටිමට ඈ පැකිලෙන්නීය. තරුනය මිය යන අතර වරද පැටවෙනුයේ විදුලි බලය අනහිටිම මතය .මෙවර අම්රිනා අපි වගකිව යුතුනැද්ද? යි අසන නමුදු කිසිවෙකු එය මායිම් කරන්නේ නැත. එහෙත් වග විම පිලිබද එම වරදකාරී ආකල්පය සහෘදයාට සෘජුව ආමන්ත්‍රනය කරමින් ඔහුගේ හෘදය සාක්ශීයෙහි පත්ලට ම කිදා බසී. එම අපරාධය තමා ද වගකිව යුත නොවේ දැයි ඔහුට හැගේ .මක්නිසාද යත් මේ කුරිරු ජාරාජිර්න , දුශිත රාජ්‍ය පවත්වගෙන යෑමට ඔහු ද එක් හෝ තවත් ආකාරයකින් දායක වී ඇති බැවිනි .සතලිස් වසරක සිය සේවා පලපුරුද්ද ගැන පාරම්බාන සාජන් බන්ඩාරට සොරකම සිදු වු නිදන කාමරය සෝදිසි කිරිමට මතක් වනුයේ පසු අවස්ථාවකදීය . සොරකම ඇතුලේ වැඩක් හැටියට මෙවර නිගමනය කරන ඔහු ඉක්බිති ශ්‍රී සහ කෝකියා ඉක්බාල් ( අශර් සම්සුදීන් ) වෙත කඩා පනී. අහිංසක තරුනයාට අත් වු ඉරනමට තමා ද ගොදුරු වනු ඇතැයි තැති ගත් ශ්‍රී සිය රයිෆලය සාජන් වෙත එල්ල කරනුයේ ආතතියකට මගපාදමිනි . මේ අතර තරුනයාගේ මෘතදේහය දකින වතු කම්කරු ප්‍රජාව ප්‍රකුපිතව පොලිසීයට හා බංගලාවට පහර දෙන අතර කේසව් තුවාල ලද සාජන් බන්ඩාරගේ මැශින් තුවක්කුව රැගෙන ගල් ගසන ජනයා වෙත වෙඩි පිට වෙඩි මුදා හරී. මෙතතු දරාගත නොහෙන තැන ශ්‍රිගේ රයිෆලය ඩැහැගත් අම්රිතා සැමියා දෙසට වෙඩිල්ලක් යවන්නීය .
චිත්‍රපටය පිලිබදව දොඩමලු වන බහුතරය කලාත්මක සත්‍යයට බවට පෙරැලි ඇති බලගතු වෛශීසික යථාර්ථයට සමස්තයක් ලෙස ග්‍රහනය කර ගනු වෙනුවට අන්ධගජ න්‍යාය අනුව යමින් එය කැබලි කරන අයුරු පෙනී යයි .විඥානවාදීහු කෙසව්ගේ ක්‍රියාකලාපය හුදු අධ්‍යාත්මික අර්බුදයක් ලෙස දකිති . ඇතැම් ඉන්දීය සනමා විචාරකයෝ චිත්‍රපටය දර්ශනය හා මනේවිද්‍යාව පිලිබද පාඩමක් බවට සිදවුහ. ඇතැම් ස්ත්‍රීවාදීන් හට අම්රිනා විරාවක වන අතර තවෙටකකුට එසේ නොවේ .සිය සැමියාට හෝ පොලිසීයට බලපෑම් කොට ඇයට තරුනයා මරනයෙන් බේරාගත හැකිව තිබිනැයි මොව්හු කල්පනා කරති ! යම් හෙයකින් කලාතුරෙකින් සිදු විය හැකි එබදු සුවිශේෂයකට ඉඩ දුනි නම් කලාකෘතියෙහි අගය බිංදුවට වැටෙනු ඇත. චිත්‍රපට පිලිබදව කොළඹ පැවති සාකචිජාවකට සහභාගි වු වතුකර සමාජ ක්‍රියාධරයෙක් වතු කම්කරු සමාජ ක්‍රියධරයෙක් වතු කම්කරු වෙනුවට “මලෛයහ” ( කදුකර දෙමල ) යන ප්‍රජා නාමය ඔසොව තැබිය . මෑත දී ඉස්මතු වු මේ අනන්‍යතා දේශපාලනයෙහි විසකුරු අරමුන වනුයේ දිවයින පුරා විසිරී සිටින දෙමල හා සිංහල වතු කම්කරුවන් අතර භේදය වැපිරීමයි . මේ අතර” සාන්තුශ්ටිය” නැමති කාරනාවෙහි පවතින සාපේක්ශ බව හුවා දක්වමින් ඇතැම් පශ්චාත් නුතනවාදීහු චිත්‍රපටයෙහි සැබෑ අර්ථභාරය අපසරනය කරති. විමුක්තිය ලැබීම යනු මානසික කටයුත්තක් නොව ෙඑතිහාසික කර්තව්‍යකැයි මාක්ස් පැවසුයේ යම් සේ ද , එසේ ම , සන්තුශ්ටිය යනු ආත්ම කෙන්ද්‍රිය මස්තකප්‍රාප්තියක් නොව සාමුහික සාක්ශාත්කරනයකි . ප්‍රග්තන මානවයා භුක්ති වින්දේ බදා ගැනුම වෙනුවට බෙදාහදා ගැනුම මත පදනම් වු පොදු සතුටකි. එය සාපේක්ශ කේවල සංකල්පයක් බවට සිදුවන ලද්දේ , එකෙකුගේ සතුට අනෙකෙකුගේ අසතුට බවට පත් සමාජයකය . කේසව් -අම්රිනා යුවලට පරම සන්තුශ්ටියක් භක්ති විදීය හැක්කේ තමන්ගේ පරිබාහිර ලෝකය ද අවංක ම සතුටු වන කල්හි පමනි යන හැගිම සහෘදයා තුල දැනවිම ම අධ්‍යක්ශකවරයාගේ දේශපාලන සවිඥානකත්වය විදහාපාන අවස්ථාවකි .සමාජ විප්ලවයෙන් මෙපිට කම්කරු පන්තිය ඇතුලු පීඩිතයන් හා දුගීන් සතුටට පත් කල හැකි ද?
අවම දෙබසින් යුතු තිරනාටකය ( ප්‍රසන්න විතානගේ හා අනුශ්කා සේනානායක)කෙටි වුව අති ප්‍රබලය. එය කැමරා රූපරාමු- දුරස්ථ භුමිදර්ශන හා කුතුහලය දනවන සමීප රූප ඔස්සේ කථාව පැවසීමට අධ්‍යක්ෂකවරයා ඉඩහරී . සිනමා කව්‍යය පුරා භාවිතා වන නාදය ( soundcape) – කැලෑ හබ්ද ,මනුශ්‍ය කටහඩ ,වාහන හා යන්ත්‍ර හේකාර, වෙඩි හඩ, බැටන් පොලු හා යකඩ පොලු හඩ මතු නොව නිහඩතාව පවා ධ්වනිතාර්ථ නංවන අතර එයට තමන්ගේ ම ජිවිතයක් ඇත . කේ. ක්‍රිශ්න කුමාර්ගේ ආකර්ශනීය සංගීතය මුහුනු වල භාවලීලාව මෙන්ම රූපරාමුවල අරුත් ද තීව්‍ර කරයි .අවසානයේ ගැයෙන පසුබිම ගිය මගින් ශෝකාන්තය මුර්තිමත් කෙරේ . කැමරාකරු (රජිව් රවි) සංස්කරණය (ශ්‍රීකර් ප්‍රසාද් ) අලෝක පරිපාලක,වේශ නිරූපක ආදී සියලු ශිල්පිහු සිය උපරිම දායකත්වය ලබා දී ඇත.
අවසන් ජවනිකාව පිලිබද විවිධ මතපල වෙයි .කේසව්ට වෙඩි වැදුනේ කෙසේ ද? එය අත්වැරදීමක්ද? නැතිනම් එය හිතාමතා ගත් තිරණයක්ද? සැබවින්ම චිත්‍රපටයේ කූටප්‍රාප්තියට ඉවහල් වු මේ ප්‍රබල රූපරාමු සරනියෙහි ගැබ් වන අවිනිශ්චිතතාව සිතනමතන සහෘදයෙකු විසදාගත යුත්තේ කෙසේ ද? මුල දී නිර්දේශපාලනික වුව ඉතා සංවේදී මෙන්ම බුද්ධිමත් ස්ත්‍රියක ද වන අම්රිතා අවසානයේ දී කම්කරු පන්තිය සමග අනන්‍ය වන්නී සිය සිත්පිත් නැති සැමියාට නොහොත් ඔහුගෙන් සංකේතතවත් වන ජරාජිරන ධනවාදයට මාරක වෙඩි ප්‍රහාරයකින් සංග්‍රහ කලා මතු නොව එය අත්වැරැද්දක් බවට ඇන්ඩෘ දුන් කටඋත්තරය ප්‍රශ්න කිරීමට පවා නොපැලිලෙයි මේ අරුතින් ඇය වීරවරියකි .කේසව් කෙලෙස මියගිය ද, සමස්ත ශෝකාන්තය කුජිදු ධනේශ්වර පර්යායෙහි විපාකයක් බැව් පැහැදිලිය . ලංකාව නැමති දුර්වල ම පුරුකෙන් පුපුරා ගියේ ගෝලීය ආර්ථික අර්බුදයයි . එය ඌනාධික වසයෙන් දැනටත් මුලු ලොවට ම පොදු අත්දැකීමකි .චිත්‍රපටය පසුබිම වන සමයෙහි ඉන්දියාව තුල මත් දැවැන්ත ගොවි කැරලි පැන නැගි අතර වර්තමානයෙහි බංගලාදේශ සිසු අරගල ලෙයින් මැඩීමට එරට ධනපති ආන්ඩුව පියවර ගනිමින් තිබේ . ඉන්දියානුන් වන රොහාන් මැතිව්ට හා දර්ශන රාජේන්ද්‍රන්ට ප්‍රධාන චරිතද්වයට ආරූඩ වෙමින් සුවිශීශ්ට රංගනයක නියැලිමට ශක්තිය ලැබුනේ ද ජාත්‍යන්තර සිනමා ප්‍රජාව මේ උත්කෘශ්ට දෘශ්‍ය කාව්‍යය අගය කරන්ට පෙරට එනුයේ ද මෙකී මහා පොදු සාධකය හේතුවෙනි .
(අක්ෂර වින්‍යාසය ලියුම්කරුගේ කැමැත්ත පරිදිය )