පලස්තීනය සම්බන්ධව ආන්ඩුවේ දෙබිඩි පිළිවෙත හෙළි වෙයි -සජබ පාර්. මන්ත්‍රී මුජ්බර් රහුමාන්

අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ඔබතුමාගේ ආණ්ඩුව පෙනී සිටින්නේ ඊශ්‍රායලය වෙනුවෙන් නම් එක කෙලින්ම කියන්න. අපි දැන් ඉන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සමග කියලා. ඔබතුමාගේ දෙබිඩි පිළිවෙත දැන් හෙළිදරව් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
ආණ්ඩුවෙන් අපි අහනවා මොකක්ද? පලස්තීනය සම්බන්ධයෙන් තමුන්නාසේලාගේ ප්‍රතිපත්තිය කියලා. අපි සමග මහ පාරවල් වල කෑගහලා කිා ස්වාධීන පලස්තීන රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. එහෙම කියලා බලයට පැමිනි අනුර දිසානයක අද පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයට පක්ෂ කටයුතු කරන බව රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා එම අදහස් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට එරෙහිව ස්ටීකරයක් ඇලෙව්වා යැයි ත්‍රස්ත විමර්හන එකකය මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරන ඉෆාම් අහමඩ් වහා නිදහස් කරන්නැයි බල කර කොම්පඤ්ඤ විදීයේ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පෙබරවාරි (28) පැවති උද්ඝෝෂණයට සහභාගිවෙමින්ය.
මේ ආණ්ඩුව ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයට පක්ෂව කටයුතු කරන අයව තොරාගෙන තනි තනිව දඩයම් කරන්න පටන් අරගෙන තියේනවා. ඒ අයව අත්අඩංගුවට අරගෙන රැදවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරනවා. මොකක්ද හේතුව ඊශ්‍රාලයට එරෙහිව ස්ටීකරයක් ඇලෙව්ව නිසා යැයි මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
පෙබරවාරි 22 ක ෂෝපින් මෝල් එකක තරුණයෙක් පලස්තීනයට පක්ෂව කුනු බක්කියක ස්ටීකරයක් ඇලෙව්වා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමගේ ආණ්ඩුවේ ත්‍රස්ත විමර්ශන එකකය මගින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන රැදවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරනවා. එරාවුර්වල පලස්තීනයට පක්ෂව කවියක් ලිව්ව තරුණයෙක්ව පොලිස්යට ගෙනැල්ල කටඋත්තරයක් ගන්නවා .දකුණු පළාතේ තරුණයෙකු පලස්තිනයට පක්ෂව විඩියෝවක් හුමාරු කළා කියලා පොලසියට ගෙන්නලා කටඋත්තර ලබාගෙන. මාස තුනක් පමන වෙනවා එම තරුණයාගේ දුරකතනය පොලිසිය රදවා තබාගෙන දෙන්නේ නැහැ.
පොලිස් මුලස්ථානය ඉදිරිපිට මේ උද්ඝෝෂණය සංවිධානය කළ මිස්ලාල් මව්ලවිතුමාව ගෙදර ටී.අයි .ඩි. ,සී.සී.ඩි. සහ පොලිසියෙන් ඇවිල්ලා ගෙදර පරික්ෂා කරලා කටඋත්තර අරගෙන තියේනවා. අද මේ උද්ඝෝෂණයට මිස්ලාල්ට එන්න දුන්නේ නැහැ. කටඋත්තරයක් ගන්න තියේනවා කියලා අද උදේ ඉදලා සී.සී.ඩි. රදවාගෙන ඉන්නවා. මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමෝ ඔබ ගැන ලැජ්ජයි. ඔබතුමා විපක්ෂයේ ඉන්න කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වගේම පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කළා අප සමග මහ පාරේ සටන් කළා.
ඊශ්‍රායල්කාරයෝ මේ රටට සංචාරක විසා අරගෙන ඇවිල්ලා ව්‍යාපාර කරනවා. ආරුගම්බේ වෙන කාටවත් සර්වසින් කරන්න බැහැ. සම්පුර්ණයෙන්ම එම ව්‍යාපාරය ඊශ්‍රායල්කාරයෝ අයිති කරගෙන තියෙන්නේ. කොළඹ රෙඩ් සිනමන් එක ඉදිරිපිට ඊශ්‍රායල්කාරයෝ සංස්කෘතික මධ්‍යස්ථානයක් හදනවා .මම පාර්ලිමේන්තුවේදි අගමැති හරිනි අමරසුරියගෙන් විමසුවා මේ ගැන. ඇය පිළිගත්තා එම මධ්‍යස්ථානය හදන එක නීතිවිරෝධී වගේම රජයේ අනුමැතියක් නැහැ කියලා. අද වෙන කොට මාස 07 වෙනවා ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියා මාර්ගයක් නැහැ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය දාගෙන එම සංස්කෘතික මධ්‍යස්ථානය ආරක්ෂා කරනවා.
නලින්ද ද ජයතිස්ස මාධ්‍යවේදීන් අහුවාහම කියනවා අපි පලස්තීනය සමග කියලා ඒ නම් බම්බුවටද? පලස්තිනය වෙනුවෙන් කටයුතු කරන තරුණයන් අත්අඩංගුවට ගන්නේ. ඊශ්‍රායලයට එරෙහිව ස්ටීකරයක් ඇලෙව්වා කියන්නේ මොකක්ද අද ලෝකයේම ජනතාව අද ඊශ්‍රායලයේ මිලේජත්වයට එරෙහිව පාරට ඇවිල්ලා තියේනවා. අද වෙනකොට පලස්තීන ජාතිකයින් 50.000ක් ඝාතනය කරලා . එම 50.000යෙන් 20.000 ක් ළමුන්. ඊශ්‍රායලය ඇමරිකාාවඇතුළු බලවතුන්ගේ සහාය ඇතිව පලස්තීන ජාතියට එරෙහිව සිදු කරන සමුලඝාතනයට විරුද්ධව විදී වලට බැහැලා උද්ඝෝෂණය කරනවා. ත්‍රස්ත විමර්ශන එකකය මගින් අත්අඩංගුවට අරගෙන ඉන්න තරුණයා කළේ තමන්ගේ විරෝධය ස්ටීකරයක් මාර්ගයෙන් ප්‍රකාශයට පත් කිරීම. ඒ කොහොමද වරදක් වෙන්නේ. ජනාධිපතිතුමා ඔබතුමා ආරක්ෂ ඇමති මේකට උත්තර දිය යුතුයි.