පලස්තීන ජාතිකයෙකු ඝාතනයෙන් පසු ඊශ්‍රායල බටහිර ඉවුරේ ජෙනින් ගොඩනැගිල්ල පුපුරා යයි
ඊශ්‍රායල් හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ එකවර පිපිරීම් කිහිපයක් සිදු වි ඇති බවත් එම පිපුරුම් මගින් අවම වශයෙන් නිවාස 20 ක් විනාශ වී ඇත.
එම පිපිරිම සිදුව ඇත්තේ ඊශ්‍රායල හමුදාව විසින් 73 හැවිරිදි පලස්තින ජාතිකයෙකු ඝාතනය කිරිමේන පැය කීපයකට පසුව බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ රෝගී සහ තුවාල ලැබූ පලස්තීනුවන් හතළිස් හය දෙනෙකුට රාෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයෙන් පිටවීමට අවසර දී ඇත.
ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයට ගුවන් ප්‍රහාරයක් දියත් කර ඇති අතර එය මෝටර් රථයක් ඉලක්ක කර ගෙන අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකුට තුවාල සිදු කර ඇත.
තොරතුරු සහ ජායාරූපය අල්ජාසීරා වෙබ් අඩවියෙන්