ප්‍රදීප් මනෝකරන් පැහැර ගෙන ගොස් අද දින 28 යි පිළියන්දල පොලිසිය නිහඩයි

අවුරුදු 13 වයසැති මනෝකරන් ප්‍රදීප් පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් ඔහුගේ පියා වන කාලි මුත්තු මනෝකරන් පිළියන්දල පොලිිසියට මැයි 05 වනදා දමන ලද පැමිණිල්ලට අද දින 28 ක් ගත වි ඇති බවත් පිළියන්දල ‌පොලිසිය දරුවා සෙවීමට අවශ්‍ය පියවර නොගැනීම නිසා මනෝකරන් ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයා හමුවීමට ගිය අවස්ථාවේ සති දෙකකින් එන්නැයි ඔහු හරවා එවා ඇත.

මනෝකරන් සහකාර පොලිස් අධිකාරීවරය හමුවීමට ‌මුලින් ගොස් ඇත්තේ මැයි 21 වනදා වන අතර එහි දි ඔහු මනෝකරන්ගේ ප්‍රශ්නයට සාවධානව අසා සිට මැයි 27 වනදා පැමිණ තමාව හමුවන්නැයි පොලිස් අධිකාරීවරයා පවසා ඇති බවත් ඔහු මැයි 27 වනදා පොලිස් අධිකාරීවයා හමුවීමට ගිය අවස්ථාවේ සති දෙකකින් නැවත එන්නැයි දන්වා ඇත‍.

ප්‍රදිප්ව පැහැර ගෙන ගොස් ඇත්තේ මනෝකරන්ගේ දෙවන බිරිදගේ ඥාති අයිය කෙකෙකු වන කනසබේ තිලකේෂන් නැමැති පුද්ගලයා විසින් බව මනෝකරන් ලංකා ස්කයි නිවිස් සමග පැවසිය .

මනෝකරන් ප්‍රදීප්ව පැහැර ගත්තා යැයි සැකකරන පුද්ගලයා

මනෝකරන් කොත්තු බාස් කෙනෙකුවන ඔහු නො-73 වවන වත්ත මාම්පේ පි‍ළියන්දල යන ලිපිනයේ නැවති සිටින අතර මනෝකරන් මාතලේ සැලගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකි .

ප්‍රදීප්ව පැහැර ගත් මැයි 05 වන දා මනෝකරන් රැකියාව නිම වී රාත්‍රි 12 ට පම‍ණ පා පැදියකින් නැවත නිවස පැමිණෙමින් සිටියදී වවන වත්ත පරේ මග රැක සිටි පුුුුුුුුුද්ගලයෙකු පොලු පහරක් එල්ල කර ඇති බවත් එහි දී දිවි බේරාගත් මනෝකරන් ‌පිළියන්ද පොලිසියට ‌ගොස් මේ ගැන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි කළ පසු එම ස්ථානයට පැමිණ පොලිසිය පරික්ෂා කරද්දි , එම ස්ථානයේ තිබි පොල්ලක් ,පෙට්‍රිල් පිර වු ක‍ෑන් එකාක් , ගෝනි සහ දරුවාගේ පරණ ඇදුම් වගයක් ද සොයා ගෙන ඇත.

මනෝකරන්ට මහ මග දි පොල්ලකින් පහර දී මරා දමා පෙට්‍රිල් දමා ගිනි තැබිමේ සැලසුමක් තිබු බව හෙළිවේ. දරුවා පැහැර ගෙන යෑමේ සිද්ධියට මෙන් ඔහු ට පොල්ලකින් පහර දී මරා දමා ගිනි තැබීමට තැත් කිරීම ඇතුළු සිද්ධීන් දෙකටම ප්‍රදීප්ගේ පියා සැක කරන්නේ කනසබේ තිකේෂන්වය .

ඔහු පිළිබද සියලු තොරතුරු පොලිසිය වෙත මනෝකරන් බලා දී තිබියදීත් මනෝකරන් මේ පිළිබදව සොයා බැලිම සදහා පොලිසියට යන අවස්ථා වල දී පුතා ඉන්නවාදැයි පොලිස් නිලධාරින් මනෝකරන් ගෙන් විමසන බව ඔහු අප සමග පැවසීය .

මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති අත්තන ගමගේ අප විමසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ දරුවා සොයා ගැනිමට අව්‍යශ සියලුම තොරතුරු මඩකලපුව පොලිසියට යවා ඇති බවත් අවශ්‍ය වුවහොත් පොලිස් කිප දෙනෙක් මඩකලපුවට යවා සොයා ගැනීමට කටයුතු කරන බවත්ය. දරුවා මඩකලපුව බස් නැවතුම් පොලේ සිටිනවා දරුවාගේ පියගේ ඥතියෙකු දැක ඇති බව පැවසු ස්‍ථානාධිපතිවරයා ඔහු රැගෙන ගොස් ඇත්තේ මාමා කෙනෙකු බවත් කීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *