පාතාලයේ මුල රාජය අංශය තුළ වගේම අරාක්ෂක තුළටත් රිංගලා – කැබිනට් ප්‍රකාශක

පාතාලයේ මුල රාජය අංශය තුළ වගේම අරාක්ෂක තුළටත් රිංගලා - කැබිනට් ප්‍රකාශක

පාතාලය රාජය අංශයේ සැම තැනකම මුල් විහිදි ඇති බවත් ආරක්ෂක අංශ වගේම පොලිසිය අතුළටත් රිංගා ඇති බවත් අපට තිබෙන අභියෝගය මේ ජාලය සොයා ගැනීම බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පසුගිය කාළේ සිදු වු ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කිපයක්ම කඩිනමින් සහ නිසි ක්‍රමවේද යටතේ දියත් වන බව  කියන්න පුළුවන් බවත් . දැනට පාතාලයට සම්බන්ධ පොලිසියේ වැඩ කරන අය හමුදාවේ සිට ඉවත් වු අයගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සමහර අය අත්අඩංගුවටත් අරගෙන තිබෙන බවත් .විමර්ශන ප්‍රගතිය පිළිබද ඉදිරියේදී දැන ගන්න පුළුවන් බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු එසේ පැවැසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේනතුවේ ඊයේ (04) පෙරවරුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී ලංකා ස්කයි වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.

මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නය

මිද්දෙනියේ සිදු වු එම ඝාතනය සම්බන්ධයෙන්  සැකකරුවේ කිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියේනවා.නමුත් ඒ පිළිබදව නිසි විමර්ශන සිදු වෙන්නේ නැහැ කියලා අපට පෙනවා. මොකද මම ඒ ප්‍රදේශයට ගිහ්ල්ලා මිය ගිය අය ඥාතීනවත් මුහුණ ගැහුණා.  මිය ගිය කජ්ජා නැමත්තා මිට අවුරුදු කිපයකට පෙර කුඩු කිලෝ 38 ක් ඇඹිලිපිටිය පොලිසියට අල්ල දෙනවා . මේ කුඩු මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටාට අයත් කුඩු කියලා තමයි වාර්තා වෙන්නේ. ඇඹිලිපිටිය පොලිසියෙන් මේ කුඩු අල්ලපු වෙලාවේ පොලිස් විශේෂ කාර්යාල බලකායෙන් ඇවිල්ලා කජ්ජාව අත්අඩංගුවට ගන්නවා .එගොල්ලන්ට ඔත්තුව දුන්නේ නැහැ කියලා .මේ කුඩු කිලෝ 38 න් කිලෝ දෙකාක් නැති වෙනවා. පොලිස් විශේෂ කර්ය බලකාය මොහු අත්අඩංගුවට ගන්නේ නැති වුණු කුඩු කිලෝ 02 ක හොයා ගන්න.  නැති වුණු කුඩු කිලෝ දෙක දුන්නේ නැති නම් කජ්ජාව මරණවා කියලා පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුට තර්ජනය කළ වෝයිස් රේකෝඩර් තියෙන්වා . කජ්ජා එක්තරා යුටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී හෙළි කරනවා එම කිලෝ 38 අල්ල දුන්නේ ඔහු කියලා . ඉන් පස්සේ තම කජ්ජාවත් දරුවන් දෙදනාවත් මරා දමන්නේ .දරුවෝ දෙන්නාව ඉලක්ක කරලා ඔහුන්ගේ ඔලුවට වෙඩි තබලා තියෙනවා. රාජපක්ෂ පවුලට අයත් දේශපාලනඥයෙක් එම ඝාතන වලට සම්බන්ධ බවටත් චෝදනා එල්ල වෙලා තියෙනවා . මේ ඝාතනය ආදාළ විමර්ශන වල තත්වය මොන මට්ටමේ ද තියෙන්නේ සහ විමර්ශන සම්බන්ධයෙන් සැහීමකට පත් විය හැකි ද?

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්මෙසේ පැවසීය.

විමර්ශන ප්‍රගතිය පිළිබද ඉදිරියේදී දැන ගන්න පුළුවන්. දැ් ඒ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා .කවුරු හරි කියනවා නම් ඒ ප්‍රදේශයේ ජනතාවට තවත් තොරතුරු තියේනවා කියලා . කරුණා කරලා එම තොරතුරු පොලිසියට දෙන්න කියලා තමයි කියන්න වෙන්නේ . අපට අවශ්‍යතාවය තියෙන්නේ මේ සන්නද්ධ කල්ලි වල ක්‍රියාකාරීත්වය අඩපන කරන්න ඒ කල්ලි සමග ගැට ගැසිලා තියෙන දේශපාලන සම්බන්ධකම් සොයා ගන්න. ඒම කණ්ඩායම් සමග තිබෙන කළු සල්ලි සහ කුඩු ජාවාරම් සම්බන්ධව අනාවරණය කර ගන්න. නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඔබට පෙනවා ඇති   මේක හිතන තරම් සරල කාරණයක් නොවෙයි. තැනක වෙඩි තැබුවා වගේ එකාක් නොවෙයි. මේකට ලොකු නේට් වර්ක එකාක් තියෙන්වා. පාතාලයේ සමහර මුල් රාජ අංශයට රිංගලා තියෙනවා. ආරක්ෂ අංශ ඇතුළට පොලිසියට රිංගලා තියෙනවා . විමර්ශන සිදු කරමින් යනවා . මේ ජාලය සොයා ගන්න එක තමා අප තිබෙන අභියෝගය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *