පෙරටුගාමි සමාජවාදී පක්ෂය විජේවීර ඝාතනය ගැන ජනාධිපතිගෙන් විමර්ශනයක් ඉල්ලයි!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය ඇතුළු1988-89 කාල වකවානුවේදී සිදු වු මනුෂ්‍ය ඝාතන පිළිබදව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නොවැම්බර් (10) වැනිදා ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම උතුරු නැගෙනහිර යුද්ධයේ අග භාගයේ (2009) සිදු වු පැහැර ගැනීම් අතුරුදන් කිරිම් සහ ඝාතන පිළිබද පුර්ණ විමර්ශනයක් සිදුකර වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානයකට එම ලිපිය කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුනරත්නම් විසිනි.

දෙවන යෝජනාවට ආදළාව මීට පෙර ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පත්කර වාර්තා සකස් කර තිබු බවත් එහෙත් අද වන විට අවශ්‍ය වන්නේමෙම සිදුවිම පිළිබද සත්‍යය සමාජයට අනාවරණය කිරීම සහ යුක්තිය ඉටු කිරීම විනා කල්මරන කොමිෂන් සභා නොවන බවත් එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

තවද එ වැනි පුර්ණ විමර්ශනයක් සදහා අවශ්‍ය සහාය ලබාදීමට පොටුගාමි සමාජවාදී පක්ෂය සුදානම් බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *