පේරාදෙනියේ සිද්ධියට ආණ්ඩුව සම්බන්ධ නැහැ – ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස ආණ්ඩුව ආරක්ෂා කරනවා -ජනමාධ්‍ය ඇමති නලින් ජයතිස්ස

විවේචනය සහ සංවාද කරන්න තියෙන අයිතියට ආණ්ඩුව බාධා කර නැති බවත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් එය බරපතළ වරදක් බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස පවසයි.

ආණ්ඩුව මොනම හේතුවක් නිසාවත් ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතියට තහංචි නොදමන අතර එම අයිතිය ආරක්ෂා කරන බවත් විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ඇතුලේ එම අයිතිය ඉහලින්ම ක්‍රියාත්මක තැනක් බවත් සංවාදයට විසංවාදයට බාධා කරන මොනයම් හෝ ක්‍රියා මාර්ගයක් අනුමත නොකරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රව‍ාත්තී දෙපාර්මේන්තුවේ අද (07) සවස පැවති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය මගින් සංවිධානය කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අනුගහයෙන් පැවැත්වීමට නියමිතව තිබු ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන දේශනය එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් විසින් තහනම් කරනවා. එම දේශනය පැවැත්වීමට තිබුණේ ජනවාරි 03 වෙනිදා. දේශනය තහනම් කිරීමට උපකුලපතිවරයා හේතු වශයෙන් දක්වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කා කියලා. මේ තහනම පිටුපස පැහැදිලිවම ආණ්ඩුව සිටින බවට මත පල වෙලා තියෙනවා. අගමැති හරිනි අමරසුරිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව හරහා උපකුලපති ලව්වා කළා කියලත් චෝදනාවක් තියෙනවා . ආන්ඩුව එම සිද්ධියට සම්බන්ධ නැතිනම් උපකුලපතිවරයා කගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කළේ. ඔහුට එරෙහිව පරික්ෂණයක් පවත්වලා එහි සත්‍ය ආසත්‍යතාව මහජනයාට දැන ගන්න සලස්වන්නැයි ලංකා ස්කයි මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයකට පිළිතරු දෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *