පොලිස්පතිගේ ධුර කාලය අත්හිටු විම සහ මධ්‍යම පාන්තිකයන්ගේ ගොන් ආතල්

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ‌පොලිස්පති ධුුුුුරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝගයක් නිකුත් කර කළේය.

තෙන්නකොන්ව පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ දුෂණ විරෝධී පෙරමුන ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට ඇත.

පොලිස්පති ‌තෙන්නකොන් පොලිස්පති ධුරයේ වැඩ කටයුතු කිරිම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය මෙරට කම්තරු -පීඩිත මහජනයාගේ ජයග්‍රහනයක් ලෙස හුවා දැක්විමට ඊනියා සිවිල් බුද්ධිමත්හු උත්සහ කරති .හිස් වු පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ඔහුටත් වඩා නරුමයෙකු පත් කිරීමට නියමිතය. මෙරට මහජනයා විධායක ජනාධිපතිවරයෙකු පන්නා දැමුහ. එම හිස්වු ජනාධිපති ධුරයට කපටි වෘක්කයෙකු පත් විය. කම්කරු -පීඩිත මහජනයා ඔවුන්ගේ බලය පිළිබද උරගා බැලිමක් හැරෙන්නට හිටපු ගෝඨාභය රාජපක්ෂ පන්නා දමා ලැබු විමුක්තියක් නැත. නීති ප්‍රතිසංස්කරණ සහ පුද්ගලයන් මාරු කිරීමෙන් නීතිගරුක රට ගොඩනැගිය හැකි යැයි කම්කරු -පීඩිත මහජනයා පිළි පැන්විමේ කොන්ත්‍රාත්තුව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බාරගෙන ඇත. ලංකාවේ ඇතුලේ පමණක් නොව ලෝක පරිමානවත් ධනපති සමාජ ක්‍රමය තියනු අර්බුයකට මුහුණ දි සිටින තතු යටතේ ප්‍රතිසංස්කරන මගින් එම අර්බුය ජයගත හැකි යැයි මිත්‍යාව වපුරන්නෝ ප්‍රතිගාමියෝ වෙති . සමාජ සංවර්ධනය නැමති රියසක ආප්පසට කරකවන්නෝ වෙති .

පොලිස්පති තෙන්නකොන්ගේ ධුරයේ කටයුතු කිරීම අත්හිටු වන්නේ අධිකරණය සහ ව්‍යවස්ථාදායක අතර මෑ‍තක සිට හට ගෙන ඇති ශීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි .එහි වාසියක් මහජනයාට නැතුවා නොවෙයි. එය ජයග්‍රහනයක් ලෙස හුවා දක්වන්නේ ධනපති ක්‍රමය මගින් නන්නත්තාර කළ බංකොලොත් මධ්‍යම පාන්තිකයෝය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *