පොලිස්පතිට එරෙහිව ගොනු කළ නඩුවේ ලේඛන අස්ථාගත විම ගැන වාර්තාවක් කැදවන්නැයි මහාධිකරණය නියෝග කරයි

නීතිඥයා කියනවා නම් නඩුවට ලේඛන ගොනු කළා කියලා එය පිළිගත යුතු බවත් ලේඛන නඩු භා‍‍‍‍ණ්ඩ ගොඩට යවලා ද නැතිනම් මොකද වුණේ කියා කො‍ළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවක් කැදවන්නැයි කො‍ළඹ මහ අධිකරණ විනිසුරුවරයා අද (17) නියෝගයක් නිකුත් කළේය .

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂගේ මැරයෝ මැයි 09 වෙනිදා ගාලුමුවදොර අරගලයට පහර දෙද්ද‍ී ,පොලිස්පති දේශබන්දු තෙන්නකොන් රාජකාරී පැහැර හරිමින් මැරයන්ට සහයෝගය දුන්නා යැයි පොලිස් ආඥා පනත යටතේ ඔහුට එරෙහිව ‌කො‍ළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවේ ‌‌ලේඛන අමුණා නැතැයි එම නඩුව නිෂ්ප්‍රභා කිරීමට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුව අද(17) විභාගයට ගනිමින් මහාධිකර‍ණ විනිසුරුවයා එම නියෝගය නිකුත් කළේය .

මෙම නඩුවට අවශ්‍ය ලේඛන අමුණා නැතැයි එම නඩුව නිෂ්ප්‍රභා කර ඇත්තේ අලුත් කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් අමරසිංහ විනිසුරුවරයා විසිනි . ඔහු දැනට මහාධිකර‍ණ විනිසුරුවරයෙකු ලෙස සේවය කරයි .

නීතිපති ‌දෙපාර්මේන්තුව වෙනුවෙන් නීතිඥ පාලිත සුභසිංහ සහ පැමිණිල්ල වෙනුවෙන් න‍ීති‍ඥ අචලා සෙනෙවිරත්න පෙනි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *