පොලිස් කතට හිරිහැර කළ පොලිස් ලොක්කාගේ වැඩ තහනම් කරන්නැයි විරෝධතා

පොලිස් කතට හිරිහැර කළ පොලිස් ලොක්කාගේ වැඩ තහනම් කරන්නැයි විරෝධතා

පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා හිරිහැර කළ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කරන්නැයි ඉල්ලා අද (17) කොටුව පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ

පසුගිය දින කළුතර සිට පා ගමනින් ගොල්ෆේස් යැම සදහා පැමිණි කාන්තාවන් දෙදනෙක්ට බාධා කර , එම කාන්තාවන් දෙදනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ , එහි සිටි පොලිස් කාන්තාවන් ඉදිරියට නොපැමිණීයා යැයි ප්‍රකෝප වු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පොලිස් කාන්තාවන් බෙල්ලෙන් අල්ලා පොලිස් ජිප් රථය දෙසට තල්ලු කළේය .

සාමය සහ ජනතාවගේ ආරක්ෂාව සදහා පෙනි සිටිනවා යැයි කියන පොලිසිිියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් මහ ජනයා ඉදිරිපිට පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිර‍ිමේ සිද්ධිය සමාජ මාධ්‍ය සහ විද්‍යූත් මාධ්‍ය මගින් දැඩි කතා බාහාට ලක් කරන ලදි .

පොලිස් කතට හිරිහැර කළ පොලිස් ලොක්කාගේ වැඩ තහනම් කරන්නැයි විරෝධතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *