පොලිස් මිනීමරුවෝ ආරක්ෂා කරන්න හැදුවොත් ජනාධිපතිටත් වැඩ වරදින්න පුළුවන් !

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම දෙනා නීතිය ඉදිරියේ සමාන යැයි සදහන්ව තිබුනත් මේ රටේ සමාන්‍ය මහජනයාට එක නීතියකුත් බිලියන පතියන්ට සහ උන් ආරක්ෂා කරන මුර බල්ලන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන බව කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ ලේකම් සහ සිරකරු අයිතිවාසිකම් කමිටු සමාජික මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව දමා ඇති මානව හිමිකම් නඩු සහ අත්අඩංගුවට ගැන‍ීමේ නියෝග වලින් විශේෂ බලකායේ සෙබළුන් මුද්‍රහැර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීන් පසුගිය දා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට විරෝධය ඵල කරමින් විජේසුරිය එසේ අදහස් ඵල කළේය.

පාතාලය මර්දනය කරන මුවාවෙන් පුද්ගලයන් මරාදැමීම සහ වධහිංසා පැමිණිම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට එරෙහිව නඩු 17 ක් විභාග වෙමින් පවතින බවත් එම නඩු සදහා නිතිපතිවරයා හරහා නීති අධාර ලබා දෙන්නැයි ආරක්ෂ ප්‍රධානීන් ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා ඇති බවත් පාතාලය මර්දනය කිරීමට ගොස් ගොනු වන නඩු වලට සෙබළුන්ට පුද්ගලික වියදම් කිරීමට සිදු වුහොත් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලිමේ කටයුතු ඇනහිටිය හැකි බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී වරුණ ජයසුන්දර කර ඇති ප්‍රකාශය ආණ්ඩුවට අභියෝග කිරීමක් බවත් මාධ්‍යවේදී විජේසුරිය පෙන්වාදුන්නේය.

ඔහු එම අදහස් දැක් වුයේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව ආරක්ෂ ප්‍රධානීන් ජාතික ආරක්ෂක කම්ටුවේදී ජනාධිපති අනුර දිසානායකගෙන් කළ ඉල්ලීම තරයේ හෙළාදකිමින් ඔක්තෝම්බර් 20 බොරැල්ල ඇන්. ඇම් .පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ප්‍රව‍ෘත්ති සාකච්ජාවේ අදහස් දක්වමින්ය .

මාධ්‍යවේදී විජේසුරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම විවිධ අපරාධ කොට්ඨාශ පාතාලය ,මත්ද්‍රව්‍ය මර්දනය කරනවා කියලා පුද්ගලයන්ව අත්අඩංගුවට ගත්තා .සමහර පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන බල්ලෝ බළල්ලු වගේ මහ පාරේ මරා දැම්මා.

මොරගහහේන ප්‍රදේශයේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදනෙක් රාත්‍රියේ අත්අඩංගුවට අරගෙන ඔලුවට වෙඩි තබා මහ පාරේ මරා දාලා තිබුණා. මේ අපරාධය කරලා තිබුණේ දකුණු කොළඹ අපාරාධ කොට්ඨාශයේ නිලධාරීන්.

පාදුක්ක මිරියාගල්ල ප්‍රදේශයේ ගුවන් හමුදා රගර් කණ්ඩායමට අනුයුක්තව සේවය කළ දිලන්නක ලක්මාල් රාජපක්ෂව නැමති තරුණයාව පාන්දර ගෙදරින් පැහැරගෙන ගොස් මහා මග වෙඩි තබා මරා දාලා තිබුණා.  රාජපක්ෂට යතුරු පැදිය නතර කරන්නට අණ කර ඇති අතර පසුව රාජපක්ෂ පොලිසියට වෙඩි තැබිමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය අත්මාරක්ෂාවට වෙඩි තැබු බව පවසනවා.

ඇඹිලිපිටියේ පොඩි ඉන්දික හෙවත් ඉන්දික ප්‍රභාත් යුධ හමුදාවේ සේවය කළ දක්ෂ වෙඩික්කරුවෙක්. ඔහුට මංකොල්ල සිද්ධි කිපයක් සම්බන්ධයෙන් පමනක් චෝදනා එල්ල වෙලා තිබුණා . ඉන්දික ප්‍රභාත් දික්වැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සමග එකට ජිවත් වුණා. ඔහු එම කාන්තාව සමග යහපත් ජිවතයක් ගත කළා .ඔහුට මිනීමැරුම් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා තිබුණේ නැහැ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත්ව 2022.10 12 වෙනදා රාත්‍රියේ අත්අඩංගුවට අරගෙන 2022 ඔක්තෝම්බර් 13 ආයුධ පෙන්වන්න කියලා අහුන්ගල්ලට අරගෙන ගිහිල්ලා අමානුෂික ලෙස වෙඩි තබා මරා දමනවා. වෙඩි තියන්නේ නහයට උණ්ඩය තියෙන්නේ අක්මාවේ.

පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන්නේ බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩි. ජානක. මහේස්ත්‍රාත්තුමාට අපේ ගෞරවය පිරිනමනවා. කිසිදු බලපෑමකට යටත් වන්නේ නැතුව නඩු තින්දුව දෙනවා. ඔහුව නඩු තින්දුවේ සදහන් කරනවා චේතාන්විතව සිදු කළ මිනීමැරුමක් කියලා . ඉන්දික ප්‍රභාත් ඝාතනය කරන්නේ 2022 ඔක්තෝම්බර් වෙනිදා. නඩු තින්දුව දෙන්නේ 2024 ජුලි 07 වෙනිදා. අවුරුදු දෙකකට පස්සේ තමා තින්දුව දෙන්න‍ේ.

ඉන්දික ප්‍රභාත්ගේ මරණය පොලිස් නිලධාරීන් විසින් අත්මාරක්ෂාවට තැබු වෙඩි පහරකින් සිදු වු මරණයක් නොව හිතාමතා සිදු කළ මරණයක් බවත් ඔහුට වෙඩි තැබු පොලිස් පරික්ෂක දොන් ලක්ෂමන් අමරතුංග කොළඹගේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර මාස තුනක් ගතවි ඇතත් මේවන තෙක් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැහැ. කෙළඹගේලා වරුණ ජයසුන්දරලා අධිකරණය සමග සෙල්ලම් කරනවා.

කොළඹගේ බේර ගන්න නීතිපතිවරයා වගේම තවත් බොහෝ දෙනා මැදිහත් වෙලා තියෙනවා.

මේ නඩුවේ වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සහ නීතිඥ සංගමයේ සභාපති අනුර මැදගොඩ පෙනි සිටිනවා. ජනා‍ධිපති නීතිඥ අනුර මැදගොඩ සහ ඉන්දික ප්‍රභාත්ගේ ප්‍රේම්වතිය නාඔටුන්න ආචාරිගේ වත්සලා පියුම් පෙනි සිටියේ නැත්නම් ඉන්දික ප්‍රභාත්ගේ මරණයත් වැලිතලාවෙන් යටවෙලා යනවා. ඇගේ එඩිතරකම මෙන් ඉදිරිපත් විම ඉහලින්ම අගය කළ යුතුයි. මේ වැනි ඝාතන පසුගිය කළේ බොහෝමයක් සිද්ධ වුනා නමුත් ඉස්සරහට අරගෙන යන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් පියුමිට  මරණ තර්ජන, ගර්ජන සහ අපහාස මැද ඇය අධිෂ්‍ඨාන සහගතව ප්‍රභාත් වෙනුවෙන් පෙනි සිටියා.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගත්ත 2022 ඔක්තෝම්බර් 12 වනදා රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම සමග එම බලකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරත් පැමිණ සිටි බව පියුමි අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා තිබෙනවා. එතැන් සිට ඇය ඝාතනය කරන්න කිපවතාවක් උත්සහ කරනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සම්බන්ධ බවට පැම්ණිල්ලේ සාක්කි මගින් පැහැදිලිව ලෙස අනාවරණය නොවන අතර මේ අව්සථාවේ දී ඔහු පිළිබදව නියෝග නොකරමි. කෙසේ වෙතත් පසු අවස්ථාවක පවත්වනු ලබන විමර්ශන වලදී ඔහු  මේ සිද්ධියට සම්බන්ධ බව අනාවරණය වන්නේ නම් , ඒ සම්බන්ධව කටයුතු කිරීමට එම නියෝගය බාධාවක් නොවන බවත් මහේස්ත්‍රාත්වරයා නඩු තින්දුවේ සටහන් තබා ඇත.

ජයසුන්දරට එරෙහිව සාක්කි දුන්නා කියලා මහා පාන්දර පියුමිගේ ගෙදරට ඇවිල්ලා කුදලාගෙන යනවා. ඇය කුදලාගෙන යන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ලා අංශයෙන් අධිකරණයට අපහාස කළා කියලා පියුමි මහා පාන්දර ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන යන්නේ දික්වැල්ල පොලිසියට. ඇයට මරණ තර්ජන තිබුණ නිසා පියුමි හිටියේ වින්දිතයන්ගේ ආරක්ෂාව යටතේ. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඇයව කුදලාගෙන යන්නේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංවිධානයවත් දැනුවත් කරන්නේ නැතිව. පස්සේ පියුමිව බලපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනවා.

ඇය අධිකරණයට අපහාස කළා නම් ඊට එරෙහිව පියවර ගන්න ඔීනේ අධිකරණය. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ලා අංශය කොහොම ද කියන්නේ පියුමි අධිකරණයට අපහාස කළා කියලා . මහේස්ත්‍රාත්ගේ වැඩේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව කරන්න ගිහිල්ලා හත්පලේ උලාගෙන. ඇය අධිකරණයට අපහාස කරලා තියෙනවා ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ බලය තියෙන්නේ මහේස්ත්‍රාත්වරයාට. ඒ වැනි සිද්ධියක දී මහේස්ත්‍රාත් නියෝග කළොත් පමණයි පොලිසියට ආදා‍ල පුද්ගලයා අත්අඩංගුවට පුළුවන්.

වරුණ කොහොමද කියන්නේ පියුමි බොරු සාක්කි දුන්නා කියලා. එහෙම නම් මහේස්ත්‍රාත්වරු අවශ්‍ය නැහැ. වරුණ හැසිරෙන්නේ බලයෙන් උමතුවෙලා වගේ. එහෙම වැඩකරන්න ගිහිල්ලා තමයි වරුණලා කෙළවගෙන තියෙන්නේ.

පොලිස් අපරාධ කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකායත් සිදු කළ ඝාතන අතර ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනය සුවිශේෂී ඝාතනයක්.  ප්‍රභාත් පෙර සිය දෙනෙක් පමණ වෙඩි තබා පොලිසිය ඝාතනය කරලා තියෙනවා . නමුත් ප්‍රභාත්ගේ ඝාතනය පමණයි පොලිසිය හිතාමතා කළ ඝාතනයක් කියලා ඔප්පු කරගන්නට පුළුවන් වුණේ. මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ භුමිකාව ඉතා වැදගත්. මේ රටේ කම්කරු- පීඩිත මහජනයා ලබපු ජයග්‍රහනයක්.

ධනපති අධිකරණ පද්ධතිය වගේම නීතිය ගැනත් අපට බරපතළ ප්‍රශ්න තියෙනවා.  නමුත් ධනපති නීතියේ පරස්පරතා මෙන්ම නීතිඥයින්ගේ දක්ෂකම සහ මහේස්ත්‍රාත්වරුන්ගේ අපක්ෂපාතිකම නිසාම අහම්බයෙන් වුවත් සමහරක් නඩු අපට වාසි ගෙන දෙනවා.

ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ බලපිටියේ නීතිඥ අමතා බලපිටිය අධිකරණ භමීය තුළ හෝ අධිකරණ බල ප්‍රදේශය තුළ හෝ ඝාතනයක් සිදු වුවහොත් සියලුම පරික්ෂණ අවසන් වන තෙක් පොලිසියට සැකකරුවා අත්අඩංගුවට ගැනීමට ඉඩ දෙන්න එපා යැයි ඉල්ලීම්ක් කළා.

ඉන්දික ප්‍රභත්ගේ ඝාතකයා කොළඹගේ වහාම අත්අඩංගුවට ගන්නැයි අපි පොලිසියට බල කරනවා. සමාන්‍ය මනුෂයෙක් වරදක් කළාම පොලිසියෙන් ඇවිල්ලා කුදලාගෙන යනවා. ඒ මනුෂ්‍යයා නැත්නම් අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියක් හෝ රැගෙන යන පොලිසිය කොළඹගේව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරලත් අත්අඩංගුවට ගන්නේ නැහැ.

ඉන්දික ප්‍රභාත්ගේ නඩුව දවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩිපෙන්ඩර් දෙක තුනක් අධිකරණය වට කර ගන්නවා. විශේෂ කාර්ය බලකායේ සන්නාසන්නද්ධ යතුරු පැදි බලකාය බලපිටි අධිකරණය අවට සැරිසරන්නේ යුධ පිටියක් සැරිසරණ විධියට. ඔවුන්ගේ අරමුණ මහජනයා බියවැද්දිමටයි. කොළඹගේ කියන්නේ මේ රටේ ජනාධිපතිද?

සමන්ත ප්‍රීති කුමාර සහෝදරයාව කෑම එකාක් ගන්න නාරාහේන්පිට මැනිං වෙළද පොලට පැමිනි අවස්ථාවේ පැහැරගෙන ගිහිල්ලා අමානුෂික ලෙස පහර දීලා පැය කිපයක් ඇතුළත මරා දමනවා. ඔහුව මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පැහැර ගන්නේ සවස 03ට එදින රාත්‍රි 10 වෙන කොට ගහලා මරා දමනවා. මිනිස්සුන්ට එහෙම කරන්න මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයට බලය දුන්නේ කවුද? පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා ඒ පුද්ගලයාට දැන ගන්න අයිතියක් තියෙනවා. අත්අඩංගුවට ගත් බව එම පුද්ගලයගේ ඥාතීන්ට දැනුම් දිය යුතුයි‍.  අත්අඩංගුවට ගත් සිද්ධියට ආදළව සාක්කි තියෙනවා නම් ඒ පුද්ගලයාට එරෙහිව අධිකරණයක නඩු පැවරිය යුතුයි. සමන්ත ප්‍රීති කුමාරව මරලා තියෙන්නේ කොන්ත්‍රාත් එකකට කියලා අපට තොරුතුරු වාර්තාවෙලා තියෙනවා. අපි ඒ ගැන හෙළි කළා. මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි පසුව නියෝග කළා.

රාජ් කුමාරි කියන්නේ ගෘහ සේවිකාවක්. රාජගිරිය වැලිකඩ පොලිසිය මගින් රාජ් කුමාරිට අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දීලා මරා දමනවා. ලංකා ඉතිහාසයේ පලමු වතාවට පෙලිසියක් ඇතුලේ කාන්තාවක් පහර දීලා මරා දමන්නේ. ඇය අත්අඩංගුවට ගන්නේ මුද්දක් සොරා ගත්තා යැයි කියන සිද්ධියකට සැකපිට‍. රාජ් කුමාරි නෙත්තිකුමාරි කියන ධනවත් කාන්තාවගේ ගෙදර තමයි වැඩ කරලා තියෙන්නේ. රාජ් කුමාරි බොරැල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී තමා පොලිසිය ඇයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නෙත්තිකුමාරි පොලිසිය සමග බොරැල්ලේ නිවසට ගිහිල්ලා තිබෙන බවට සාක්කි වලින් අනාවරණය වෙලා තියෙනවා. නමුත් එම නඩුවට නෙත්තිකුමාරිව අත්අඩංගුවට ගන්නේ නැහැ. මොකාක් ද හේතුව ඇය ප්‍රභු කාන්තාවක් නිසා. කාන්තා අයිතීන් ගැන කාතා කරන කිසිම දේශපාලන පක්ෂයක් රාජ් කුමාරි වෙනුවෙන් කතා කළේ නැහැ. ඒ සියලුම දෙනා නිහඩව සහාය දැක්කුවේ ධනවත් නෙත්තිකුමාරිට.

මාකදුරේ මාදුෂ්ව මරා දමන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදී. මදුෂ්ව අත්අඩංගුවට ගන්නේ ඩුබායි පොලිසිය මගින්. මදුෂ්ව අත්අඩංගුවට ගත් බව රටත් ලෝකයත් දැනගෙන සිටියදී තමා මත්ද්‍රව්‍ය වගයක් බිස්නස් කරන මුවාවෙන් මාලාගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් මරා දමනවා. මදුෂ්ට වෙඩි  තියන්නේ රංගජිව කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා.

කොස්ගොඩ තාරකව ආයුධ පෙන්නන් කියලා අරගෙන ගිහිල්ලා මරා දැම්මා. තාරකව මරන්න අරගෙන යන කොට රදවා හිටියේ, බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ. බන්ධනාගාරයේ, පොලිසියේ , ගෙදර සිටියත් ආරක්ෂාවක් නැහැ කියන එකදැන් පැහැදිලි. බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ සහ සිරකරුවන්ගේ ජිවිත සුරක්ෂිත නැති බව මහර සහ වැලිකඩ සිද්ධි වලින් සනාථ වෙනවා. මහජනයාට මහජනයාගේම ආරක්ෂාව සලසා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මහජනයාගෙන් ඉලන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සදහා ක්‍රියාකාරී කමිටු ගොඩ නගන්න කියලා.

ඊනියා යුක්තිය මෙහෙයුම දියත් කරද්දී  මහජනයාගේ අරගල තලා දැමීම සදහා මෙහෙවන ක්‍රියාන්විතයක් යැයි හෙළි කරමින් ඊට එරෙහිව පාරට බැස්සේ කොළඹ ක්‍රියාකාරී කම්ටුව සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පක්ෂ පාතාලය මර්දනය කිරීමේ මුවාවෙන් ඊනියා යුක්තියේ මෙහෙයුමට සහයෝගය ඵල කළා.

උඹලාගේ නීතිය ක්‍රියාත්මක කපල්ලා.වරුණලාව ආරක්ෂා කරන්න හදන්න එපා. උන් මිනීමරුවෝ. විශේෂ කාර්ය බලකා සෙබළු පාතාල කණ්ඩායම් කිපයකට බෙදිලා ඉන්නේ. ජයසුන්දරට අද පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙවන්න බැරි වෙලා තියෙනවා. ජයසුන්දරලා කරන්දෙණිය සුදා පස්සේ එලෙව්වාට කොස්ගොඩ සුජි ගැන කතා කරන්නේ නැහැ.

රත්මලානේ අංජු රත්මලනේ රෝහා මරන්න පෑලියගොඩ අපරාධ එකකයට කෝටි 04 දිලා තියෙනවා. අංජු සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ හඩ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරණවා. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට අවශ්‍ය නම් මේ සොයා බලන්න පුළුවන්. අංජු සමග කතා කරන්නේ දේශබන්දු ද කියලා කට හඩ පරික්ෂණයක් හරහා තහවුරු කර ගත හැකි. පාතාලය මර්දනය කරන මුවාවෙන් සිදු කළ ඝාතන බහුතරයක් පොලිසිය කොන්ත්‍රාත් වලට කළ ඝාතන.

කොන්ත්‍රාත් කරපු මිනීමරුවන් ආරක්ෂා කරන්න එපා . මිනීමරුවන් ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා කටයුතු කළොත් තමුනාන්සේටත් වැඩ වරදින්න පුළුවන්. අපි හැමදාමත් මහජනයා වෙනුවෙන් මහ පාරේ අරගල කරපු  අය. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *