පොලිසියට එරෙහිව පනවා තිබෙන මානව හිමිකම් නඩු ඉල්ලා අස්කර ගන්නැයි කියන්න ජනාධිපති හෝ නීතිපතිට බලයක් නැහැ- රුකී ප්‍රනාන්දු

මුලික අයිතිවාසිකම් නඩු විභාග කරන්නට අවස්ථාවක් තිබිය යුතු බවත් ජනාධිපතිට හෝ නීතිපතිට හෝ එම නඩු වලට බාධා කළ නොහැකි බවත් ජනාධිපතිගේ සහ නීතිපතිගේ වගකිම වන්නේ නීතිය ඉෂ්ට කරගැනීමේ ක්‍රියා වලියට උදව් කිරීම හා ඊට අවශ්‍ය පරිසරය සකස් කර දීම බවත් ජනාධිපතිවරයෙකුගෙන් බලාපොරෝත්තු වන්නේ නඩු වැළැක්වීම නොවන බව මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකි ප්‍රනාන්දු  පවසයි.

ම‍ෑත ඉතිහාසයේ අපි දැක තිබෙනවා පොලිස්පතිවරුන්ට විශේෂයෙන් දේශබන්දු තෙන්නකොන් වැඩ බලන පොලිස්පති විධියට ඉන්නැද්දී, ඔහුට එරෙහිව නඩු තින්දුවක් දුන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව නඩු තින්දුවක් දුන් බවත් ඊට අමතරව හිටපු පොලිස්පති ජයසුන්දරට, හිටපු ආරක්ෂක ලේකම්ලාට සහ දේශපානඥයන්ට එරෙහිවත් ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු ලබා දී ඇති බව රුකි ප්‍රනාන්දු පෙන්වාදුන්නේය .

ඔහු එම අදහස් දැක්වුයේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බොරුල්ල ඇන් .එම්. පෙරේරා මධ්‍යස්ථානයේ කැදවු ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගිවෙමින්ය.

රුකි ප්‍රනාන්දු වැඩිදුර අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව පනවා ඇති නඩු 17 ගැන සදහන් වෙනවා. නඩු 12 මානවහිමිකම් නඩු වන අතර අනෙකුත් නඩු අපරාධ නඩු කියලා නිගමනය කරන්න පුළුවන්. මුලික අයිතිවාසිකම් නඩු ඉල්ලා අස් කර ගන්න කියලා ජනාධිපතිට හෝ නීතිපති කියන්න බැහැ. මම දන්න විධියට ජනාධිපති හෝ නීතිපති එහෙම ඉල්ලනවා නම් එක බරපතළ වැරැද්දක් .

නීතිපතිගේ භුමීකාව ගැන කතා කරන එක වැදගත් .විශේෂයෙන් මෙතැනදී මුලික අයිතිවාසිකම් නඩු ගැන ඉල්ලීමක් තියෙනවා. මුලික අයිතිවාසිකම් නඩු වලදී, පොලිසිය අය වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නැහැ කියලා අදෝනාවක් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරලා තිබුණා. නීතිපති පොලිසියේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටියොත් මානව හිමිකම් නඩු වලට මොකද වෙන්නේ . නීතිපති කියන්නේ මහජන මුදල් වලින් නඩත්තු වන මහජනයා වෙනුවෙන් පෙනී සිටින්න ඔ්න ආයතනයක්. නීතිපති යටතේ විශාල නිලධාරීන් පිරිසක් කටයුතු කරනවා. ඒ හැමෝම මහජන මුදල් වලින් නඩත්තු වන අය. ඒ අය පෙනී සිටින්න ඔ්නේ යුක්තිය සහ මහජනයා වෙනුවෙන්.

බොහෝ අවස්ථාවලදී මුලික අයිතිවාසිකම් නඩුවක් තිබෙන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ නඩුවකට ගියහොත්  මහාධිකරණයේ ඒ නඩු පවරන්න වෙන්නේ නීතිපතිටම තමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මුලික අයිතිවාසිකම් නඩුවකදී නීතිපති අපරාධයක් සම්බන්ධයෙන් යම් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් පෙනී සිටිනත් පුළුවන්.ඒ වගේම නීතිපතිට පොලිස් නිලධාරියෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන්නත් පුළුවන්. මේක යුක්තියේ මුලධර්ම අනුව කොහෙත්ම වෙන්න පුළුවන් කමක් නැහැ. එක පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් තියෙනවා .එකට ප්‍රධාන හේතුව නීතිපතිට මුලික අයිතිවාසිකම් නඩු වල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. විශේෂයෙන් ඝාතන ,වධහිංසා සහ අතුරුදන් කිරීම් වගේ දේවල් සම්බන්ධයෙන්.

ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට මුලික අයිතිවාසිකම් නඩු පැවරීමට ලබා දී තිබෙන අයිතිවාසිකම අපට ව්‍යවස්ථාවෙන් ලැබුණු අවස්ථාවක් .මුලික අයිතිවාසිකම් නඩු ඔ්න විධියට අයින් කරගන්න පුළුවන් නම් , එහෙම් කරන්න කියලා ඉල්ලන්න පුළුවන් නම් ව්‍යවස්ථාවෙන් අපට මුලික අයිතිවාසිකම් නඩු පැවරීම සදහා ලබා දී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නැහැ.

මුලික අයිතිවාසිකම් නඩු විභාග කිරිමේ හැකියාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය හැම වේලේම වගඋත්තරකරුවන්ට නීතිඥයින් මාර්ගයෙන් එගොල්ලන්ගේ අදහස් කියන්න අවස්ථාවක් ලබා දෙනවා. ලංකාවේ මේ වැනි නඩු ගොඩක් විභාග කරලා තියෙනවා . මේ මෑතකදී විභාග කළ නඩු වලදී තින්දු දිලා තිබෙනවා.

අපි අහන්නේ නඩු වලට බය ද කියලා. ඒ වගේ නඩු තින්දු ලැබේ වි කියලා. නඩු වලට බය නිසා තමයි නීතිවිරෝධී ක්‍රම වලින් නඩු ඉවත් කරගන්නට උත්සහ කරන්නේ.වැරැද්දක් කරලා නැත්නම් බය වෙන්න දේයක් නැහැ.

වැරැදි කරපු අය සහ වැරැදි කරපු අයව බේරගන්න උත්සහ කරන පාර්ශ්ව තමයි මුලික අයිතිවාසිකම් නඩු වලට බය වෙන්න ඔ්නේ.

පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ කියලා තියෙනවා, පොලිසියේ වෙන ඝාතන සම්බන්ධයෙන් දැඩි ලෙස හෙළා දැකලා තියෙනවා.ඒ වගේම එවා වළක්වා ගන්න පියවර ගන්න කියලත් කියලා තියෙනවා. 2023 වර්ෂයේ තින්දුවක් ලබා දුන්නා කොම්පඤ්ඤවිදිය පොලිසියේ අත්අඩංගුවේ සිටිය දී වෙච්ච ඝාතනයක් සම්බන්ධයෙන්. මේ ඝාතනය වෙන්නේ 2008 වර්ෂයේ . තින්දු දෙන්නේ 2023 නේ . ඒ වැනි ඝාතන තවමත් වෙනවා . පොලිසියට අවුරුදු 200 ක් වෙලත් තවම පොලිසියේ භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පොලිසියට බැරි වෙලා. මේක පොලිසියේ වෘත්තීය භාවය පිළිබද බරපතළ ප්‍රශ්නයක්

මත්ද්‍රව්‍ය වලට, අපරාධ වලට විරුද්ධව සොයා බැල‍ීම් සහ විමර්ශන කරන එක පොලිසියේ වගකිමක්. පොලිසිය නඩත්තු කරන්නේ මහජන මුදල් වලින්. අපි ඒක බලාපොරෝත්තු වෙනවා . හැබැයි එක කළ යුත්තේ නීතියේ ආධිපත්‍ය යටත්ව නීතිමය ප්‍රතිපදාන තුළයි.කැලේ නීතියට එගොල්ලන්ගේ හිතුමතේට අපරාධ වළක්වන්න කියලා මෙහෙයුම් කරන්න බැහැ. පොලිසියේ මෙහෙයුම් සිද්ධ වෙන්න ඔ්නේ නිත්‍යානුකුලව. නිත්‍යනුකුලව මෙහෙයුම් සිද්ධ වෙනවා කියන්නේ මානව හිමිකම් ආරක්ෂා වෙනවා කියන එක. මේ දෙකේ පරස්පරවිරෝධයක් නැහැ. සැකකරුවන්ගේ චුදිතයන්ගේ  මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙහෙයුම් කරන්න පුළුවන්. එක තමා පොලිසියේ තියෙන වෘත්තීභාවය කියන්නේ. මේක දෙක පරස්පරවිරෝධී දෙකාක් ලෙස හුවා දැක්විම ඉතා භායානකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *