පොලිසියත් අයිස් ගහයි

පොලිසියත් අයිස් ගහයි

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වල සේවය කරන තරුණ නිලධාරීන් මතුද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වි සිටින බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ප්‍රධානත්වයෙන් සිදු කරන ලද විමර්ශනයකදි හෙළි කරගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වු එම නිලධාරීන් ඉදිරියේදි වෛද්‍ය පරික්ෂණ වලට යොමු කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු නිලධාරීන් මෑත කාලයේ පොලිස් සේවයට පැමිණි අය බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

මොහුන්ගෙන් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වලට අනුයුක්තව රාජකාරී කරන පිරිසක් බවත් එම පිරිසෙන් වැඩි දෙනෙකුට ජාවාරම්කරුවන් සමග සමිප ඇසුරක් ඇති බව විමර්ශන වලින් දී අනාවරණය වි ඇත.

විවිධ විෂමාචාර සිද්ධි වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13ක් ද මත්දාව්‍ය සමඟ අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් 21ක්ද මත්දාව්‍ය වලට ඇබ්බැහි වු පොලිස් නිලධාරීන් 156 ක්ද මත්දාව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරීන් 130 ක්දපොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින බව පොලිස්පති සී.ඩී.ව්ක්‍රමරත්න ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්නට යවන ලද රහසිගත වාර්තාවේ සඳහන් කර ඇත.

වර්ෂ 2021 .11.01දින සිට 2021.10.31. දින දක්වා කාලය තුල පොලිස් නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධින් 283 ක්ද විවිධ විෂමාචාර සිද්ධ් වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 359 ක්ද වාර්තා වි ඇති අතර මෙය සමාන්‍ය තත්වය ඉක්මවා යෑමක් බව ද එම වාර්තාව මගින් වැඩඅදුරටත් අනාවරණය කෙරිණ.

පොලිස් දෙපාර්මේන්තුව ගුල්ලෝ ගහල යන සිරස් තලය යටතේ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය එම අනාවරණ සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *