පොලිසිය අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නො කරයි. නීතිපති පොලිස් ඝාතකයාට එරෙහි නඩුව ඉවත් කර ගනී.
ශාන්ත විජේසුරිය විසිනි.
පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ, පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ විභාග කිරීමට නියමිතව තිබූ අංක AR 2049 /22 නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10දා ප්‍රකාශ කළේය.
2022 ඔක්තෝම්බර් 12 වනදා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අමරතුංග විසින් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික වෙඩි තබා ඝාතනය කරන ලදී. හෙළිදරව් වී ඇති පරිදි, එදින විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු නාඔටුන්න ආරච්චිගේ පියුමිට ( බිරිය) අයත් කෝට්ටේගොඩ නිවසේ දී ඉන්දික අත්අඩංගුවට ගෙන, එතැන දී ම අමානුෂික ප්‍රහාරයකට ලක්කර “ආයුධ පෙන්වන්නට“ ය යි අහුංගල්ලට ගෙන ගියහ. අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ අහුන්ගල්ලේ RIU සංචාරක හෝටලය ඉදිරිපිටදී පුද්ගලයන් කිහිපදෙනෙකුට වෙඩි තැබුවේ ය යන බොරු චෝදනාව යටතේ ය.
ඉන්දික ප්‍රභාත් යුද හමුදා ඉජිනේරු බලකායේ හිටපු ලාන්ස් කොප්ප්රරල්වරයෙකි. ඔහු 2018 ට පෙර මංකොල්ල සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ මිනීමැරුම් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැත. ඔහු කිසිදු පාතාල කණ්ඩායමක් සමග සෘජුව සම්බන්ධ වී සිටි බවට හෝ කොන්ත්‍රාත් කළ බවට පොලිස් පොත්වල කිසිදු සටහනක් නොමැත. අහුන්ගල්ලේ සිදු කලා යැයි කියන ඝාතනවලට වග කිව යුතු පාර්ශව ඒ වන විටත් පොලිසිය දැන සිටියේ ය. එමෙන් ම ඔහුට එම ඝාතනවලට සම්බන්ධ පාතල කල්ලිවලින් තර්ජන එල්ල වී ඇත. අදාළ පාතාල කල්ලි පොලිසියේ සහයෝගය ලබන බව රහසක් නො වේ. මේ නිසා ඉන්දික මරා දමන ලද්දේ එම කල්ලියක කොන්ත්‍රාත්තුවක් අනුව ය යන සැකයට සාධාරණ හේතු තිබේ.
අහුංගල්ලේ දී ආයුධ සොයන්නට යයි ගෙන ගොස් අත්වල ඇගිල කඩා, දනහිස්වලට පොලුවලින් පහර දී වද දීමෙන් පසු ඉන්දික ඝාතනය කරනු ලැබ තිබිනි. ඔහුගේ මෘත ශරීරයේ අත්වල ඇගිලි කිහිපයක් ම හැලී තිබෙන අයුරු දක්නට ලැබිනි.
පොලිස් පරීක්ෂක කොළඹගේ සුපුරුදු ලෙස, උසාවියේ දී කියා සිටියේ අත්අඩංගුවේ සිටි පුද්ගලයා සගවා තිබූ ආයුධයකින් තමන්ට වෙඩි තැබීමට උත්සාහ කල නිසා ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තැබූ බව ය. නමුත්, මරණ පරික්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ අනෙකුත් සාක්ෂි අනුව මෙය චේතාන්විතව සිදු කළ මරණයක් බව බලපිටිය මහේස්ත්‍රාත්වරයා තින්දු කළේ ය.
ඒ අනුව ඔහු, පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට 2024 ජුලි 09 වන දා නියෝග කළේ ය. මෙම නියෝගය පොලිස් අධිකාරී විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ නැත. නඩු වාර කිහිපයක දී ම විත්තිකරු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය පලක් නො වී ය.
මේ අතර, කේ .ඒ. මහේෂ් ඉන්දික ප්‍රභාත් හෙවත් මරණකරුගේ නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නැති හෙයින්, එම නඩුව වසා තබන්නැයි නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්රාත්වරයාට ලිඛිතව දැනුම් දී තිබිනි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩී ජානක පෙරේරා, නොවැම්බර් 10 වනදා පැවති නඩු වාරයේ දී, නඩුව නැවත දෙසැම්බර් 10 විභායට ගන්නා බවත් එදිනට චූදිත නිලධාරියා උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් දැනුම් දුන්නේ ය.
නමුත් දෙසැම්බර් 10 දින නඩු වාරය වන විට මහේස්ත්‍රාත්වරයා අදහස වෙනස් කර ගෙන තිබිණි. නීතිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කර ආරවුල් ඇති කර ගැනීමට තමාට කිසිදු උවමනාවක් නැති නිසා නඩුව විභාගයට නො ගෙන අවසන් කිරීමට තිරණය කළ බවත් අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය නම් ඉහල අධිකරණයට යා හැකි බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පැවසී ය. මාස 5ක් තිස්සේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නො කල පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයට ගත හැකි පියවරක්ද නො වී ය. අධිකරණය තව දුරටත් පෙර පැවති සාපේක්ෂ ස්වාධීනත්වය පවා නැත. එය යුක්තිය ඉටු කරන ආයතනයක් ලෙස පවතීන්නේ ය යන්න මිත්‍යාවකි.
ජාතික ජන බලවේග ආන්ඩුවේ නීතිපති, මිනීමැරුමක් සම්බන්ධ කාරනයක දී, චූදිතයා තමන් එම ඝාතනය කළ බව පිළිගෙන තිබිය දී පවා, සාක්ෂි නැතැයි කලින් ම තීන්දු කර නඩුව විභාග කිරීම වලක්වයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමිම්, අතුරුදන් කිරීම් සහ අත්අඩංගුවට ගෙන වධ හිංසා පැමිණවීම් සම්බන්ධයෙන් නඩු 17 ක් විභාග වෙමින් පවති. මෙසේ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් අතරින් සහ වධහිංසා පුමුනු වන ලද පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් පමණි. වැඩි දෙනෙක් විශේෂ කාර්ය බලකාය සමග නඩු කීමෙන් ජිවත්ව සිටින අයටත් අනර්ථයක් වීමේ අනතුර හා වියදම් දැරීමට නොහැකි නිසා අසරනව සිටිති. ඉන්දික ප්‍රභාත් සිද්ධිය ඊට එක් සාක්ෂියක් පමණි.
ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුණ ජයන්සුන්දර පැමිණ සිටි බව සිය සාක්ෂියේ දී පියුමි ප්‍රකාශ කළා ය. පොලිසියේ ප්‍රතිචාරය වූයේ, කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ලය අංශය, ජයසුන්දරට එරෙහිව බොරු සාක්කි දුන්නා යැයි, 2024 සැප්තැම්බර් 03 වනදා පාන්දර ඇයගේ කෝට්ටේගොඩ නිවසට කඩා වැදි ඇය අත්අඩංගුට ගැනීම ය. ඇයට මරන තර්ජන එල්ල වුනි .වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරීය මගින් පියුමිට සැපයු ආරක්ෂාව බලපිටිය මහේස්ත්‍රාත්වරයා නඩුව වසා දැමීමත් සමග ඉවත් කර ගැනීමට යන බව වාර්තාවේ.
ජාජබ ආන්ඩුව බලයට එමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේ නීතිපතිවරයා මහර බන්ධනාගාර නඩුව වසා තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදානට නියෝග කළේය. කොවිඩ් වසංගත මුල් කර ගෙන මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්තාවය පාලනය කිරීමේ මුවවෙන් සිරකරුවන් 11 ට හිසට සහ පපුවට වෙඩි තබා ඝාතනය කරන ලදී. එම අපරාධය සිද්ධ කළ වුන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබියදී නීතිපතිවරය එම නඩු වසා දමන්නැයි නියෝග කර ඇත.
අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි.
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ රැදවියන් ඇතුළු 27 දෙනෙකු 2012 නොවැම්බර් 10 වනදා වෙඩි තබා ඝාතනය කරන ලදී. එම අපරාධය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් රංජන් ළමා හේවාට දඩුවම් කළ ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුව නිදොස් කොට නිදහස් කළේය. වැලිකඩ සමුහ ඝාතනය සහ සිරකරුවන් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මේවන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර අපරාධකරුවන් නොමැති සමුහ ඝාතනයකි.
මෙම ජායා රූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි.
ගම්පහ වැලිවේරියේ රතු පස්වල මහජනයා පිරිසිදු ජලය ඉල්ලා 2013 අගෝස්තු 10 වනදා පැවති උද්ඝෝෂණයට හමුදාවෙන් වෙඩි තබා උද්ඝෝෂකයන් තිදෙනෙකු මරා දැමු අතර හතලිස් පස්දෙනෙකුට (45) දෙනෙකුට බරපතළ තුවාල සිදු කෙරිණි. එම නඩුව විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් වීමට හැකියාවක් නැති නිසා විත්තිකරුවන් වන යුද හමුදා මේජර් ජනරාල්වරයා සහ හමුදා සෙබළුන් තිදෙනා සියලුම චෝදනා වලින් නිදහස් කොට නිදහස් කරන බව ගම්පහ මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු ප්‍රකාශයට පත් කරමින් පැවසුහ.
මෙම ජායා රූපය අන්තරජාලයෙන් ලබා ගත්තකි.
රතුපස් වල පිරිසිදු ජලය ඉල්ලා හේලිස් කොම්පැණිකාරයට එරෙහිව සටන් වැදුණු මහජනයාට ගිනි බිද තිදෙනෙකු මරා දමා හතලිස් පස්දනෙකුට තුවාල සිදු කර ඇතත්, අපරාධරකරුවන් නැත.
ජාජබ ආණ්ඩුව වික්‍රමසිංහ පිළිවෙතේ යමින් ඉන්දික ප්‍රභාත්ගේ නඩුව වසා දැමුණි.
ජාජබ ආණ්ඩුව නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන බවට පුනා පුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවකි. මින් පෙර එවන් සමානත්වයක් නොපැවතුනා මෙන්ම ජාජබයට සිදුව ඇත්තේ සෑම අතින්ම අසමානතාවය තීව්ර කිරීමය. එය දැනටමත් මහජනයා අනාරක්ෂිතභාවයට ඇද දමමින් පොලිස් මර්දනයේ යන්ත්‍රණය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටි.
ආරක්ෂක අංශ ප්‍රධානීහු, ජාතික ජන බලවේග ආණඩුව බලයට පත් විමෙන් අනතුරුව පැවති ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්විමේ දී, පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහි ව පවරා ඇති නඩු ඉවත් කර දෙන්නැයි ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියහ. දිසානයක මේ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපති පාලින්ද රණසිංහට උපදෙස් දුන්නේ ය. නීතිපති, ඉන්දික ප්‍රභාත්ගේ නඩුව වසා තබන්නැයි බලපිටිය මහේස්ත්‍රාත්ට නියෝග කළේ පසු දා ය.
ජාජබ ආණ්ඩුවේ මෙම පිළිවෙත පාලක පන්තියේ පැවැත්මේ අනිවාර්ය කොන්දේසි තුලින් ගලා අවුත් ඇත. එසේ වන්නේ, ආන්ඩුවට කිසිදු මහජන අවශ්‍යතාවක් ඉටු කිරීමේ කුමන හෝ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කල නො හැකි බැවිනි. ඒ වෙනුවට ධනපති පන්තියේ පැවැත්ම ආරක්ෂා කිරීම සදහා අධිරාජ්‍යවාදී සැලසුම්වලට සමස්ථ කම්කරු පන්තිය හා පීඩිතයින් යටත් කිරීම එය භාරගෙන ඇති වගකීමය.
ජාජබය සිය පක්ෂය ගොඩ නැගීමේ දී පොලිසියේ හා හමුදාවේ විශ්‍රාමික ප්‍රධානීන් සහ ඒ සමග ම ආරක්ෂක අංශයේ සැලකිය යුතු කන්ඩායමක් සමග මධ්‍යම පන්තියේ දක්ෂිනාංශික ව්‍යාපාරයක් පෙල ගස්වා ගත්තේ මෙම වග කීම කිරීමේ පරම චේතනාවෙනි. එහි අරමුන රට ගොඩ නැගීම හෙවත් ධනේශ්වර රාජ්‍ය කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අභියෝගයෙන් බේරා ගැනීම ය.
මෙම තතු තුල ආරක්ෂක නියෝජ්‍ය අමත්‍යවරයා ලෙස මේජර ජෙනරාල් ( විශ්‍රාමික) අරුණ ජයසේකර,. මහජන ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සේනවිරත්න වැන්නන් පත් කර ගැනීම සාමාන්‍ය තත්වයක් නො වේ.
ආන්ඩුවත් මහජනතාවත් මුහුන දී සිටින්නේ යල් පැන ගිය සමාජ ක්‍රමය පිළිබද ප්‍රශ්නයට ය. පාලක පන්තිය ඕනෑම විනාශයක් මගින් පන්ති පාලනය රැක ගැනීමට සූදානම් ය. එය පැරණි සහයෝගිතා දේශපාලනයට සමු දී ඇත. මේ
යටතේ කම්කරුවන්ට ගොවීන්ට හා තරුනයන්ට ධනපති රාජ්‍ය ආතනවලින් හෝ ඒවායේ නීතිවලින් ආරක්ෂාවක් නැති බව අවධාරනය කර ගත යුතු ය. ඒ වෙනුවට රාජ්‍ය ආරක්ෂක ආයතන පීඩිත මහජනතාව මත ක්ෂමා විරහිතව කඩා පැනීම නො නැවතී උත්සන්න වනු ඇත. තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුළය. ඒ සදහා කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීම අත්‍යවශ්‍යය ය.