රඹුක්කන පොලිසිය වෙඩි තබා මරා දැමු 42 හැවරදි චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (23) පවුලේ සුසාන භුමියේ දි සිදු කෙරේ .
ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය පෙරේදා ( 21) සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය බාර දෙන ලදී .
පසුගියදා රඹුක්කනදී ආණ්ඩුවට එරෙහිව මතු වු විරෝධතායට වෙඩි තබන්නැයි නියෝග කර ඇත්තේ ,කෑගල්ල ජේයෂ්ඨ පොලිස් අධිකාරී කේ .බී .කීර්තිරත්න බව ඊයේ (22) විවෘත අධිකරණය හමුවේ අනාවරණය විය .
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරන ලදී . එම නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන එකකයේ නිලධාරීන් ටී 56 යේ ගිනි අවි 04 කින් උණ්ඩ 35ක් භාවිතා කර ඇති බව එම කමිටුව අධිකරණය හමුවේ කියා සිටියේය .
සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ආතුළු 51ක් දෙනෙක් ගෙන් පොලිසිය ප්රකාශ සටහන් කර ඇති බව ද අධිකරණයට දැනුම් දෙන ලදී .