කොටහේන ද්විත්ව ඝාතනය ටී 56 යේ ගිනි අවියකින්, පොකුරු උණ්ඩ ක්‍රමය යොදාගෙන සිදු කළ බව -පොලිස් කොස්තාපල් පවසයි

කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දි වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රගාස් නිර්මානන්දන් සහ ලක්මාල් අශෝක යන මරණකරුවන් ඝාතනය කිරීමට ආදාළව පෙරේදා (21) කොළඹ අලුත් කඩේ අංක 06 අධිකරණයේ මහේස්ත්‍රාත් හමුවේ සාක්කි කැදවන ලදී.
එම ද්විත්ව ඝාතනයට ආදාළව අලුත් කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ බී / 34615/ 25 නඩු අංකය යටතේ විභාග වෙමින් පවති.
අනෙකුත් සාක්කි විමසීම පෙබරවාරි 25 වනදාට කල් දමන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහේස්ත්‍රාත් හමුවේ මෙසේ සාක්කි දෙන ලද්දේ නාගරික රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන අංක 1042254 දරණ පොලිස් කොස්තාපල් හේවාරත්නගමගේ හිම්ෂා විද්‍යාරත්න (27) කොටහේන පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන අංක 103324 දරණ පොලිස් කොස්තාපල් ආර්.ජේ.එම්.සී.ඒ.ආර්. ජයසුන්දර සහ කොටහේන පොලිසියේ දුෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන අංක 27771 දරණ දොන් ඉෂාර මදුෂංඛ යන වෙති.
පොලිස් කොස්තාපල් විද්‍යාරත්න (1042254) සාක්කි දෙමින් මෙසේ පැවසීය.
මම නාගරික රථ වාහන අංශයට අනුයුක්තවයි සේවය කරන්නේ. මමයි කොස්තාපල් හේමන්ත බණ්ඩාරයි කොටහේන ගල්පොත්ත මංසන්දියට රථ වාහනය හැසිරීම සදහා පැමිනෙමින් සිටියා. වෙඩි හඩ ඇසුණා. වෙඩි හඩ ඇසුනු පැත්තෙන් කළු ජැකට් ඇද ගත් යතුරු පැදියක නැගුණු දෙන්නෙක් වේගයෙන් ගමන් කරනවා දැක්කා .පස්සේ අපි ඔවුන් පසුපස යතුරු පැදියෙන් හඹා ගෙන ගියා. ඌරුගොඩවත්ත මංසන්දියේදිය අසලදී මම සැකකරුවන් ගමන් කළ යතුරු පැදියට පැන සැකකරුවන් දෙදනා අතර තිබු කළු පැහැති බෑගය උදුරා ගත්තා. පසුව යතුරුපැදිකරුව මගේ ග්‍රහණයට ගත්තා. පොලිස් යතුරු පැදිය පදවාගෙන ආ බණ්ඩාර යතුරු පැදිය බිම පෙරළා දමා සැකකරුවන් පදවාගෙන ආ යතුරු පැදියේ පිටුපස පැමිනි සකකරුව ග්‍රහණයට ගෙන තිබුණා. මේ අය පුද්ගලයෙක්ට වෙඩි තබා පලා යන දෙන්නෙක්. අල්ලා ගන්න උදව් කරන්නැයි මම එම ස්ථානයේ සිටි පිරිස් වලින් උදව් ඉල්ලුවා. සැකකරුවන්ගෙන් උදුරා ගත් බැග් එක පරික්ෂා කරද්දී , එහි ටී 56 ගිනි අවියක් තිබුණා. සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානයට කොටහේන පොලිසියේ සථානාධිපති පැමිනියා. ඔහුගේ උපදේස පරිදි සැකකරුවන්ව කොළඹ රථ වාහන අංශයේ කාර් රථයක නන්වාගෙන ගොස්, කොටහේන පොලිසියට භාර දුන්නා. නැවත රථවාහන හැසිරවිම සදහා ගල්පෙත්ත මංසන්දියට මමත් බණ්ඩාරත් ගියා..
කොටහේන දුෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල් මදුසංඛ (27771) සාක්කි දෙමින් මෙසේ පැවසිය.
පොලිස්පතිවරයා නියෝගය මත විශේෂ මෙහෙයුමක් 2025 පෙබරවාරි 21 සවස තිබෙන බව ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නා. පසුව ඒ සදහා කණ්ඩායම් හතරක් පිටත් වුණා. බන්ජියල් හන්දියේදි වෙඩි තැබිමක් ගැන දැන ගන්න ලැබුණා . පසු පොලිස් පරික්ෂක හේරත් මහතයාට කතා කරලා ස්ථානයට දැන ගත්තා . දැන ගත් විගසම අපි එම ස්ථානයට ගියා. වාහන තදබදයක් දකින්නට ලැබුණා. ජංගම දුරකතන අලෙවි සැල ඉදිරිපිට ලේ පැල්ලම් කිපයක් තිබුණා. අලෙවි සැලේ හිමිකරුට වෙඩි තබලා කියලා දැන ගත්තා. සැකකරුවන් යතුරු පැදියකින් මට්ටක්කුලිය දෙසට පලා යමින් සිටින බව දැන ගන්න ලැබුණා. පසු පොලිස් පරික්ෂක හේරත් මහතාගෙන් දැන ගන්න ලැබුණා ඌරුගොඩවත්ත දෙසට පලා යමින් සිටින බව. පස්සේ දැන ගන්න ලැබුණා සැකකරුවන් ඌරුගොඩවත්ත කලර් ලයිට් එක අසල දී අත්අඩංගුවට ගත් කියලා . අපි එම ස්ථානයට යන කොට සැකරුවන් දෙදනා පොලිස් ජංගම රථයේ පිටුපස් ආසනයේ වාඩි කර තිබුණා. පසුව ඔවුන්ව කොටහේන පොලිසියට රැගෙන ගියා. අපි කොටහේන පොලිසියට යන කොට සැකකරුවන්ව පොලිසියේ වාඩි වෙලා හිටියා. සැකකරුවන් ලග තිබි ටි 56 ගිනි අවියක් සොගෙන තිබුණා. පසුව සැකකරුවන්ව කොටහේන පොලිසියේ අපරාධ පරික්ෂණ අංශයට රැගෙන ගොස් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තා. ප්‍රකාශ සටහන් කර ගත්තේ පොලිස් පරික්ෂක හේරත් මහතා. ස්ථානාධිපතිතුමාත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න කිරිම් වලදි එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කළ අයෙක් බව හෙළි වුණා. අනෙක් සැකකරු කිඹුලා ඇළ ප්‍රදේශයේ පදිංචි, වෙඩි තැබිම සදහා යතුරු පැදිය පදවපු බව අනාවරණය වුණා. වෙඩි පුහුණු ලැබු පුද්ගලයෙක් සිටින නිසා ගිනි අවි සුදානමින් තබා ගන්නැයි ස්ථානාධිපතිවරයා අපට උපදේස් දුන්නා. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී, ආයුද සගවා තිබෙන බව හෙළි වුණා. ආයුද සගවා තියෙන්නේ කාකා දුපතේ බව සැකකරුවන් පැවසුවා . සැකකරුවන්ව පොලිස් ජිපි රථයක නංවා ගත්තා . ස්ථානාධිපතිතුම ඉදිරිපස වම්පස අසුනේ ඉදගෙන හිටියා . මම සැකකරුවන්ට දකුණු පසින් ජිප් රථයේ ඉද ගත්තා .පොලිස් පරික්ෂක හේරත් සැකකරුවන්ට වම් පසින් ජිප් රථයේ ඉදගත්තා . කොස්තාපල් ජයසුන්දර සහ කොස්තාපල් ලක්ෂිත වාහනයේ පිටු පස අසුන් වල වාඩි වුණා.
සැකකරුවන් හෙලි කළ තොරතුරු අනුව අපි මුලින් ගියේ කොටහේන පරමානන්ද විහාර මාවතට. එතැන ආයුද තිබුණේ නැහැ. පස්සේ බිලුමැන්ඩන් පොලිසිය ඉදිරිපිටට ගියා එතැනත් නැහැ. වටේ යවන්න හදන්නේ කල්පනාකාරීව ඉන්න කියා අපට ස්ථානාධිපතිතුමාගෙන් උපදේස් ලැබුණා. බිලුමැන්ඩන් වතුර ටැංකිය අසලට ගමන් කළා . ජිප් රථයේ හිටපු නිලධාරීන් දෙන්නා බැස්සා. ඊට පස්සේ අප සැකකරුවන් සමග බැස්සා. පොල් පැලයක් ලග ආයුද සගවලා තියෙනවා කියලා සැකකරුවන් පැවසුවා. එතැන පරික්ෂා කළා නමුත් ආයුද ලැබුණේ නැහැ. ඒ පොල් පැලය නොවෙයි මේ පොල් පැලය කියලා පෙන්නුවා . සැකකරුවන්ට දකුණු පසින් හේරත් මහත්තයාත් වම් පසින් මමත් ගමන් කළා . අනෙක් නිලධාරින් අපට පිටු පසින් ගමන් කළා. පිටු පසින් ගමන් කළ නිලධාරින් සිටියේ අපට මිටර් 02 ක් පමන දුරින්. දෙවැනි පොල් පැලය පරික්ෂා කරද්දි, කලබලයක් ඇති වුණා . ස්ථානාධිපතිතුමා කෑගැහුවා මගේ ආයුදය උදුරා ගත්තා කියලා. එත් එක්කම මගේ දකුනු කකුලටත් වෙඩි වැදුණා. වෙඩි ශබ්ද කිපයකුත් මට ඇහුණා. වෙඩි වැදිමත් සමග ක්ලාන්ත වුණා. මගේ ඇස් බොද වුණා. රෝහලට ඇතුළත් කළාට පස්සේ තමයි දැන ගත්තේ මට වෙඩි වැදිලා කියලා.මගේ කකුළ පණ නැති වුණා. මම කෑගැසුවා වෙඩි වැදුණා කියලා. ස්ථානාධිපති ආසන්නයේ හිටියේ පොලිස් පරික්ෂක හේරත් මහත්තයා. යුද හමුදවේ පුද්ගලයා ස්ථානාධිපතිගේ ආයුධය උදුරා ගත්තා කිව්වාහම මට මරණ බයක් ඇති වුණා. යුද හමුදාවේ සේවය කළ නිසා අවි ආයුද පරිහරණයක් තියෙන නිසා අපේ අවියත් අර ගෙන පලා යයි කියලා බයක් තිබුණා. ඇස් පිල්ලන් ගහනවා වගේ වේලාවක් ඇතුලේ තමයි සියල්ල සිද්ධ වුණේ. මගේ දකුණු කකුලේ කලව ප්‍රදේශයට වෙඩි වැදිලා තිබුණා. සාක්කි මෙහෙයු සහකාර පොලිස් අධිකාරී නලින් ජයසුන්දර කොළඹ ජාතික රෝහල මගින් නිකුත් කර තිබු වෛද්‍ය වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළා.
පොලිස් කොස්තාපල් ජයසුන්දර (1033214) අධිකරණයේ හමුවේ සාක්කි දෙමින් මෙසේ පැවසීය.
මාස 06 ක පුහුණුවකින් පස්සේ සේවය සදහා පැමිනි පලමු සේවා ස්ථානය කොටහේන පොලිසිය. අපරාධ අංශයට අනුයුක්තව තමා මම වැඩ කළේ. මට පැවරි තිබුණ රාජකාරිය වරෙන්තුකරුවන් පිළිබද සොයා බැලිම. 2025 මාර්තු 21 වන දින සවස පොලිස්පතිතුමගේ නියෝගයක් මත විවිධ අපරාධ සම්බන්ධ මෙහෙයුමකට යන්න තියෙනවා කියලා ස්ථානාධිපතිතුමා දැනුම් දුන්නා. හදිස්සි මාර්ග බාධක යොදා වාහන පරික්ෂා කිරීම සහ මරමස්ථාන පරික්ෂා කිරීම තමා අපට පැවරිලා තිබු රාජකාරී.මම මෙහෙයුමට සහභාගි වුණේ නිල ඇදුමෙන් ටී 56 ගිනි අවියක් සහ පතරෝම් 30ක් රැගෙන ගියා . පොලිස් කොස්තාපල් ලක්ෂිතත් ටි 56 ගිනි අවියක් රැගෙන මා සමග මෙහෙයුමට සහභාගි වුණා . අපි ගමන් ගත්තේ සීටිඑම් 1819 අංකය දරණ ජිප් රථයෙන්. අපි ආමර් විදිය , කොටහේනවත්ත ප්‍රදේශ වල සංචාරය කළා. පොලිස් පරික්ෂක හේරත් මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා කොටහේන පොලිස් බල ප්‍රදේශය තුළ වෙඩි තැබීමක් වෙලා කියලා. ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි එම ස්ථානයට ගියා. එම ස්ථානයේ මිනිස්සු රැස් වෙලා හිටියා. වාහන තදබදයකුත් තිබුණා. දුරකතන අලෙවි සැල අසල ලේ පැල්ලම් කිපයක් තියෙනවා දැක්කා. ඒ අවට සෙනග පිරිලා හිටියා. වෙඩි වැදුනු අයෙක් හිටියේ නැහැ. වෙඩි වැදුනු පුද්ගලයා රෝහලට අරගෙන ගිහිල්ලා තිබුණා. ස්ථානාධිපතිතුමා කිව්වා සැකකරුවන් ආමර් විදිය පැත්තට ගිහිල්ලා කියලා. ස්ථානාධිපතිතුමා කිව්වා අපි ඒ පැත්තට යමු කියලා. අපි මට්ටක්කුලීය පැත්තෙන් වත්තල පැත්තට ගියා ඔහු කොටහේන පොලිසියට ඇවිල්ලා සතියක් වත් නැහැ. පොලිස් පරික්ෂක හේරත් මහත්තයා පැවසුවා සැකකරුවන්ව ඌරුගොඩවත්තේදි අල්ලලා කියලා. අපි ඌරුගොඩවත්තට ගිය .අපි එතැනට යන කොට සෙනග පිරිලා හිටියා .සමහරු සැකකරුවන්ව විඩියෝ කළා. රථ වාහන අංශයේ නිලධාරිනුත් ඇවිල්ලා හිටියා.
අතපය ගැටගහපු පුද්ගලයන් දෙන්නෙක් පොලිස් ජංගම රථයේ ඇතුලේ වාඩි වෙලා හිටියා. අපි නැවත පොලිසියට යන කොට රාත්‍රි 09 පමන ඇති. සැකකරුවන් පොලිසියේ වාඩි කරලා තිබුණා. කළු පාට බැග් එකේ ටී56 යේ ගිනි අවියක් තියෙනවා දැක්කා.
ස්ථානාධිපතිතුමා සැකකරුවන් අපරාධ පරික්ෂණ රැගෙන ගොස් ප්‍රශ්න කළා. යුද හමුදාවේ සේවය කළ අයෙක් සිටින බව දැන ගත්තා. අනිත් සැකකරු කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලා ප්‍රශ්න කරද්දි ඇහුණා. ප්‍රශ්න කරද්දි, ආයුද සගවා තිබෙන බව හෙළි වුණා. ඒ අවස්ථාවේ අපරාධ අංශයේ පොලිස් පරික්ෂක හේරත් මහත්තයා ,ලක්ෂිත සහ මදුරංග හිටියා. ස්ථානාධිපතිතුමා පැවසුවා සැකකරුවන් කාකා දුපතේ සගවා තියෙන ආයුද ගෙන්න යන්න ඔ්නේ කියලා . ඒ අනුව ස්ථානාධිපතිතුමා උපදෙස් දුන්නා යුද හමුදාවේ සේවය කළ සැකකරුගේ වම් අතටත් අනෙක් සැකකරුගේ දකුණු අතටත් මාංචු දාන්න කියලා. ස්ථානාධිපතිතුමා සැකකරුවන් මට සහ ලක්ෂිත බාර දුන්නා. අපි දෙන්නා ටී 56 ගිනි අවි දෙකාක් සහ විදුලි පන්දමක් රැගෙන ගියා. අපි සීඑම්ආර් 1814 ජිප් රථයෙන් සැකකරුවන් නන්වාගෙන රැගෙන යන කොට රාත්‍රි 11 ට පමන ඇති. සැකකරුවන්ගේ දකුණු පැත්තෙන් පොලිස් පරික්ෂක හේරත් මහත්තයාත් වම් පසින් කොස්තාපල් මදුසංඛත් වාඩි වෙලා හිටියා. ස්ථානාධිපතිතුමා වාහනයේ ඉදිරි පෙල වම් පැත්තෙන් ඉදගෙන හිටියා.මමත් ලක්ෂිතත් සැකකරුවන්ට පිටු පසින් ජිප් රථයේ වාඩිවෙලා ගමන් කළා.
සකකරුවන් ප්‍රකාශ කළ පරිදි වාහනය කොටහේන පරමානන්ද මාවත ගියා. පස්සේ බිලුමැන්ඩන් ප්‍රදේශයේ පිට්ටනියක් ලගටත් ගියා. පිට්ටනිය තියෙන්නේ බිලුමැන්ඩන් පොලිසිය ඉදිරිපිට. එතැන තිබුණේ නැහැ. අපිව වටේ යවන්න හදන්නේ අවි සුදානම් කර තබා ගන්නැයි ස්ථානාධිපතිතුමා අපට උපදේස දුන්නා. පස්සේ කාකා දුපතට ගියා. මුලින්ම මමයි ලක්ෂිතයි බැස්සා. ස්ථානාධිපතිතුමා සැකකරවන් අරගෙන බැස්සා. සැකකරුවන් පොල් පැළයක් පෙන්නලා කිව්වා ආයුද එතැන සගවලා තියෙනවා කියලා . පොල් පැළය පරික්ෂා කරද්දී මමයි ලක්ෂිතයි හිටියේ සැකකරුවන්ට මීටර් 60ක් පමන ඇතින් .පොල් පැළය ලග පරික්ෂා කරද්දී, ස්ථානාධිපතිතුමා කෑගහලා කිව්වා මගේ ගිනි අවිය උදුරා ගත්තා කියලා .එත් සමග වෙඩි හඩකුත් අසුණා. මදුසංඛ කෑගැහුවා මට වෙඩි වැදුණා කියලා. ජායාවෙන් වගේ දැක්කා සැකකරු මගේ පැත්තට හැරේනවා. මම අවිය සැකකරුට එල්ල කළා. මට බයක් ඇති වුණා සැකකරු මට වෙඩි තියයි කියලා. මම හිටියේ සැකකරුට මිටර් දෙකාක් ඇතින්. හේරත් මහතයා සහ අනිකුත් නිලධාරින් සැකකරුවන් බිම වැටි ඉන්නවා දැක්කා. මදුසංඛ වෙඩි වැදිලා බිම වැටිලා හිටියා. මා අත තිබු ගිනි අවියෙන් බයටත් එක්ක පිට වෙලා තියෙන්නේ පොකුරු උණ්ඩ. තුවාලකරුවන් ඉක්මනින් රෝහල් ගත කරන්න කියලා ස්ථානාධිපතිවරයා කෑගැසුවා. පසුව මම සැකකරුවන්ට වෙඩි තැබු ගිනි අවිය මට්ටක්කුලිය පොලිසියට භාර දුන්නා.
ටී 56යේ ගිනි අවියෙන් පොකුරු උණ්ඩ පිටවෙන්නේ පාලනයකින් තොරවද? එය පාලනය කළ හැකි දැයි මරණකරුවන්ගේ අයිතිවවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා සාක්කිකරුගෙන් විමසීය
පිළිතුර – පතරෝම් එක එක යවන්නත් පුළුවන්, උණ්ඩ පොකුර වශයෙන් යවන්නත් පුළුවන්. පලමු තට්ටුව දැම්මාට පස්සේ පතරෝම් එක බැගින් පිට වෙනවා. දෙවන තට්ටුවට දැම්මාට පස්සේ පතරෝම් 30 ම පිට වෙනවා. පතරොම් පිටවීම පාලනය කරන්න පුළුවන්.