පොලිසීය ජොන් බයිඩන්ගේ සහ බෙන්ජමින් නෙතනයානුගේ ජයාරූප වලට ගිනි තැබුවා යැයි 05 ක් අත්අඩංගුවට ගනී

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය ඇතිව ඊශ්‍රායලය ලගස්තීනයට එරෙහිව ගෙන යන වගර් සංහාරක යුද්ධය වහා නතර කරන්නැයි බල කර‌ කොළඹ කොල්ලුපිටිය ශ්‍රී ලංකා ඇමරිකන් තනාපති කාර්යාලය ඉදිරිපිට අද (24) සවස විරෝධකා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංඩිධානය කරන ලද්දේ ජන අරගල ව්‍යාපාරය මගින්ය .

සැලකිය යුතු පිරසක් එම විරෝධතා උද්ඝෝෂණය සදහා සහභාගි වී සිටි අතර එමවිරෝතාකරුවන් සටන් පාඨ කියමින් අධිරාජ්‍යවාදීන්ට විරෝධය ඵල කරමින් සටන් පාඨ සහිග පුවරු ඔසවාගත් උද්ඝෝෂකයෝ ි විරෝධතාවයේ නිරත වුහ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් මිය 5000ක් ඉක්ම වු දරුවන් සිිිිිිහිපත් කිරීම සදහා ඔවුන්ගේ අනුරු ඹසවාගත් උද්ඝෝෂකයෝ සටන් පාඨ කියමින් ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන්ට විරෝධය පළ කළහ.

සමහර උද්ඝෝෂකයින් ඊශ්‍රායල අගමැති බෙජමින් තෙනයානුගේ සහ ඇමරිකන් ජනාධිපති ජෝන් බයිඩන්ගේ ජායාරූප බිම දමා පාගා විරෝධය දැක් වු අතර බයිඩන්ගේ ජායාරූපයක් ගිනි තබා විනාශ කළහ . බයිඩන්ගේ පිංතුරයට ගිනි තබද්දි පොලිසිය එය නිවා දැමීමට උත්සහ කරද්දී ‌පොලිසීය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්වයක් ඇති විණ .

ඇමරිකන් ජනාධිපති බයිඩන්ගේ සහ බෙජමින් නෙතනයානුගේ ජායාරූපයට ගිනිතැබු වා යැයි උද්‌ඝෝෂකයින් දෙදනෙකු මුල දී අත්අඩංගුවට ගත් පොලිසීය පසු තවත් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් බැලීම සදහා ‌කොල්ලුපිටිය පොලිසීයට ගිය පෙරටුගාමී පක්ෂයේ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන කුරුවිට සහෝදරයා අත්අඩංගුවට ගත්තේය .

උද්ඝෝෂකින් බයිඩන්ගේ සහ සහ නෙතනයානුගේ ජායාරූප වලට ගිනි තැබුව ද ඔවුන් පොදු දේපල වලට හානි කළේ නැත. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටු බලය ඇතිව ්‍ර ඊශ්‍රායලය ගෙන යක යුද්ධය නතර කරන්නැයි උද්ඝෝෂකයෝ ඇමරිකාවෙන් ඉල්ලා සිටියහ . එම උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගත්තේ කුමන නීතියක් යටතේ යන්න පුරවැසියෙකු විධියට දැන ගන්නට කැමතිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *