පොලිසීය සිංහල අන්තවාදීන් සමග 83 කළු ජුලි සැමරුම කඩාකප්පල් කරති
දෙමළ ජන සංහාරය අමතක නොකරමු යැයි 83 නේ කළු ජුලියට අවුරුදු 40 ක් පිරීම සිහිපත් කිරීම සදහා බොරැල්ල කනත්ත හන්දීයේ අද (23) පස්වරුවේ පැවති සැමරුම කඩාකප්පල් කිරීමට එහි කඩාවැදුණු සිංහල අන්තවාදීන් පිරිසක් උත්සහ කළහ.
මෙම සැමරුම සංවිධානය කර තිබුණේ උතුරු – දකුණ සහෝදරත්වය නම් සංවිධානයක් මගින්ය .
ආණ්ඩුව සැමරුම වැළැක්වීම සදහා හමුදාවේ සන්නාසන්නද්ධ සෙබළුන් සහ පොලිසිය හා කැරැළි මර්දන පොලිසීය ද කැදවා තිබුණි .
දෙමළ ජන සංහාරය අමතක නොකරමු යන බැනරය ප්‍රදර්ශනය කිරීමත් සමග එම ස්ථානයට කඩා වැදුණු සිංහල රාවයේ අන්තවාදීන් පිරිසක් එම සැමරුම කඩාකප්පල් කිරීමට උත්සහ දැරූහ .
පොලිසිය එම කඩාකප්පල්කාරීන් ඉවත් කරනවා වෙනුවට ඔවුන්ට ද කතා කිරීමට අයිතියක් ඇතැයි කඩාකප්පල්කාරීන් දිරිමත් කළේය .
සිංහල රාවයේ අන්තවාදීන්ගේ සහ පොලිසීයේ බාධා මැද සැමරුම්කරුවන් ඉටිපහන් දල්වා දකුණේ සිංහල පාලකයින්ගේ මග පෙන්වීම යටතේ සිංහල අන්තවාදීන් විසින් මරා දමන ලද දෙමළ ජනයා සැමරුහ .