පො.අධිකාරී කුරේ නිදහස් වෙනවාට රාජපක්ෂලා භයයි – සුදේශ් නන්දිමාල්

The Colombo High Court Judge ordered the Attorney General today (13) to hand over the charge sheets to former Police Director Lakshman Koore.

ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ගේ නිදහස් විම ගැන භය වි ඇත්තේ රාජපක්ෂලා බවත් ඔහුව නැවත බන්ධානාගාරගත කිරීම පිටුපස රාජපක්ෂලා සිටිනවා දැයි බරපතළ සැකයක් ඇතැයි සිරකරුවන් නිදහස් කිරීමේ එකමුතුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසයි.

කුරේ ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන අවුරුදු 14 කට වැඩි කාලයක් රඳවාගෙන සිටි බවත් සැතැම්බර් 01 වනදා ගම්පහ මහාධිකරණය මගින් ඔහුව නිදෝස් කොට නිදහස් කර තිබියදීත් කුරේව නැවත බන්ධනාගාර කිරීම නීති විරෝධී බව නන්දිමාල් පෙන්වාදුන්නේය.

අධිකරණය මගින් නිදහස් කළ කුරේව නැවත බන්ධනාගාරගත කරන්නැයි රැදවුම් නියෝග නිකුත් කිරීමට රේජිස්ටාර්වරයෙකුට බලයක් නැතැයි ප්‍රශ්න කළ නන්දමාල් රැදවුම් නියෝග නිකුත් කළ හැක්කේ විනිසුරුවරයෙකුට පමනක් බව පැවැසීය .

නන්දිමාල් එසේ පැවැසුවේ අද (07) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය .

ත්‍රස්තවාදී පනත අහෝසී කරන්න කියලා , සිරකරුවෝ උපවාසයක් ආරම්භ කරලා.

උපවාස යෙදිලා ඉන්න සිරකරුවන් අවුරුදු 03 වැඩි අවුරුදු 14 ක කාලයක් බන්ධනාගාරගතව සිටි අය දිර්ඝ කාලයක් බන්ධනාගාරගව ඉදල නිදහස් වන සිරකරුන්ට ආණ්ඩුව නැවැත නඩු පවරනවා.

නිදහස් වුණාට පස්සේ මේ ආකාරයට නඩු පැවැරු 09 ක් සිටිනවා. ඔවුන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ලබන 13 ලබා දෙනවා කියලා දැන ගන්න ලැබුණා .

ආසන්නම සිද්ධිය පොලිස් අධිකාරී කුරේව අධිකරණයෙන් නිදහස් කළත් පොලිසිය ඔහුට කොළඹ සහා බදුල්ලේ නඩු දෙකාක් පවරා තියෙනවා .

කුරේට කොළඹ සහා බදුල්ලේ පවරා ඇති නඩු දෙක ,2014 දී ගම්පහ මහාධිකරණ මගින් විභාග කර ඔහුව නිදෝස් කොට නිදහස් කළ නඩුවක් .

ආණ්ඩුව ත්‍රස්තවාදී පනත පාව්ච්චි කරලා ශිෂ්‍ය නායකයින් සහා සමාජ ක්‍රියාකාරීන් මර්දනය කරන්න පටන් අරගෙන.

ආණ්ඩුවට එරෙහි වන්නන් දඩුකදේ ගැසීම සදහා ආණ්ඩුව අද ත්‍රස්තවාදී පනත යොදා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *