බංග්ලාදේශ මහජනයා අග්‍රාමාත්‍ය ‌ෂෙයික් හස‍ීනා පන්නා දමති

බංග්ලාදේශ මහජනයා අග්‍රාමාත්‍ය ‌ෂෙයික් හසිනාගේ නිවස වැටලීමත් සමග අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නිල නිවසින් ඉවත් වි ආරක්ෂිත ස්ථානයක කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය .

විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකාහි හසීනාගේ නිවසට කඩා වැදී එම නිවස යටත් කර ගත් අතර බංග්ලාදේශයේ කම්කරු-පීඩිත මහජනයා දහස් ගණන් විදී වලට පැමිණ එය සමරන්නට වුහ . බංග්ලාදේශයේ කම්කරු- පිඩිතයන් පමනක් නොව විදේශ ගතව සිටින කම්කරු -පීඩිතයින් සහ මධ්‍යම පාන්තිකයින් එම අවස්ථාව සැමරුහ .

අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. 

ආරංචි මාර්ගවලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

වත්මන් තත්වය හමුවේ බංගලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

විරෝධතාවලදී මියගිය 300 කට වැඩි පිරිසකට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත් හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත. 

ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි හමුදා මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සමාන් ගොඩනැගූ රට විනාශ කිරීමෙන් වළකින ලෙසත් පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *