බදු පනත අහෝසි කරන්නැයි වරාය සේවකන්ගෙන් ආණ්ඩුවට දැවන්ත විරෝධයක්
අසාධාරණ බදු පනත වහා අකුළා ගන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර වරාය සේවකයෝ අද (30) දහවල් වරාය ඉදිරිපිට විරෝධතා උදුඝෝෂණයක් පැවැත්විණ .
මෙම විරෝධතා උද්ඝෝෂණයට ඩොක්යාඩ් කම්කරුවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ .
ශ්‍රම සුරාකෑම තීව්‍ර කරමින් රාජ්‍ය ආයතන වල ලාභ වැඩිකරදීමට වෘත්තීය සමීති ගෙනයන වැඩපිළිවෙල පාරාජය කරනු ! වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කම්ටුවක් ගොඩ නගනු ! යැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය බෙදු අත්පත්‍රිකාවට වරාය සේවකයන් පිරිසක් විරෝධය පල කර එම අත්පත්‍රිකා බෙදු සහෝදරයාව එම ස්ථානයෙන් ඉවත් වන්නැයි බල කර සිටියහ .
සමාජවාදී සමානතා පක්ෂයේ අදහස් කම්කරු -පිඩිත මහජනයා දැන ගනි වි යැයි බිය වු සිංහල බෞද්ධ ජාතිකවාදි කම්කරුවන් පිරිසක් විසින් සිදු කළ එම බියගුලු ක්‍රියාව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කළ බරතතළ අනතුරු ඇගවිමකි . මෙය සමාන්‍ය සිද්ධියක් නොව ධනපති ආණ්ඩුව ද කම්කරු පිඩිතයන් ඇතුළු මහජනයාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සිමා කිරීමට විවිධ මර්දන අණපනත් ගෙනමින් සිටින මොහොතක සමාජවාා සමානතා පක්ෂයට එරෙහිව මෙම නැගෙන විරෝධය සමාන්‍ය සිද්ධියක් ලෙස සැලකිය නොහැක .
ජායාරූපය -ලෝක සමාජවාදි වෙබ් අඩවියෙන් ගන්නා ලදි.