බන්ධනාගාර රෝහල අවන්හලක් කර ගත් දුමින්ද සිල්වලා සහ කෙහෙළිය රඹුක්වැල්ලා

ශාත විජේසුරිය විසිනි

මින්ද සිල්වාට , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට , ගලගොඩ අත්තේ ඥාණසාරට සහ එමිල් රංජන් ළමා හේවාට බන්ධනාගාර රෝහල අවන්හලක් බව එම රෝහලේ සිට ඇප මත පැමිණි තරුණයෙකු ලංකා ස්කයි නිව්ස් සමග පැවසීය .

ලක්ෂ ගණන් වටිනා මෙට්ටර්ස්, විදුලි පංකා , පෞද්ගලිකව පාවිච්චිය සදහා රූපවාහින‍ී යන්ත්‍ර , ජංගම දුරකතන  සහ ප්‍රනීත ආහාර පාන දින පතා පිටින් ලැබෙන අතර සැකකරුවෙකු  බැලීය හැක්කේ සතියකට දින තුනක් වුවත්  සිරදඩුවම් විදින අයෙකු මාසකයට එක් වතාවක් වුවත්  දුමින්ද සහ කෙහෙළිය ඇතුළු පිරිස සතියේ දින හතම පෙන්වන බවත් සැකකරුවෙකු දිනකට බැලිය හැක්කේ එක් වතාවකි . නමුත් දුමින්ද සහ රඹුක්වැල් ඇතුළු වරප්‍රසාදිත පිරිස දිනකට සිය දෙනෙකු ආවද පෙන්වන බවත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුට ඥාතීන් සමග කතා කරන්න දෙන්නේ විනාඩි දහයක් හෝ පහලෝවක් පමණ කාලයක් බවත් සිල්වා ඇතුළු වරප්‍රසාදති සිරකරුවන්ට සහ සැකකරුවන්ට පැය ගණන් ඥාතීන් සමග කතා ක‍ළ හැකි බව එම තරුණයා කීය.

මෙම වරප්‍රසාදිත සිරකරුවන් සහ සැකකරුවන් ඥාතීන්ට පෙන්වන්නේ අවප්‍රසාදිත සිරකරුවන් සහ සැකකරුවන් පෙන්වන රෝහලේ ඉදිරිපස පදික කොටසේ නොව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන කාර්යාලයේ වෙනම කාමරයක් ඔවුන් සදහා වෙන්කර දි ඇත.

සිල්වා , ළමාහේවා සහ ඥාණසාර යනු සැකකරුවන් නොව සිර දඩුවම් නියම වු අය වෙති . ඥාණසාරට සුදු කොට කලිසමක් සහ සුදු කමියසක් දඩුවම අනුව නියම වුව ද ඔහු බන්ධනාගාර රෝහලේ සිටින්නේ කහ කමිසයක් සහ කහ සරමක් ඇද ගෙනය ‍. සිල්වා මරණ දඩුවම් නියම වු අයෙකි. මරණ දඩුවම් නියම අයෙකු ඇදිය යුත්තේ කොටු සහිත සරමයි කොටු  කමිසයකි .නමුත් ඔහු බන්ධනාගාර රෝහල තුළ ඇදගෙන ඉන්නේ සුදු බැනියමයි කොට කළිසමකි.

දුමින්ද සිල්වාගේ බැල මෙහෙවර  සහ අරක්ෂාව සදහා සිර දඩුවම් විදින සිරකරුවන් දෙදනෙකු යොදා ඇත.  එක් අයෙකු වන්නේ දෙමටගොඩ මිල්රෝයිය.   මිල්රෝයි සහ අනෙක් සිරකරුවා රාත්‍රි කාලයට සිල්වාගේ ඇද අසල මාරුවෙන් මාරුවට මුර කරන බවත් එම තරුණයා හෙළි කළේය .

“දුමින්ද සිල්වා මහත්තයා ලොකු සේවයක් කරනවා . ඇප මුදල් ගෙවන්න බැරි අයගේ ඇප මුදල් ගෙවනවා . මිල්රෝයි තමයි දුමින්ද සිල්වා මහත්තයාගේ මුදල් කළමනාකරු . ඇපය පන්දාහක් නම් ඇපකරුව අරගෙන යන මහත්තයාට මිල්රෝයි රුපියල් 10.000ක් දෙනවා . ඇපයට පන්දාට අමතරව ජේලර් මහත්තයාටත් රුපියල් 5000 ක් දෙනවා . බන්ධනාගාර රෝහලේ පලමු වාට්ටුව හැර අනිකුත් වාට්ටු සියල්ලට ටයිල් ඇල්ලන්න මුදල් වියදම් කළේ , දුමින්ද සිල්වා මහත්තයා “ බව එම තරුණයා අප සමග පැවසිය .

රාජ්‍ය අනුග්‍රහය ලත් වරප්‍රසාදිත සිරකරුවන් සහ සැකකරුවන් ලක්ෂ ගණන් වටිනා මෙට්ටර්ස් මත සැත පෙන කොට , අවප්‍රසාදිත සිරකරුවන් සහ සැකකරුවන් බන්ධනාගාර රෝහලෙන් ලබා දි ඇති කොහු මෙට්ට මකුණන් අත්පත් කර ගෙන ඇති බැවින් ඔවුන් නිදා ගන්නේ ඇදන් යට බව එම තරුණයා පැවසීය .

රාජපක්ෂලා රට පාලනය ක‍ළ අවධියේ සිල්වා රාත්‍රි කාලයේ  වැඩි පුර සිට ඇත්තේ නයිටි ක්ලබ් වල සහ යාලු මිත්‍රාදීන්ගේ සාද වල බවත් සිල්වා බලන්න රාත්‍රි කාලය බන්ධනාගාරයට ගොස්  නඩුකාරිනියක් ඇණ ගත් සිද්ධියක් වාර්තා විය . සිල්වාට කොළඹ බන්ධනාගාර රෝහලේ ප්‍රෙම්වතියක් සිටින බවට ද රාවයක් ඇත. එම වරප්‍රසාද ඔවුන් භුක්ති විදින්නේ ධනය සහ බලය නිසාවෙනි .

සියලුම සිරකරුවෝ මනුෂයෝ බව වැලිකඩ තාප්පේ ලොකු අකුරෙන් ලියා  ඇත . රාජ්‍ය අනුග්‍රහය තියෙන වරප්‍රසාදිත සිරකරුවන්ට සහ සැකකරුවන්ට උසස් ලෙස සලකන ගමන් අවප්‍රසාදිත සිරකරුවන්ට සහ සැකකරුවන්ට සලකන්නේ ඉතාම.් පහත් විධියටය. ඒතැන සමානාත්මතාවයක් නැත. සිල්වලා සහ කොහෙ‍ළියලා භුක්ති විදීන ඒ අයිතිවාසිකම් හා පහසුකම් අනිකුත් සිරකරුවන්ට මෙන්ම සැකකරුවන්ට ලැබිය යුතුය . බන්ධනාගාරය හරියට කොච්චියක් වගේය. සල්ලි තියෙන අයට අධි සුඛෝපභෝගී හෝ සුඛෝපභෝගී ඔවුන්ට කැමති පෙටිටියක් ගමන් ක‍ළ හැකිය . බන්ධනාගාරයේත් සල්ලිකාරයන් සදහා වෙනම වාට්ටු ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එච් වාට්ටු “ සල්ලිකාරයන්ගේ වාට්ටුවකි . ඒ වාට්ටුවට ඇතුල් විම සදහා පම‍ණක් රුපියල් 25.000 ක් අය කරයි .  එම වාට්ටුව භාර නිලධාරියා දවසට ලක්ෂ ගණන් සොයන බවත් එම මුදල් ඉහල නිලධාරීන් සමග බෙදා ගන්නා බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

 ධනපති සමාජයේ ස‍ෑම තැනක මෙන්ම  බන්ධනාගාරය තුළ පංති පරතරය වඩ හොදින් ඉස්මත්තට පැමිණ ඇත. සිලිවාට ,කෙහෙළියට ,කෙහෙළිය නඩුවේ වෛද්‍යවරුන්ට , ධන කුවේරයන්ගේ හෙංචයෙකු වන ඥාණසාරට සහ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වරප්‍රසාද හිමි වන්නේ ඒ නිසාවෙනි . මෙම සමාජ ක්‍රමය තුළ ඔවුන් ප්‍රභුවරුන් ලෙස සලකති .

 සිල්වා මරණ දඩුවම් නියම සිරකරුවෙකි .නීතියෙන් ඔහුගේ අයිතිවාසිකම් අවම කර ඇත. නමුත් බන්ධනාගාර රෝහලේ වැඩි අසිතිවාසිකම් භුක්ති විදින්නේ සිල්වාය . ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුදල් යොදවමින් සහ සිරකරුවන්ට ඇප සදහා මුදල් වියදම් කරමින් බන්ධනාගාර නිලධාරීන් අතර මෙන්ම සිරකරුවන් සහ සැකකරුවන් අතර විශාල බලයක් ගොඩනාගාගෙන ඇත. මෙය පවතින නීතියට මුළුමනින්ම පටහැනිය . සිල්වා මෙන්  නොව මරණ දඩුවම් නියම වු  සිරකරුවන් රදවා ඇත්තේ දිග මෙන්ම පළල අඩි අටක කාමරයකය . දවසට ඔවුන් එලියට දමන්නේ විනාඩි 20 ක් වැනි කාලයකටය . මුලින් එක් පුද්ගලයෙකු රැද වු එම කාමරයේ පසුව දෙන්නෙක් සහ තුන්දෙනෙක් රදවන ලදී . බන්ධනාගාර  තදබදයත් සමග අද වන විට සිරකරුවන අට දෙනෙකු  පමණ එම කාමරයක් තුළ රදවා ඇත. . හිරු එළිය තැපිම සදහා දිනකට විනාඩි 20  එලියට දමන සිරකරුවන් දවල් කාලයේ ශාලාව තුළ සිටින අතර සවස පහෙන් පසු නැවත කාමර වලට දමා දොරගුලු දමයි . රාත්‍රි කාලයට මුත්‍රා සහ මල පහ කිරීමට බාල් දි ලබා දී ඇත‍.

බන්ධනාගාර නිලධාරීන්ට ද ලැබෙන්නේ සොච්චම් වැටුපකි . බොහෝමයක් බන්ධනාගාර නිලධාරීන් යැපෙන්නේ සිල්වලාගෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන්ගෙන් ලැබෙන මුදල් වලින්ය .

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊ වාට්ටුවට දැමිය හැකි උපරිම පිරිස 250 කි .නමුත් ඊනියා යුක්තිය මෙහෙයුමත් සමග මේ දිනවල 450 පමණ පිරිසක් එම වාට්ටුවේ ගාල් කර ඇත. ඊ වාට්ටුවේ ඇත්තේ වැසිකිලි දෙකාක් සහ මුත්‍රා කිරීමට ස්‍ථානයක් පමණි . ඩි සහ ඊ වාට්ටු දෙක අතර වැසිකිලි හයක් තිබුණ ද ඒවා පාවිච්චි කළ හැකි තත්වයේ නොමැති බවත් පාවිච්චි කරන වැසිකිලි උතුරා ය‍ෑම මැසි මදුරුවන්ගෙන් පිරි ඇති බව ද එම තරුණයා පැවසිය .

වාට්ටුවකට දමන ප්‍රමාණය දෙගුණ තෙගුණ විමත් නිදා ගැනීමට පවා අවස්ථාවක් නොලැබෙන නිසා සැකරුවන් අතර නොසන්සුන්තාවය වර්ධනය විම නිසා දිවි හානි කරගැන‍ිමේ ප්‍රවනතාවය වැඩි වී ඇතැයි  බව කී ඔහු මෑත දී පිළියන්දල දෙණිය ප්‍රදේශයේ තරුණයෙකු දිවිහානි කර ගැනීමට උත්සහය කළ අවස්ථාවේ අනිකුත් සැකකරුවන් එම උත්සහය වළක්වා ඇති බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් පැමිණ ඔහුට පොලුවලින් පහර දී බාගේට මරා බන්ධනාගාර රෝහලට ඇතුල් කළ බවත් පැවසිය .

සීආර්පි බන්ධනාගාරයේ වෛද්‍ය මධ්‍යස්ථානයට වෛද්‍යවරු සේවයට වාර්තා කරන්නේ උදේ 9 ටය . වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීයෙකු බන්ධනාගාර රෝහලට රැගෙන යන්නැයි වෛද්‍යවරු උදේ 9 ට හෝ10 ට ලියන රෝගීයාව බන්ධනාගාර නිලධාරින් එම රෝහලට රැගෙන යන්නේ රාත්‍රියට 10 හෝ 11 ට පමණ බව එම තරුණයා  කීය . අසනිප සැකකරුවන් ඔවුන්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නැයි කියන සැකකරුවන්ට නිලධාරීන් පොලුවලින් පහර දෙන බවත් සමහර සැකකරුවන් බන්ධනාගාරයේ වහලය උඩ නැගී විරෝධය පාන කොට , බන්ධනාගාර ප්‍රධානීයා පැමිණ ඔවුන් රෝහල් ගත කරන අවස්ථා ඇති බවත් ඔහු පැවසිය .

ඊ වාට්ටුවේ රදවා ඇත්තේ හෝමාගම සහ කඩුවෙල ප්‍රදේශ වලින් පැමිණෙන අය වෙති .එම වාට්ටුව පාලනය කරන්නේ හෝමාගම හදයා ගෝලයෙකු වන චව්වාය . හදයා මගේ පණ යැයි පච්චයක් චව්වාගේ අතේ කොටා ඇත. ඊ වාට්ටුවේ කුඩු ,ගංජා සහ අයිස් විකිණිය හැක්කේ හදයාගේ ගෝලයන්ට පමණි . චව්වාගේ ගෝලයෙකු ලග තිබි අයිස් සහ කුඩු  හසුවීම නිසා චව්වාව මැගසින් බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ඊ වාට්ටුවේ චව්වාගේ භුමිකාව දැන් කරන්නේ හදයාගේ බිරිදගේ මල්ලි වන තුෂාරය. චව්වාගේ කුඩු අල්ලා දුන්නැයි ඔහුගේ ගෝලයෙකු කුමාරගේ කට කපන ලදි . බන්ධනාගාර නිලධාරීන් චව්වාට සහ තුෂාරට මත්ද්‍රව්‍ය ගෙනැවිත් දෙනවා බව එම තරුණයා ඇසින් දුටු බව අප සමග පැවසීය . කොළම රිමාන්ඩ් බන්ධනාගාරය තුළ පමණක් නොව සියලුම බන්ධනාගාර වල තත්වය ඒ බදුය .

බන්ධනාගාර රෝහලේ සමහර වෛද්‍යවරුන් සිරකරුවන්ට දුම් කොළ සහ මත් ද්‍රව්‍ය ගෙනැවිත් දෙන බවට චෝදනා එල්ල වී ඇත.

රිමාන්ඩ් බන්ධනාගාර 18 ක් , ආරක්ෂිත බන්ධනාගාර 04 සහ වැඩ කදවුරු 10 ක් ඇතුළුව බන්ධනාගාර දෙපාර්මේන්තුව යටතේ බන්ධනාගාර 32 ක් ඇත. එම බන්ධනාගර 32 බලයලත් ධාරිතාව අනුව රැදවිය සං‍ඛ්‍යාව 11762 ක් බව 2020 සැතැම්බර 05 වනදා බන්ධනාගාර දෙපාර්මේන්තුව මගින් නිකුත් කළ කාර්ය සාධන වාර්තාවේ සදහන් කර තිබේ . 2020 අගොස්තු ආරම්භයේ බන්ධනාගාර තුළ රදවා සිටි සංඛ්‍යාව 27,291 වු අතර එම මාසයේ අවසානයේ එම සංඛ්‍යාව 29,411 දක්වා වැඩි වී ඇත . එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 248.5 කි . බන්ධනාගාර ඉතිහාසයේ ඒතෙක් පැවති අධික තදබදය ලෙස වාර්තා කර ඇත. රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ ඊනියා යුක්තිය මෙහෙයුමත් සමග බන්ධනාගාර තුළ රැදවිය හැකි ප්‍රමාණය තෙගුණ වී ඇතැයි වාර්තාවේ .

මෙම අධික තදබදය සහ පහසුකම් නොමැතිකම නිසා විශේෂයෙන් සමහර සැකකරුවන් දිවිනසා ගැනීමට පෙළඹි ඇත. එම අධික තදබද දිගටම පැවතුන හොත් බන්ධනාගාර තුළ කලකොහල මෙන්ම බන්ධනාගාර බිදගෙන යැමට පවා සිරකරුවන් කටයුතු කළ හොත් එය පුදුම වියුතු නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *