බරපතළම ඖෂධ හිගයට ලංකාව මුහුණ දෙයි
ඹෟෂධ හිගය තව තවත් උග්රවනු මිස අඩු විමක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයේ මාධ්‍ය ප්‍රකාශක් වෛද්‍ය චමිල් විජේසිංහ අප කළ විමසුමක දී පැවැසීය .
මිට පෙර ඖෂධ වල යම් හිගයක් පැවැතුන ද නමුත් මේවැන් තත්ත්වයක් ඉතිහාසයේ කවදාවත් උද්ගත වෙලා තිබුණේ නැහැ .මේ නිසා බාහිර රෝගී අංශවල බෙහෙත් පිටින් ගන්න කියලා රෝගීනට කියන්න වෙලා. නිර්වින්ද ඖෂධ නොමැති නිසා ශල්‍යකර්ම සීමා කරන්න වෙලා .
අක්ෂි රෝහලේ ශල්‍යකර්මය බොහෝ සීමා වෙලා .දැනට තියෙන ඖෂධ වලින් ජිවිතාරක්ෂාක ඖෂධ 14 ක්ම පැවතුනත් අත්‍යාවශ්‍ය ඖෂධ 150 ක් රොහල් වල ඇත්තේම නෑ යනුවෙන් මාධ්‍ය ප්රකාහකවරයා අනිද්දා වෙත පැවැසීය .
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිග මුදල බිලියන 23 ක වන බවත් විකල්ප සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිමේ දි විශාල අවහිරතා හා බාධාවන් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශක වැඩිදුරටත් කීය .
සදලි කණ්ඩම්බි – අනිද්දා පුවත්පත