බාලචන්ද්‍රන් පුෂ්පරාජ් කුෂිරෝෂ් ඉන්දියාවෙි සිට ලංකාවට රැගෙන එයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයකු යැයි පොලිසිය පවසන මෝදර පුකුඩි කන්නා නැැත්තාගේ සමීපතමයෙකු පසු ගිය 13 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාවට ගොස් රැගෙන එන ලදී.
මෙසේ රැගෙන එන ලද්දේ බාලචන්ද්‍ර පුෂ්පරාජ් කුෂිරෝෂ්ය. මොහුට මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධයෙන් මෙන්ම මිනිස් ඝාතන සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.
අන්තර්ජාතික පොලිසියේ රතු වරේන්තු ලබා සිටිනඅපරාධකරුවන් මෙරටට රැගෙන එම සදහා සිදු කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිපලයක් වශයෙන් එම සැකකරුවඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඉන්දියානු පොලිසිය මගින් මේ රටට දැනුම් දීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ නිලධාරීන් ඉන්දියාවට බාලචන්ද්‍ර පුෂ්පරාජ්ව පෙබරවාරි 13 අලුයම මෙරටට රැගෙනවිත් ඇත.
බාලචන්ද්‍රන් පුෂ්පරාජ් කන්නා නොහොත් පොඩි කන්නා කියන්නේ බලචන්ද්‍රන් පුෂ්පරාජ් කුෂිරෝෂ්ගේ අයියා වෙයි. මොහුන්ගේ මස්සිනා පොඩි සුරේෂ්ය. බාලචන්ද්‍රන් කන්නා සහ පොඩි සුරේෂ සැග වී සිටින්නනේ ද ඉන්දියාවේ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

බාලචන්ද්‍රන් පුෂ්පරාජ් කන්නා නොහොත් පොඩි කන්නා.

පොඩි සුරේෂ්