බුදුන්ගෙන් යැපෙන්නන්ට එරෙහි වෙමු!

අත්අඩංගුවට ගත යුත්තේ නතාෂා හෝ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නොව බුදු හාමුදුරුවන් බව talk with lal යුටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් කළ වටරැක විජ්ක හිමියන්ට සහ එම ප්‍රකාශය විකාශනය කළ යුටියුබ් නාලිකාවට එරෙහිව ඊයේ (13) අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇත.

වටරැක විජිත හිමියන් සිදු කර ඇති ප්‍රකාශනයෙන් බුදුන් වහන්සේට අපහාසයක් වි ඇති බවත් බුදු දහමට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වන මොහොතක මේවැනි ප්‍රකාශන එම කුමන්ත්‍රණයේම කොටසක් විය හැකි බවත් ඒ පිළිබද පරික්ෂණයක් පවත්වා නීතිමය ක්‍රියා මාර්ග ගන්නැයි එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි කමිටුවේ සභාපති ජාමුනි කාමන්ත කුෂාර සහ සංජය මහවත්ත යන අය විසිනි .

Talk with lal නිරාගාමියෙකු යැයි පැමිණිකරු චෝදනා කරන අතර ඔහු තමන්ගේ යුටියුබි නාලිකාවෙන් මේ ප්‍රකාශ විකාශනය කරමින් බුදු දහමට නිග්‍රහ කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඉදිරිපිට දී මාධ්‍ය අමතමින් පැවැසීය .

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ආගමක් ඇදහිමට හෝ නොහැද සිටිට අයිතියක් ඇති අතර භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ද තහවුරු කර ඇත. ආගමික ශාස්තෘන් වහන්සේලාට නිග්‍රහ හෝ අපහාස කරන්න අයිතියක් නැති අතර ආගම් විවේචනය කරන්නට අයිතියක් ඇත. බුදුන්ගේ නම ඇසුනු පමණින් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට දුවන මේ වැනි හාදයෝ මෙහෙවන දේශපාලන තක්කඩින් සොයා ඔවුන්ට දඩුවම් කළ යුතුය .

වද කොත්තු , වද පෙති යැයි කියා මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල සමාජය කුපිත කරවා පාස්කු ප්‍රහාරයේ කුමන්තුණකරුවන් පොලොව සකස් දුන්නේ මේ වැනි හාදයෝය . මොහුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ලංකා ස්කයි නිවිස් මේ රටේ කම්කරු -පීඩිත මහජනතාවගේ ඉල්ලා සිටිමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *