බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ ජිවිත අනතුරෙ

ඉහලින් ලැබුණු නියෝගයක යැයි පවසා බුස්ස අධි ආරාක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සංජිව සමරරත්න හෙවත් ගනේ මුල්ලෙ සංජිව හෙවත් මාකිලංගමුවේ සංජිව අවස්ථා කිපයකදී එම බන්ධනාගරයේ ආරක්ෂාව සදහා යොදාවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් බන්ධනාගාරය ඇතුළට ගොස් ඔහුව එම බන්ධනාගාරයේම වෙනත් සිර මැදිරියකට මාරු කිරීමට උත්සහ කර ඇති අතර සංජිව ඊට එරෙහි වීම නිසා එම උත්සහය ව්‍යාර්ථ වී ඇත.

සංජිව  ජුලි (22) ගම්පහ මහේස්ත්‍රාත් හමුවට සුම් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇති බවත් එහි දී ඔහුගේ නීතිඥයින් එම සිද්ධිය පිළිබදව මහේස්ත්‍රාත්ට කරුනු වාර්තා කර ඇති බවත් ජුලි (24) ගම්පහ මහාධිකරණයට සංජිව ඉදිරිපත් කළ අවස්ථාව් ඔහුට එල්ල වී ඇති ජිවිත අනතුර පිළිබද සදහන් දිවුරුම් ප්‍රකාශය අධිකරණයට සංජිවගේ නීතිඥ විසින් ඉදිරිපත් කර ඇත.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂා සදහා යොදා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් මධ්‍යම රාත්‍රිය එම බන්ධනාගාරයට තුළ කඩා වැදි සිරමැදිරි පරික්ෂාකරන බවත් ඒ වැනි අවස්ථාවක පොලිස් විශේෂ කර්ය බලකායේ සෙබලුන්ට පහර දෙන්න උත්සහ කළා යැයි හෝ වෙනත් හේතුවක් නිර්මානය කර එම බන්ධනාගරයේ රදවා සිටින සිරුකරුවන්ගේ ජිවිත වලට හානියක් සිදු විය හැකි බව නීතිඥ බුද්ධික මල්ලවාරච්චි අප කළ විමසුමකදී පැවසීය .

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදා සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ට එම බන්ධනාගාරයට ඇතුල් වී ගනේමුල්ල සංජිව රදවා සිටි සිරමැදියෙන් වෙනත් සිරමැදිරියකට මාරු කරන්නැයි නියෝගය දුන් ඉහල පුද්ගලයා කවුද? බුස්ස අධි ආරක්ෂිත බනධනාගාරය භාරව සිටින්නේ බන්ධනාගාර දෙපාර්මේන්තුව නම් පොලිස් විශේෂ කාර්ය බලකායට සිරිමැදිරි පරික්ෂා කරන්නට අවසර දුන්නේ කවුද?  බන්ධනාගාර වල රදවා සිටින සියලුම සැකකරුවන් සිටින්නේ අධිකරණය භාරේය. ඔවුන්ව රැක බලා ගන්නේ සහ නඩු වලට රැගෙන එන්නේ බන්ධනාගාරය මගිනි. සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාරය දෙපාර්මේන්තුව අධිකරණයට බැදි සිටි.

නීතිය එසේ වුවත් පාදඩ දේශපාලන උවමනා සදහා 1983 නේ දෙමළ සැකකරුවන් 53ක් ද 2012 යේ වැලිකඩ සිරුකරුවන් 27 ක් ද 2019 වැලිකඩ සිට කොවිඩි ආසාදිත සැකරුවන් 11 ක් මහර බන්ධනාගාරයට මාරු කර යැවිමත් සමග හට ගත් ගැටුමෙන් 11 ක් ද 1993 මහර බන්ධනාගරයේ රදවා සිටි ජ.වි.පෙට සම්න්ධ වි සිටි  සැකරුවන් 05 ක්  මරා දැමිණ .

පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදනෙකු අරක්කු බෝතල් දෙකාක් බන්ධනාගාරය ඇතුලට රැගෙන යන්නට උත්සහ කරද්දී , ප්‍රධාන ගේට්ටුවේ සිටි බන්ධනාගාර නිලාධාරීන්ට හසු ඇති බවත් පසු එම බෝතල් දෙක නොදි ප්‍රධාන ගේට්ටුවේ සිටි බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ තබා ගත්තා යැයි දෙපාශ්වය අතර ගැටුමක් හට ගත්හ. එම ගැටුමත් සමග පෙලිස් විශේෂ බලකා සෙබළුන් සහ බන්ධනාගාර නිලධාරීන් වෙන ‌වෙනම කටයුතු කරන්නට යැමෙන් සිරකුරුවන් අතර ගැටුම් ඇති විය.

මෙම සිද්ධිය සමග පොලිස් විශේෂ බලකා සෙබළුන් රාත්‍රි කාලයේ සේවය කරන්නේ මත් පැන් පානය කොට බව හෙළි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *