බෲනෝට ඇප නතාෂා රිමාන්ඩ්

එස් .එල්.වී .ලොග් අයිතිකරු බෲනෝ දිවිකාරට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ හෝ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ හෝ නඩු පැවරීමට නොහැකි බවත් ඔහු බුදුන්ට අපහාස කිරීමට චේතාන්විතව කටයු.තු කර නොමැති බැවින් දිවාකරව ඇප මත මුදාහරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කළේය .

ප්‍රහසන ශිල්ඵී ජයනි නතාෂා එදිරිසුරිය ” මෝඩාභිමානී” නමින් කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවනාගාර වේදිකාවේ රගදක්වන ලද ප්‍රහසනයේ වීඩියෝව එස් .එල් .වී .ලොග් යුටියුබ් නාලිකාව මගින් විකාශනය කළා යැයි දිවාකර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් ජුලි 07 අත්අඩංගුවටගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී .

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් දිවාරකර අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්මේන්තුවේ දැනුම් දීමකට අනුව කටඋත්තරයක් ලබාදීම සදහා ඔහු එහි ගිය අවස්ථාවේදීය .

නතාෂා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇයට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා නතාෂාව ජුලි 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළේය .

අපි චේතනාන්විත නැහැ කිව්වාට මේක වේලා තියෙන්න‌ේ චේතනාන්විතව. චේතනාන්විත නැත්නම් රට පනින්න හැදුවේ ඇයි යයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා බුද්ධ චරිතය කියන්නේ බුද්ධත්වයට පස්සේ පමණක් නොව ඊට පෙර ළමා කාලයත් අයත් බවත් කීය .මේක බුදුන්ට කළ ලොකු අපහාසයක් යැයි කී මහේස්ත්‍රාත්වරයා අපේ රටේ පොඩි දේයකින් පවා කලබල ඇති වෙන්න තියෙන බවත් පැවැසීය . සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර පනත යටතේ පමණක් නොව පරිගණක අපරාධ පනත යටතේ නඩු පවරන්න පුළුවන් වරදක් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත .

දිවාකර වෙනුවෙන් අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඤ කණ්ඩායමකුත් නතාෂා වෙනුවෙන් නලින්ස ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ පිරිසකුත් පෙනී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *