භායානක තත්වයක්, ආයුධය උදුරන්නේ එක සැකකරුවෙක් දෙන්නාම මිය යනවා – නීතිඥ සේනක පෙරේරා

කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නට යැයි මෝදර කාකා දුපතට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ජේ .කේ. අශෝක ලක්මාල් සහ විජය කුමාර් ප්‍රගාස් නිර්මානන්දන් යන අයගේ මරණය සම්බන්ධයෙන් අද (14) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය හමුවේ සාක්කි කැදවන ලදී.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සිද්ධියට සම්බන්ධ නිලධාරීන් දෙදනෙකු අද මහේස්ත්‍රවරිය හමුවේ සාක්කි ලබා දුන්හ. තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු මරණකරුවන්ගේ ඥාතීන්ගේ සාක්කි මාර්තු 21 වනදා යළි කැදවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ග්‍රැන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී දෙදනෙකු විසින් අශෝක සහ නිර්මානන්දන ගමන් කළ යතුරු පැදිය පසු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙබරවාරි 20 වනදා රාත්‍රියේදීය. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන විදීයේ ජංගම දුරකතන අලෙවි සැලක් පවත්වාගෙන ගිය ශෂි කුමාර් නැමැත්තාට වෙඩි තබා පලා යමින් සිටියදී බව පොලිසිය පවසයි.
පෙබරවාරි 20 රාත්‍රියේ අත්අඩංගුවට ගත් අශෝක සහ නිර්මානන්දන් යන සැකකරුවන් අමානුෂික පහර දී පසුදා(21) පාන්දර ආයුධ පෙන්වන්නට යැයි කාකා දුපත රැගෙන ගිය අවස්ථාවේ අශෝක නැමති සැකකරු කොටහේන ස්ථානාධිපතිවරයගේ ස්ව්‍යංක්‍රීය ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ කර ඇති බවත් එහිදී ස්ථානාධිපතිවරයා අත්මාරක්ෂාව සදහා පෙරලා වෙඩි තැබිමෙන් සැකකරුවන් මිය ගිය බව පොලිසිය පවසයි. සැකකරුවන් ස්ථානාධිපතිවරයාගේ ගිනි අවිය ගන්නට ඔහු සමග පොරබාදා ඇති බවත් එහි දී එම ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට දකුණු කකුලට ද වෙඩි වැදී තිබේ.
අශොක් සහ නිර්මාන්නදන් කොළඹ මහ රෝහලට ගෙන යද්දී මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඔවුන්ව කොටහේන පොලිසියට රැගෙනැවිත් පහර දී මරා දමා පසු වෙඩි තබා ඇතැයි කොටහේන පොලිසියේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම ජායාරූපයේ සිටින්නේ අශෝක ලක්මාල්ය. ( ස්ථානාධිපතිගේ ගිනි අවිය උදුරා ගෙන වෙඩි තැබු ලක්මාල් කියන සැකකරුපහර දීම නිසා අසාධ්‍ය තත්වයෙනි)
මරණකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා සාක්කි විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මෙතැනදී මාංචු දාලා අරගෙන ගිය කව්වා නමුත් රැ නිසි විඩියෝ කරන්න බැරි වුණා කියනවා.පොලිසියේ විශාල මාධ්‍ය එකකයක් තියේනවා. පොලිසියේ නැත්තේ මොනවාද? .විශේෂයෙන් මිනිස්සුන්ගේ ජිවිත වගේ යුක්තිය සම්බන්ධ ප්‍රශ්න වලදී ඇයි එවා යොදා නොගන්නේ කියලා ප්‍රශ්නයක් තියේනවා.පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශ පැත්තකට විසි කරලා වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න අපට මෙහිදී මතු වෙනවා. අද කොටහේන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු තුන් දෙනෙක් අද අධිකරණය හමුවේ සාක්කි දුන්නා. තවත් පිරිසක් සාක්කි දෙන්න ඉන්නවා. මාංචු දමාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයෝ කොහොමද පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නේ කියලා. ගිනි අවිය උදුරා ගන්නේ එක් සැකකරුවෙක් නමුත් මේ සිද්ධියේදී දෙන්නාම මිය යනවා. මේක ඉතාමත් භායනක තත්වයක්.මේ රටේ අධිකරණය තියෙන්නේ දඩුවම් කරන්න.අධිකරණයේ වැඩේ පොලිසිය කරන්න ගිහාම එතැන බලවත් ගැටළුවක්. පොලිසිය තමන්ට හිතුනු හිතුනු විධියට මිනිසුන්ට දඩුවම් දෙන එක නොවෙයි. ඊයේ අනුරාධපුර පොලිසියේදී වෛද්‍යවරිය දුෂණය කළා යැයි කියන තැන්තා සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කර තිබෙන්නේ ඉතාම මෘග විධියට. එම සැකකරු මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කළා තමන්ගේ ගුද මාර්ගයේ පොල්ලක් යැවු බව. ඔහුටත් අමානුෂික ලෙස පහර දීලා.
නීතිඥ සේනක පෙරේරා සමග නීතිඥ දනුෂ්ක ද සිල්වා මරණකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටියහ.

මෙම ජායා රූපයේ සිටින්නේ ප්‍රගාස් නිර්මානන්දනය.