භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්මත් කරයි – ජෙහාන් පෙරේරා
ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය, අනුගමනය කළ යුතු ආර්ථික සංවර්ධන මාවත සහ මේ මොහොතේ රට මෙහෙයවීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රශ්න වේ. එහෙත් රට මුහුණදෙන ආර්ථික සහ අනෙකුත් ගැටලු සඳහා බලපා ඇති සහ විසඳීමට අපහසු වූ තවත් වැදගත් කරුණක් ඉක්මණින් සාකච්ඡාවට ගැනෙනු ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වනවිට ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින අතරම, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ද ළඟදීම ආරම්භ වීමට නියමිතය. 2009 වසරේ සිට නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට ශ්‍රී ලංකාව අනුකූලව කටයුතු පිළිබඳ ගැටලුව මෙම සැසිවාරයේදී සළකා බලනු ඇත. එම යෝජනා පදනම් වී ඇත්තේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු, අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයෙන් කටයුතු කර නොමැති බවට අන්තර්ජාතික ප්‍රජාවේ තක්සේරුව මතය.
අන්තර්ජාතික ප්‍රජාව මේ මොහොතේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරය කුමන ආකාරයකින් හෝ සැළකිව යුතු ලෙස වෙනස් කිරීමට උත්සාහ කරනු ඇතැයි සිතිය නොහැක. රට මුහුණ දී සිටින්නේ නව දිශානතියක් තීරණය කළ හැකි තීරණාත්මක ජනාධිපතිවරණයකට වන අතර, එය මෙතෙක් රට ගමන් කළ දිශාවට වඩා හොඳ යැයි බලාපොරොත්තු විය හැකිය. එබැවින් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී බොහෝදුරට පැමිණීමට ඉඩ ඇති ප්‍රතිඵලය වනු ඇත්තේ,ශ්‍රී ලංකාවට ඒ සඳහා නියම කර ඇති ඉලක්ක සපුරා ගැනීමට වැඩි කාලයක් ලබාදීමයි. කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නවතම වාර්තාව යහපත් එකක් නොවේ. එය ලබාදෙන පණිවිඩය නම්, තවත් බොහෝ දේ කළ යුතු බවත්, එතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇති බවත් ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ර්ක් සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, “විපතට පත්වූවන්ගේ දුක්ඛිත තත්වයන් නිශ්චිතව හඳුනාගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්වීම, අතීතයේ සහ වර්තමානයේ මිලිටරි සහ අනෙකුත් ආරක්ෂක අංශවල කාර්යභාරයන හේතුවෙන් දරුණු මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත්වීම, නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට ප්‍රධාන බාධාවක් වී ඇත. බරපතල අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස සම්බන්ධ වී ඇති බොහෝ පාර්ශ්වයන් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර සාමාජිකයන් තවමත් ක්‍රියාත්මකව සිටින අතර, එමගින් වගවීම සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් ලබාගැනීම වළක්වමින්, මානව හිමිකම් කඩකිරීම් අඛණ්ඩව පවත්වාගෙන යයි” යනුවෙනි. ඊට අමතරව, “යෝජිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිහිටුවීමට වින්දිතයන් සහ සිවිල් සමාජ සංවිධාන දැඩි ලෙස අවධානය යොමුකර ඇති අතර, සංහිඳියාව සඳහා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය ප්‍රථමයෙන් නිශ්චිත පියවර ගන්නා ලෙස යෝජනා කර ඇති බව” ඔහු පෙන්වා දී ඇත.
රජය ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ වාර්තාවේ නිරීක්ෂණ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රාජ්‍යතාන්ත්‍රික සටහනකින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් රජය සාමාජික රටවලට මෙන්ම අනෙකුත් ජාතීන්ට ද සිය ස්ථාවරය දැනුම් දී ඇත. ඉලක්කගත සම්බාධක සහ අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා යොමුකිරීම් ඇතුළුව සියලුම නිගමන සහ නිර්දේශ රජය ප්‍රතික්ෂේප කර ඇත්තේ “ඒවා පදනම් වී ඇත්තේ, මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කළ (මහා සභාව විසින්) 60/251 යෝජනාවෙහි නියම කර ඇති, ස්වාභාවික යුක්තියේ මූලධර්ම සහ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට පටහැනි වැරදි සහ තහවුරු නොකළ මූලාශ්‍ර/ද්‍රව්‍ය මත පදනම්ව ඇති බව පවසමිනි. එහෙත් බිම් මට්ටමේ යථාර්ථයන් ඊට වෙනස් ය. රටේ නැඟෙනහිර ප්‍රදේශයේ ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු ක්‍රියාත්මක වන්නේ නැත. මෙම නීතිය නොතකා හැරීම සිදුවන සමස්ත සන්දර්භය වන්නේ, පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොකිරීම ජනාධිපතිවරයා විසින්ම සාධාරණීකරණය කර තිබීමයි.
අන්තර්ජාතික ප්‍රජාව තවමත් භාවිත නොකළ වර්තමාන යෝජනාව ඇතුළු එක්සත් ජාතීන්ගේ යෝජනාවල හානිදායක ‘දත්’ තිබේ. ඉන් එකක් නම්, ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයක සිටින මේ මොහොතේ ශ්‍රී ලංකාවට අසීරු විය හැකි ඉලක්කගත ආර්ථික සම්බාධක භාවිත කිරීමයි. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය, ශ්‍රී ලංකාව විසින් නියම කර ඇති කොන්දේසි සපුරා නොමැති නම්, ඉවත් කරගත හැකිය. අනෙක් ප්‍රබල තර්ජනය වන්නේ අන්තර්ජාතික අපරාධ සඳහා වන විශ්වීය අධිකරණ බලයයි. විශ්වීය අධිකරණ බලය පිළිබඳ මූලධර්මය යනු, අපරාධ සිදු වූ ස්ථානය කුමක් වුවත්, අන්තර්ජාතික නීතියට එරෙහි බරපතල අපරාධ, එනම් ජන සංහාරය, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වධහිංසා පැමිණවීම වැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පැවරීමට රාජ්‍යයන්ට හෝ අන්තර්ජාතික ආයතනවලට ඉඩ සලසන, අපරාධකරුවන්ට හෝ වින්දිතයන්ට හෝ වෙනත් අධිකරණ සම්බන්ධතාවලට සම්බන්ධ නීතිමය මූලධර්මයකි.
ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනා රාශියක්, විශේෂයෙන්ම 2009 දී අවසන් වූ දිග්ගැස්සුණු සිවිල් ගැටුමට සම්බන්ධ යැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමුකර ඇත. බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විශ්වීය අධිකරණ බලයට, විදේශීය අධිකරණ හෝ අන්තර්ජාතික අධිකරණයට බලය පැවරිය හැකිය. මෙයින් අදහස් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට සම්බන්ධ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණ බලයෙන් පිටත නඩු විභාගවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි. කෙසේවෙතත්, අන්තර්ජාතික ප්‍රජාව තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ නැවත ඇගයීමක් ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ දරුණුතම ගැටුම අවසන් වූයේ වසර 15 කට පෙර යුද්ධයේ අවසානයත් සමඟ ය. ලෝකයේ වෙනත් තැන්වල සිදුවන දේට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ තත්ත්වය බොහෝ දියුණු වී ඇත.
පද්ධතිය වෙනස් කිරීම
ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජන කොටස්වල සහාය ලබාගැනීම සඳහා ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතා කේන්ද්‍රගත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් කාලය ද ජාතික සංහිඳියාව සඳහා වඩාත් හිතකර වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුළු ජාතික ප්‍රජාවන් තමාට පක්ෂව ඡන්දය දෙන බව සහතික කර ගැනීමට ඔවුන් පොළඹවා ගැනීමට සියලු උත්සාහයන් දරමින් සිටී. ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් ඡන්දදායක ජනගහණයෙන් තුනෙන් එකක් පමණ වන බැවින්, තියුණු තුන්කොන් තරඟයකදී ඔවුන්ගේ සහාය ලබාගැනීම ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය වේ. ජනාධිපති අපේක්ෂකයන් වන ජනාධිපති වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන තිදෙනාම සුළු ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සාපේක්ෂ වශයෙන් ප්‍රබුද්ධ ස්ථාවරයන් දරන බව පෙන්වාදී ඇත. කෙසේවෙතත් ඔවුන්, තමන් පොරොන්දු වූ දේ ක්‍රියාත්මක කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගිය යුතුය.
අන්‍යෝන්‍ය කැපවීම සහ සම්මුතිය මත පදනම් වූ ජාතික සංහිඳියාව සඳහා වන මහජන ස්ථාවරයන් වාර්ගික සිංහල ජාතිකවාදයේ වේදිකාවක් මත ජනාධිපති ධුරයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විපත්තිදායක කාල පරිච්ඡේදයෙන් පසුව වඩාත් ශක්තිමත් වී ඇති බව පෙනේ. කෙසේවෙතත්, මෙම ජාතිකවාදී බලවේග ජනාධිපතිවරණය සඳහා යළි බලමුලු ගන්වනු දැකිය හැකිය. හිටපු ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයා වන නාමල් රාජපක්ෂ අවම වශයෙන් මැතිවරණ ජයග්‍රහණය සඳහා වාර්ගික සිංහල ජාතිකවාදයේ බලය උපයෝගී කරගැනීම ගැන සැළකිලිමත් වන ස්ථානවලදී තම මාමාගේ අඩිපාරේ යන බව පෙනේ. ඔහු පවසා ඇත්තේ “මේ බෞද්ධ රටේ සියලුම ආගම්වලට ගරු කිරීමට අපි කැපවී සිටිනවා. ඉඩම් සහ පොලිස් බලතල අපි පළාත් සභාවලට බෙදන්නේ නැහැ. උතුරේ දෙමළ ජනතාව නොමඟ යැවීමෙන් අපට ලැබෙන දෙයක් නැහැ.” යනුවෙනි. දෙමළ ජනතාව සහ ඇත්ත වශයෙන්ම නීතියේ ආධිපත්‍යය විශ්වාස කරන සියලුම ජනතාව මෙයින් දකිනු ඇත්තේ, පොලිස් සහ නීතියේ බලතල බෙදාහැරිය යුතු බව සඳහන් කරන 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම මිස අන් කිසිවක් නොවේ.
භුමියේ මෙම යථාර්ථයන්ට මුහුණදෙමින්, වාර්ගික දෙමළ ජාතිකවාදයේ බලවේග ද පොදු දෙමළ ජනාධිපති අපේක්ෂකයාගේ කුඩය යටතේ යළි බලමුලු ගැන්වීමට උත්සාහ කරයි. පසුගිය කාලයේ දෙමළ නායකයන් සහ ඔවුන්ගේ පක්ෂ ද මැතිවරණ වර්ජනය කර වෙන්වීමට උත්සාහ කළේ බහුතර වාර්ගික සිංහල ජනතාව කෙරෙහි ඇති අවිශ්වාසය හේතුවෙනි. මෙම ධ්‍රැවීකරණය, අත්සන් කරන ලද සහ ගරු නොකරන ලද ගිවිසුම්වල හේතුව සහ ප්‍රතිවිපාකය යන දෙකම ප්‍රදර්ශනය කිරීමක් විය. එහෙත් වර්තමානයේ රටේ ප්‍රධානතම සටන් පාඨය සහ අපේක්‍ෂාව වන්නේ ක්‍රම වෙනසකි. මෙය, සිය මැදිහත්වීම්වල වටිනාකම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාවට නැවත සිතාබැලීමට සහ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා දෙමළ ඡන්දදායකයන් වෙත ළඟාවීම සඳහා දෙමළ දේශපාලනය ජාතික දේශපාලන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කරවීමට කාලය එළඹ ඇති බවට ඉඟියකි. ජනාධිපතිධුරය දිනාගැනීමට උත්සාහ කරන අය, නීතියේ ආධිපත්‍යය විනාශ කරන සහ වාර්ගික හා ආගමික සුළු ජාතීන්ට වෙනස්කම් කරන මූලික යථාර්ථයන් වෙනස් කිරීමට කැපවිය යුතු බව ද එයින් අදහස් වේ.
භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යභුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි – ජෙහාන් පෙරේරා

භුමියේ මෙම යථාර්ථයන්ට මුහුණදෙමින්, වාර්ගික දෙමළ ජාතිකවාදයේ බලවේග ද පොදු දෙමළ ජනාධිපති අපේක්ෂකයාගේ කුඩය යටතේ යළි බලමුලු ගැන්වීමට උත්සාහ කරයි. පසුගිය කාලයේ දෙමළ නායකයන් සහ ඔවුන්ගේ පක්ෂ ද මැතිවරණ වර්ජනය කර වෙන්වීමට උත්සාහ කළේ බහුතර වාර්ගික සිංහල ජනතාව කෙරෙහි ඇති අවිශ්වාසය හේතුවෙනි. මෙම ධ්‍රැවීකරණය, අත්සන් කරන ලද සහ ගරු නොකරන ලද ගිවිසුම්වල හේතුව සහ ප්‍රතිවිපාකය යන දෙකම ප්‍රදර්ශනය කිරීමක් විය. එහෙත් වර්තමානයේ රටේ ප්‍රධානතම සටන් පාඨය සහ අපේක්‍ෂාව වන්නේ ක්‍රම වෙනසකි. මෙය, සිය මැදිහත්වීම්වල වටිනාකම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාවට නැවත සිතාබැලීමට සහ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා දෙමළ ඡන්දදායකයන් වෙත ළඟාවීම සඳහා දෙමළ දේශපාලනය ජාතික දේශපාලන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කරවීමට කාලය එළඹ ඇති බවට ඉඟියකි. ජනාධිපතිධුරය දිනාගැනීමට උත්සාහ කරන අය, නීතියේ ආධිපත්‍යය විනාශ කරන සහ වාර්ගික හා ආගමික සුළු ජාතීන්ට වෙනස්කම් කරන මූලික යථාර්ථයන් වෙනස් කිරීමට කැපවිය යුතු බව ද එයින් අදහස් වේ.මත් කරයි – ජෙහාන් පෙරේරා