මඩ වලට රැවටෙන්න එපා -අනුර දිසානායක

ජාතික ජන බලවේගයට එරෙහිව මේ වන විට විවිධ අසත්‍යය චෝදනා සහ මිථ්‍ය කතා සමාජය තුළ පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඒ වාට හසු නොවන ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අද (19) පැවති මාධ්‍ය හමුවකදීය පැවසිය .

දකුණු පාළාතේ පැවති මාලිමාවේ ප්‍රචාරක රැලි වලට අති විශාල ජනතාවක් රොද බැද ගත් ආකාරය දැකීමෙන් සතුරු පාර්ශ්ව ඉතා වේගයෙන් කලබල වී ඇතැය් කිී ඇතැයි පැවසු දිසානායක එම නිසාම ඔවුන් තම පක්ෂයට එල්ල කරන ප්‍රහාරය සහ අභුත චෝදනා වැඩි කර ඇතැයි කියහ .

අපට එරෙහිව චෝදනා නගන අය අතරින් එක් පිරිසක් නගන ප්‍රධාන චෝදනාව වන්නේ තම පක්ෂය බලයට පැමිණියහොත් ආගමික සහ ස්ංසකාතික උත්සව තහනම් කරන බවත් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර ආදිය රජයට පවරා ගන්නවා යැයි ව්‍යාපාරිකයන් මෙන් ජනතාව බිය ගන්නවා යැයි කී දිසානායක මේවා පට්ටපල් බොරු බවත් මේ රටේ පවත්නා ඔින‍‍ෑම ආගමික සංස්කෘතික කටයුත්තක් පවතින ආකාරයෙන් නිදහස් පැවැත්වීමට ඉඩ දෙන බවත් ව්‍යාපාර සහ කර්මාන්ත ශාලා දියුණු කිරීම සදහා රජය මගින් කළ යුතු සියලු ආධාර දෙන බවත් පැවසිය .

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරිමෙන් පසු කිසිදු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙකුට නියතුඩක හෝ හානියක් විමට ඉඩ නොතබන බවත් ඒ පිළිබද සියලුම වගකිම පක්ෂයක් ලෙස භාර ගන්නවා බවත් හෙතෙම අවධාරණය කළේය .

බත්තරමුල්ලේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යලයේ අද‌ පෙරවරුවේ මාධ්‍ය හමුවේදි අදහස් ඵල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *