මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබු කෝටි 08 ක මුදලක් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනී

පොලිසිය ලංකා ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව පැවති වැඩිම මුදල අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යිංශය අද (17) සමත් වී තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත් මුදල රුපියල් කෝටි 08ක් වන අතර එම මුදල අත්අඩංගුවට ගැනීමට අමතරව අයිස් ග්‍රෑම් 18 කැබ් රථයක් සහ වැන් රථයක් ද සිය භාරයට ගත් බව පොලසිය පවසයි.

සැකකරු එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවා ඇත්තේ බන්ධනාගාරයේ සිට බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි පොලිසිය එම මුදල්, අයිස් සහ රථ වාහන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැකකරුව රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කළ ඉල්ලිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *