මම ඩමියක් නම් විජේදාස රාජපක්ෂ කියන්නේ මමියක් – මහින්ද දේවගේ

හිටපු අමාත්‍යවරයෙකු වු ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කියන්නේ මේ රටේ කම්කරු -පීඩිත මහජනයා සහ තරුණයන් මර්දනය කිර‍ීම සදහා අණ පනත් හදපු අලුගෝසුවෙකු බව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ ජනාධිපතිධුර අපේක්ෂක මහින්ද දේවගේ පවසයි.

රාජපක්ෂ උන්හැ යුටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකද‍ි ප්‍රකාශ කරලා තියෙන්වා මහින්ද දේවගේ කියලා බස් එකේ එන අපේක්ෂයෙකු එක් ජන්දදායෙකු සදහා රුපියල් 600-1000 ත් අතර මුදලක් මැතිවරණ කොමිසන් සභාවේ පැවති සාකච්ජාවකදී යෝජනා කළ බවත් බස් එකේ එන අපේක්ෂයෙකු එවැනි මුදලක් වියදම් කිරීම සදහා යෝජනා කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු බව කියන ගමන් තමා වෙනත් පක්ෂයක ඩමියක් යැයි පවසන බව කී ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා මම ඩමියක් නම් රාජපක්ෂ කියන්නේ මමියක් බව දේවගේ පැවසිය.

ඔහු මේ බව පැවසුවේ විජේදාස රාජපක්ෂගේ අවලාද වලට පිළිතුරු දීම සදහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය පෙරේදා (03) බොරුල්ල ඇන් .එම් .පෙරේරා ශාලාවේ පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ජාවේදී අදහස් දක්වමින්ය.

විජේදාස සත්‍ය විකෘති කරමින් එල්ල කළ අද්භුත චෝදනා නිසා තමගේ දේශපාලන කීර්ති නාමයට හානි කිරීම නිසා විජේදාසගෙන් රුපියල් මිලියන 500 ක් මුදලක් ඉල්ලා දේවගේ විසින් නීතිඥයෙකු මාර්ගයෙන් එන්තරවාසියක් යැව් බවත් ලිපිය ලැබි දින 14 ක් ඇතුළත මුදල් නොගෙව්වොත් නඩු දමන බව ඔහු කීය .

 ඔහු අදහස් දක්වමින් මෙසේ පැවසිය .

අපි මෙම ප්‍රවෘත්තී සාකච්ජාව පවත්වන්නේ 2024 ජනාධිපතිවරණය පිළිබද ගැඹුරු සංවාදයක් ආරම්භ වී තිබෙන මොහොතක . 2024 අගොස්තු 16 වනදා මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ සාකච්ජාවක් පැවතුත්වා ජන්දදායෙකු වෙනුවෙන් අපේෂකයෙකු කොපමණ මුදලක් වියදම් කළ යුතු යන්න පිළිබදව . මමත් ඒ සාකච්ජාවට සහභාගි වුණා .සමහරු රුපියල් 250 ක් යෝජනා කළා . තවත් සමහරු රුපියල් 300ක් යෝජනා කළා .මම අදහස් ඉදිරිපත් කළේ නැහැ . මම මගේ අදහස් ඉදිරිපත් කළේ ලිඛිතව.

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු වන විජේදාස රාජපක්ෂ චමුදිත සමරවික්‍රමගෙ Truth Chamuditha සම්මුඛ සාකච්ජාවේදි ප්‍රකාශ කරනවා මහින්ද දේවගේ එක් ජන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 600 ත් 1000ත් අතර මුදලක් යෝජනා කළ බවත් එවැනි මුදලක් යෝජනා කරන්න මට මුදල් කොහෙන්ද කියලා ප්‍රශ්න කරන ගමන් මම වෙනත් අපේක්ෂකයෙකු ඩමියක් කියලා කියනවා .

විජේදාස කියන්නේ කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවා . විජේදාස කියන්නේ අලුගෝසුවෙක් . විජේදාසට ජන්දය ලැබෙන්නේ නැහැ . ජන්දය ඉල්ලන්න අයිතියකුත් නැහැ .

අපි අර පිලට මේ පිලට පැන්නේ නැහැ .අපි මහජනයා පාවා දුන්නේ නැහැ .අපි විජේදාසලා වගේ ධනපති කදවුරු වල වළං සේදුවේ නැහැ. ධනපති ගුබ්බ‍ෑයම් වග වළං සෝදපු අය අද ස්වාධීන අපේක්ෂකයෝ කියලා ඉදිරිපත් වෙනවා. විජේදාස මහත්තයෝ තමුන්නාසේට වගේ අපිට ජනාධිපති රුදාවක් නැහැ.

අපි ඉල්ලන්නේ මේ ධනපති දෙපොල හිමි පන්තිය විප්ලවකාරී ලෙස පරාජය කරලා , ඒ දෛපොල කම්කරු -පීඩිත මහජනය සතු කරන්න කියලා . අපි සටන් කරන්නේ ජාතික සීමා තුළ නොව ජාත්‍යන්තර පරිමානව කම්කරු -පිඩිත ජනයා බලමුළු ගැනවීම සදහා .

ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාව ඇතුලේ සමාජවාදී සමුහාණ්ඩුවක් පිහිටුවිමෙන් පමණයි කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර සෙවිය හැක්කේ . ජාතික සීමාවන් ඇත්ලේ මොකා බලයට පත් වුවත් මහජනතාගේ ප්‍රශ්න වලට උත්තර නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අධිරාජ්‍යවාදී එජන්තයෙක්. සජිත් ප්‍රේමදාස කියන්නේ අයි.එම් .එෆ් එක්ක සාකච්ජා කරනවා කියලා .ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය කියන්නේ අද වෙනකොට ධනපති පක්ෂයක් . ජාජබය කියන්නේ සොරා කෑම නතර කළාට පස්සේ ධනපති ක්‍රමය හදන්න පුළුවන් කියලා .සොරා කෑම නතර කළාට පස්සේ ධනපති ක්‍රමයේ අර්බුදය හමාරයි කියලා .ධනපති ක්‍රමයේ අර්බුදය අවසන් කළ හැක්කේ කම්කරු පන්තිය දැනුවත්ව ධනපති ක්‍රමය විස්තාපනය කිරීමෙන් පමණයි . සොරා කෑම කියන්නේ ධනපති ක්‍රමයේ අවේනික ලක්ෂණයක් .

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මේ මැතිවරණය තරග කරන්නේ අපේ මතවාදය කම්කරු -පීඩිත ජනතාව අතරට අරගෙන යන්න . අපි විශ්වාස කරන්නේ සමාජවාදී සමානත්මතාය හදන්න පුළුවන් වැඩ කරන ජනතාවගේ ආ‍ණ්ඩුවකට පමණයි කියලා .

විශේෂයෙන් දෙමළ ජනතාවගේ ඉරණම තවමත් තිරණාත්මකයි .රනිල් වික්‍රමසිංහ හෝ අනුර දිසානයක හෝ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස පුරුද්දට වගේ බලය බෙදනවා කියනවා. ලාංකි සමාජය ඇතුලේ ජාතික ප්‍රශ්නයට ස්ව්‍යං තිරණ අයිතිය පදනම්ව විසදුමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *