මර්දනය කිරීමට එරෙහිව පෙනී ඉන්නවා

The All India Democratic Students Organization stands against the repression of the activists

අන්තරේ කැදවුකරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස රදවාගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව හා අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය (AIDSO) විසින් නිකුත් කළ ප්‍රකාශය.

The All India Students Organisation (AIDSO) has issued a statement condemning the detention of three students including, Wasantha Mudalige, Convenor of the Inter University Student Federation, under the Prevention of Terrorism Act (PTA).

සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය (AIDSO)

සමස්ත ඉන්දීය කමිටුව (All India Committee)

මධ්‍යම කාර්යාලය, 48, ලෙනින් සරණි, කල්කතාව

06.09.2022

“අවිවිශිබම සමඟ අපි සහයෝගිතාවයෙන් පෙනීසිටිමු”

ටෙරන්ස් රොද්‍රිගු

කැඳනුම්කරු,

අන්තර් විශ්ව විද්‍යායාල ශිෂ්‍ය බල මණ්ඩලය

පළමුවෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ෆැසිස්ට් රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් කරන ජනතා ව්‍යාපාරය වෙත අපේ ගෞරවය මෙන්ම හදපිරි සහෝදරත්වය පුද කරමු. එමෙන්ම, මෙම ජනතා ව්‍යාපාරයට ඉතා උස් ලෙසින් තම දායකත්වය ලබාදෙන විශ්ව විද්‍යාල සිසු සගයින්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයට අපගේ විප්ලවීය සුබ පැතුම් පිරි නමමු.

එක්තරා කාලයක, මෙම භූමි කලාපයේ, උසස් ජීවන රටාවකට හිමිකම් කියන රටක් ලෙස ලොවට උදාහරණයක් වූ ශ්‍රී ලංකාව, බංකොලොත්භාවයට ඇද දැමීමට එරෙහිව ගොඩ නැගුනු ජනතා ව්‍යාපාරය, රජයේ ආරක්ෂක අංශ විසින් ලක් කරන දරුණු සහ විනාශකාරී මර්දනය පිළිබඳ ඔබගේ ලිපිය තුළින් අපි තවත් දැනුවත් වුණෙමු. එමෙන්ම, එම ජනතා ව්‍යාපාරය තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉටු කරනා කාර්ය භාරය දැකීම අපිට ඉමහත් ශක්තියක් දුණි. ඔබගේ ශිෂ්‍ය සංවිධානය එම ජනතා ව්‍යාපාරය තුළ ඉටු කරන අතිශයින් වැදගත් භූමිකාව හේතුවෙන් රාජ්‍ය මර්දනය ඔබ සියල්ලන් ඉලක්ක කරන බව අවිවාදිතය.

ධනවාදයේ ඉතාමත් ප්‍රතිගාමී වකවානුවක් වන අද, ලොව අනෙක් රටවලද ධනේශ්වර පාලකයන් යටතේ ෆැසිස්ට්වාදී වැඩ පිළිවෙලවල් නොයෙක් ආකාරයෙන් මතුවනබව අපි දනිමු. ඔබේ රට මෙන්ම අපේ රටද අද අත්දකින යතාර්ථය මෙයයි. නිදහස් අදහස් පළ කිරීමේ උත්තරීතර අයිතිය සහ ත්‍රස්තවාදය අතර වෙනසක් නැති සේ වර්තමාන ජාතිවාදී ෆැසිස්ට් රජයන් සිය දුර්දාන්ත මර්දනය දියත් කරති. යහපත් ජීවිතයක් ඉල්ලන ජන අරගලකරුවන් සිර බන්ධනයට ලක් කරති. මාධ්‍ය නිදහසට බාධා පමුණුවති.

මේ තත්වය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ නිරතවන සියළු බලවේග, තම එකමුතුකම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව අප තරයේ සිහි තබා ගත යුතුව ඇත. පාලක පන්තියේ කුමන්ත්‍රණ පැරදවීමට ජන අරගල කමිටු පිහිටුවමින් ජන අරගලය ශක්තිමත් කළ යුතුය.

වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන්නා වූ ජනතා මර්දනය සහ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව මර්දනයට ලක් කිරීම, අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම, පසුගිය අගෝස්තු 18 දින සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කළ ම්ලේච්ඡ හා නින්දිත පහර දීම අපි තරයේ හෙළා දකිමු. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත තම සහෝදර දෑත් දිගු කරන මෙන්, ලොව පුරා විසිරී සිටින සියළු ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය ව්‍යාපාරයන්ගෙන්, අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

උණුසුම් සහෝදරත්වයෙන්,

වී. එන්. රාජශේකර් (සභාපති)

සවුරාව් ඝෝෂ් (ප්‍රධාන ලේකම්)

AIDSO All India Committee

All India Democratic Students Organization – AIDSO

Leave a Reply

Your email address will not be published. Required fields are marked *