මහජන ආරක්ෂ ඇමති ටිරාන් අලස්ගේ කයිවාරුව විතරයි වැඩ නැහැ

පසුගිය දිනක මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් නීතිඥයින් කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට අවලාද නගමින් තර්ජනය කළේය .

අලස්ගේ එම අවලාද නැගිමට සහ තර්ජනය කිරීමට එරෙහිව නීතිඥ සංගමය ප්‍රකාශයක් ද නිකුත් කළේය .

අලස් පවසා සිටියේ අපරා‍ධකරුවන්ට සහ මතු කුඩු ජාවාරම්කරුවන්ට රටින් පැන යැමට හැකි වී ඇත්තේ නීතිඥවරු ඇප ලබා ගන්නා නිසා බවයි .නීතිඥවරු ඔවුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලුව ද ඇප ලබා දෙන්නේ අධිකරණය මගින්ය  අලස් නීතිඥවරුන්ට පමණක් නොව අධිකරණයට ද ඇගිල්ල දිගු කරයි .

අපරාධකරුවන් සහ කුඩු ජාවාරම්කරුවන් රටින් පැන යෑම සම්බන්ධයෙන් මුළුමනින් වගකිව යුත්තේ නීතිඥවරු නොව අලස්ගේ පොලිසියයි .

හරක් කටා සහ පානදුරේ සලිදු වෙනුවෙන් පෙනී සිටි සිටි නීතිඥ නලින් ලද්දුව හෙට්ටි අලස් වෙනුවෙන් ද පෙනි සිටියේය . ලද්දුව හෙට්ටි 2010 වර්ෂයේ ලංකි ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රව‍ාත්තී කර්තෘ බෙනෙට් රූපසිංහව බොරු චෝදනා දමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් ද පෙනි සිටියේය . බෙනෙට් රූපසිංහව බොරු චෝදනා දමා අත්අඩංගුවට ගත්තේ එවකට පැවති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසිනි . පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ඔ්න‍ෑම සැකකරුවෙකු වෙනුුුුවෙන් පෙනී සිටිමට නීතිමය වශයෙන් අයිතියක් ඇත. නීති‍ඥයාට ඔහුගේ පුද්ගලික සදාචාර්මය හේතු හැරුණු කොට සෑම සැකකරුවෙකු පෙනී සිටිමට වෘත්ත‍ිමය භාවය අනුව ද අයිතියක් ඇත.

ජනා‍‍ධිපති නීතිඥ රුමේෂ් සල්වා මහ පරිමාන මතු කුඩු ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන ගම්පොල විදානආරච්චිගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටියේය .පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව ‌පොලිස්පති ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේදී තෙන්නකොන් වෙනුවෙන් පෙනි සිටියේ ද එම ජනාධිපති නීතිඥ රුමේෂ් ද සිල්වාය .

රුමේෂ්ද සිල්වා පොලිස්පති තෛන්නකොන් වෙනුවෙන් පෙනි සිටියදී  එ මගින් ලැදියිවන් අතර ගැටුමක් ඇති වන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් දියත් කර ඇති ඊනියා යුක්තියේ මෙහෙයුම මහජනයාව අත්තනොමතිනව සහ නීති විරෝධීව අත්අඩංගුවට ‌ගෙන සිදු කරන මරා දැමිම් සහ බොරු චෝදනා දමා බන්ධනාගාරගත කිරිමට එරෙහි විම නිසා උරණ වු අලස් සහ තෙන්කොන් නීතිඥයින් කුඩ ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි අවලාද නගා තර්ජනය කරන්නට වුහ . අලස්ලාගේ සහ තෙන්නකොන්ගේ තර්කය කුතර්කයක් වන්නේ මෙතැනදීය. අලස් කබරගොයා තලගොයා කර ගැනිමේ න්‍යාය මෙතැන දී පාවිච්චි කරයි .

අලස් සහ තෙන්නකොන් ‌කුඩු ජාවාරම් කාරයින් සහ පාතාල අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි අවලාද නගා තර්ජනය කරන්නේ සමස්ත නීතිඥ ප්‍රජාවටමය . ඒ වැනි අවස්ථාවක බලයෙන් උන්මාදව මහජනයා පීඩිාවට පත් කරන මේ වැනි තක්කඩියන් වෙනුවෙන් පෙනී සිටිම නීතිඥවරු ප්‍රතික්ෂේප කළ යුතුය.

අලස් යුද්ධය සමයේ මහජන මුදල් රාඩා සොලිය හරහා වංචා කළා යැයි චෝදනා ලැබ පසුව අධිකරණය මගින් නිදහස් කළ අයෙකි .

සල්ලි සහ හිතමිත්‍රකම් වලට වඩා වටින්නේ නීතිඥ වෘත්තීයේ ගරුත්වයයි . ඔබලාට ඒ වැනි ගරුත්වයක් අවශ්‍ය නැත්නම් අපට ඔබලාව රැකීමට ද අවශ්‍ය නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *