මහර බන්ධනාගාර රැදවියන් 11 මරා දැමීම අපරාධයක් – වැලිසර මහේස්ත්රාත්
“කොඩිඩි පරික්ෂණ සිදු කරන ලෙසත් කෝවිඩ් ආසාදනය වු රැදවියන්ට ප්රතිකාර ලබා දෙන ලෙසත්” ඉල්ලා මහර බන්ධනාගාර රැදවියන් විරෝධතා උද්ඝෝෂණයක් කළ අතර එම විරෝධතාවය මැඩ පැවැත්වීමට යැයි බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා රැදවියන් 11 දෙනෙක් මරණය සිදු කිරීම , අපරාධයක් බව තිරණය කළ වැලිසර මහේස්ත්රාත් තුසිත ධම්මික උඩිව විවාදන එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඊයේ (26) නියෝග කළේය .
මරණකරුවන් ගේ ශරීරයේ වෙඩි වැදි ඇති ස්ථාන අනුව කැරැල්ලක් මැඩපැවැත්වීමට සිදු කළ වෙඩි තැබිමක් ලෙස පෙනෙන්නේ නැති බව තීන්දු කළ මහේස්ත්රාත්වරයා රැදවියන් විසුරුවා හැරීම සදහා කලහාකාරී ලෙස හැසිරී වෙඩි තැබු බවක් පෙනී යන බව සදහන් කර ඇත.
මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙක් වෙඩි තබා ඝාතනය කර රැදවියන් 60 කට තුවාල සිදු කළ සිද්ධිය වුයේ 2022 නොවැම්බරු 29 වෙනිදාය .
බන්ධනාගාර නිලධාරීන් හතර වටේ වෙඩි තැබු බවත් වෙඩි වැදි බන්ධනාගාරය තුළ වැටි සිටි නිලධාරීන් ගේට්ටුව වෙත රැගෙන ගිය රැදවියන්ට ද නිලධාරීන් වෙඩි බව කැරැල්ල සිදුවන අවස්ථාවේ මහර බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් කිපදෙනෙක් අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා තිබේ .
මහර බන්ධනාගාරයේ විරෝධතාවයක නිරත් වු රැදවියන්ට එම බන්ධනාගාරයේ නිලධාරීන් වෙඩි තැබිම නිසා 11 දෙනෙක් මරණයට පත් කරමින් සහ 60 කට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කළ මහේස්ත්රාත් පරික්ෂණය අවසානයේ තීන්දු ප්රකාශයට පත් කරමින් , මිය ගිය රැදවියන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කරන්නැයි නියෝග කෙළ්ය .
අමිත් සුභසිංහ .රවිදු සුලක්ෂණ ,රුද්ගු සුජිත් කුමාර , ප්රගීත් අතුල කුමාර , කාරියවසම් හෙවත් රංග ,සම්පත් පුෂ්ප කුමාර ,භවන්ත මාලක ,අවිශ්ක මධුෂාන් ,ලහිරු නිමන්ත ,සහ සුජිත් කුමාර යන අය සදහා මරණ සහතික නිකුත් කරන්නැයි නියම කළේය .
එම විරෝධතාව මැඬපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මුලින්ම ‘කඳුළු ගෑස්’ ප්රහාරයක් එල්ල කර ඇති බවටත්, ඉන් අනතුරුව ‘රබර් උණ්ඩ‘ යොදා කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තැබූ බවටත්, ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දී ඇති බවත්, ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් කළ මහෙස්ත්රාත් පරීක්ෂණයේ දී සාක්කි ඉදිරිපත් විය.
මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බව ද පැවසීය. ඒ අනුව මෙතැන අපරාධයක් සදු වී ඇතැයි තීන්දු ඛල මහේස්ත්රාත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය .