මහර සිරකරුවන්ට යුක්තිය ඉල්ලා පැවැත් වු පාගමනට පොලිස් බාධා

මහර සිරකරුවන් ඝාතනය කිරීම යට ගැසීමට නීතිපතිවරයාට ඉඩ නොදෙමු යනුවෙන් පාගමනක් අද (11) උදේ 10.30 කොටුව දුම්රිය පොල අසලින් ආරම්භ කර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව දක්වා ගමන් කළහ.

එම විරෝධතා පාගමන සදහා මහර බන්ධනාගාරයේදී මරා දමන ලද සිරකරුවන්ගේ ඥාතීන්, බන්ධනාගාරගත කර සිටින අනෙකුත් සිරකරුවන්ගේ ඥාතීන් සහ සිවිල් ක්‍රියාකාරී ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර මෙම පාගමන සංවිධානය කරන තිබුණේ ,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය මගිනි.

මහර බන්ධනාගාරයේ කොවිඩ් වසංගත සමයේ සිරකරුවන් අතර ඇති වු නොසන්සුන්තාවයක් හේතු කොටගෙන සිරකරුවන් එකලොස්දෙනෙකු ඉතා (11) අමානුෂිකව වෙඩි ඝාතනය කරන ලදී. එම සිරකරුවන් 11 දෙනා ඝාතනය කර ඇත්තේ නොසන්සුන්තාවය පාලනය කිරීමට කටයුතු කරන්නට ගොස් නොව චේතාන්විතව පපුවට සහ ඔලුවට තැබු වෙඩි තැබිම් හේතුවෙන් එම සිරකරුවන් මිය ගොස් ඇතැයි තින්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩවිදාන ඊට වගකිව යුතු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තවේ සමුහ මංකොල්ල අංශයට නියෝග කළේය.

පසුව එම අපරාධ නඩුව වසා තබන්නැයි නීතිපතිවරයා වැලිසර මහේස්ත්‍රාත්වරයාට දැනුම්දීමත් සමග මහර සිද්ධිය නැවත කතා බහට ලක් විණ.

කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන ලෝක වෙළදපල ඉදිරිපිට දී පොලිස් නිලධාරීන් මැදිහත් වී නතර කිරීමට කටයුතු කළ අතර පසුව පොලිසිය සහ පාගමන්කරුවන් අතර නොසන්සුන්තත්යක් වර්ධනය වුහ. බැනර් සහ පිකට් බෝඩ් හකුලාගෙන පදිකවේදිකාවෙන් ගමන් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීමට පසුව එකග වු පාගමන්කරුවන් පදිකවේදිකාව ඔස්සේ සටන් පාඨ කියමින් සහ කතා පවත්වමින් පාගමන්කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව දක්වා ගමන් කළහ. පසුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාට දීම සදහා සුදානම් කර තිබු සංදේශය භාර දීම සදහා හතරදෙනෙකුට පමනක් අවසර දෙන ලදී.

මහර බන්ධනාගාරයේ රදවා සිටිය දී මරා දමන ලද සිරුකරුන්ට යුක්තිය ඉෂ්ට කරන ලෙසත් , සිවිවස් සමාලෝචනය ක්‍රියාත්මක කර රැදවියන්ට සහන සලසන ලෙසත් පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ පවතින බුස්ස බන්ධනාගාරය ඉන් මුදාගෙන සමාන්‍ය බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරන්නැයි යන ඉල්ලීම තුන සදේශයට ඇතුළත් කර ඇත.

එම සංදේශය බාර දීම සදහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා ,එම කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සහ සිරකරුවන්ගේ ඥාතීන් දෙදනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ . අනෙකුත් පාගමන්කරුවන් බැනර් සහ පිකට් බෝඩ් ඔසවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදි සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කර තිබු අතර සුදු ඇද ගත් කිපදෙනෙක් දුරදක්නා භාවිතා කරමින් පාගමන්කුවන් කවුද යන්න නිරික්ෂණය කරන බවක් ප්‍රදර්ශනය විය. මිට පෙර එවැනි ක්‍රියාකාරකම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දකින්නට ලැබි නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *