මාක්ස්වාදයට හතුරු 71 මදාවිකාරයන්ගේ පුස් රංගන

ශාන්ත විජේසුරිය විසිනි.

රංජිත් අමරසිංහ හෙවත් පොඩි රංජි සහෝදරයා විසින් රචිත 71 බක්මහ අකුණ පොත පිළිබදව පැවති සංවාදයට එක්වීමට මට ද අවස්ථාවක් ලැබුණි. එම පොතේ වැඩේට මට ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරයෙකි . ඔහුට අමරසිංහ සහෝදරයා පිදු පොත මට ගෙනැවිත් දී කියවා එන්නැයි සහෝදරාත්මක ඇරයුමක් කළේය.

මෙම පොත පිළිබද සංවාදය පැවතියේ  ඔක්තෝම්බර් ( 07) කොළඹ බොරුල්ලෙ ඇන්.එම. පෙරේරා අනුස් මරණ ශාලාවේය .

රංජිත් සහෝදරයාගේ පො‌තේ වැඩේ පිළිබද මගේ මතකයෙන් ගිලිහි ගොස් තිබු අතර ඔක්තෝම්බර 08 වැනිදා බලපිටියේ අධිකරණය ඉදිරිපිට පැවැත්වීමට සුදානම් කර තිබු උද්ඝෝෂණයට පෝස්ටර ඇදිම සදහා පංචිකාවත්තේ පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදින්ගේ සංගම් කාර්යාලයට පැමිණ සිටියෙමි. පෙරටුගාමී සහෝදරයා ශාන්ත සහෝදරයා වැඩේ පටන් ගන්න යන්නේ එනවා නේදැයි දුරකතනයෙන් සිහි කැදවීමක් කළේය. ඒ වනවිට මාව හමු වීම සදහා අරගලයේ නිරෝෂී සහෝදරිය මාධ්‍ය කාර්යාලය වෙත පැමිණ සිටි අතර මම නිරෝෂි සහෝදරියවත් කැටුව ඇගේ යතුරු පැදියේ නැගී බොරුල්ලට ගියෙමි . අප යන විටත් පොත පිළිබද සාකච්ජා ආරම්භ කර තිබුණි .

රංජිත් අමරසිංහ සහෝදරයා රචනා කළ 71 බක්මහ අකුණු පොත සම්බන්ධයෙන් ප්‍රධාන දේශන දෙකකට කාලය වෙන් කර තිබු අතර පලමු දේශනය අප එතැනට යන විටත් මාධ්‍යවේදී රෝහණ වර්ණකුසුරිය සහෝදරයා පවත්වමින් සිටියේය.

පොත හා බැදුණු දෙවන දේශනය පවත්වන ලද්දෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසිනි.

වර්ණකුලසුරිය සහෝදරය කලාව සම්බන්ධයෙන් විශේෂයෙන් මාක්ස්වාදී කලා විචාරය සමාජසත්තා යථාර්ථවාදී කළා විචරයකට ඌනනය කළේය . සමාජසත්තා යථාර්ථවාදී රීතිය යනු කලාකරුවෙක් තමන් නිර්මාන කරණයට ප්‍රවිශ්ෂට වන්නට පෙර නිශ්චය කරගත් සංකල්පයක් කලා කෘතියෙන් ප්‍රකාශයට පත් කිරීමයි. පවතින වෛෂික යථාර්ථය නොව කලාකරුවා විසින් අපට පිළිගන්නටැයි බල කරන ඔවුන් විසින් නිර්මිත යාථාර්ථයක් අප මත පටවන්නට දරණ උත්සහයයි.  ජාතික ජන බලවේගයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ධනපති නියෝජිතයෙකු නොව මාක්ස්වාදී විප්ලවවාදියෙකු යැයි අපට එත්තු ගැන්වීමට දරණ වෑයම එවැන්නකි‍.

  අපෝක භෞතිකවාදී ප්‍රවාදයට අනුව කලාව යනු යථාර්ථය ජය ගැනීමේ භාවිතයකි.  

“අපෝක භෞතිකවාදීන් වන අපි යථාර්ථය ජය ගැනීමේ භාවිතයකින් වියුක්තව මිනිසාට යාථාර්ථාබෝධය ලැබිය හැකිය යන සංකල්පය ප්‍රතික්ෂේප කරමු. කලාව යථාර්ථඥානය සම්පාදනය කරන්නේ ,එය යථාර්ථයෙහි තමන්ට අභියෝගයක් වන විෂයක් මත තම ස්වාමීත්වය තහවුරු කිරීමේ අභිලාෂයන් මෙහෙයවෙන මිනිසා නිමග්න වන්නා වු ,යථාර්ථය ඥානනය කිරීමේ වෛෂික නිර්මානාත්මක භාවිතයක් වන හෙයිනි.” (නුතන සිංහල සාහිත්‍ය විචාරය – මහචාර්ය පියසීලි විජේගුණසිංහ)

වර්ණකුලසුරියට මාක්ස්වාදී කලා විචායර සහ සමාජසත්තා යථාර්ථවාදී රීතිය පැටලුනා නොව ස්ටැලින්වාදී සහ මාඔිවාදී  ආස්ථානයන්ගෙන් වැගිරෙන්නකි. ඔහු කලක් ජනතා විමුක්ති පෙරමුණට ආසක්තව වැඩ කළ සහ අද ජාජබයේ ආණ්ඩුව කෙරෙහි බලාපොරෝත්තු දල්වාගෙන සිටින සහෝදරයෙකි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ඔහුගේ දේශනය ආරම්භ කළේ 1871 පැරිස් කොමියුනය සහ 1971 අරගලය දෙකාක් නොව එකාක් යැයි පවසමින්ය. 1871 පැරිස් කොමියුනය මහජනයා සහභාගි වු විප්ලවයක් බවත් 1971 කියන්නේ කේඩරයට පමනක් සිමා වු විප්ලවයක් බව පැවසිය. පැරිස් කොමියුනයෙන් අවුරුදු  සියකට පස්සේ 1971 ලංකාවේ විප්ලවයක් සිදු වු බව ඔහු පැවසීය.

අදහස් දැක්වීමට ලැබුනු අවස්ථාවේ ලියුම්කරු 1871 පැරිස් කොමියුනය සහ 1971 අරගල යනු එකාක් නොව දෙකාක් බවත් 1871 පැරිස් කොමියුනය පලමු කම්කරු පන්තික විප්ලවයක් බව පෙන්වාදුන්නේය.

1971 සංසිද්ධිය යනු විප්ලවයක් නොව කැරැල්ලක් බවත් 1971 කැරැල්ල ගැසු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවිර පවා එම සංසිද්ධිය හැදින්වුයේ ජවිපෙ ඇතුලේ අවස්ථාවාද‍ින්ගේ කුමන්ත්‍රණයක් කියා බව ලියුම්කරු පැවසිය. විජේවිර කුමන්ත්‍රණයක් ලෙස හැදින් වු 1971  කැරැල්ල පුබුදු ජයගොඩ විප්ලවයක් යැයි හදුන්වයි. ඔහුගේ එම විග්‍රහය ‌ෙඑතිහාසිකව මෙන්ම මාක්සවාද‍ය  අනුව ද වැරැදිය බව ලියුම්කරු පැවසීය.

1871 පැරිස් විප්ලවය මාක්ස්ට පවා නැවත හිතන්න බල කළා පමනක් නොව කොමියුනිස් ප්‍රකාශනය පවා නැවත ලියන්නට එම අත්දැකිම බලප‍ැවේය. පැරිස් කොමියුනයේ ප්‍රධාන හා මුලික පාඩම් කොතරම් විශාල වැදගත්කමක් දරන්නේදයත් ඒ නිසා කොමියුනිස් ප්‍රකාශනයට සැහෙන නිවැරැදි කිරීමක් පවා කළ යුතු යැයි මාක්ස් හා එංලග්ස් සිතුහ.  ධනපති රාජ්‍ය යන්ත්‍රය ඒ ආකායෙන් නිර්ධන පන්තියේ උවමනාවන් සදහා පාවිච්චි කළ නොහැකි බවත් ධනපති රාජය යන්ත්‍රය කඩා බිද විසුරුවා දැමීය යුතු බවත් මාක්ස් පැරිස් කොමියුන් අත්දැකීම ඇතුලේ අවධාරණය කළේය . පැරිස් කොමියුන් විප්ලවයට මාක්ස් ඒ මොහොතේ එකග නොවුනත් එය පරාජයෙන් අවසන් වන බව දැනගෙනත් ඔහු පැරිස් කොමියුනේ කොමියුන්වරුන්ගේ වීරත්ය ආරක්ෂා කළේය.

මාක්ස් ප්‍රකාශ කළ පරිදි” දෙව්ලොව අල්ලා ගත්” කොමියුනාර්වරුගේ වීරත්වය ගැන ඔහු උනන්දුවක් දැක්වුවා පමනක් නොවේ. පොදුජන විප්ලවාදී ව්‍යාපාරය සිය පරමාර්ථයන් මුදුන් පමුණුවා නොගත්තද එහි ‌ෙඑතිහාසික විප්ලවාදී අත්දැකීම් ඔහු දුටුවේය. එය නිර්ධන පංති ලෝක විප්ලවයේ එක්තරා ඉදිරි ගමනක් ලෙස හා වැඩපිළිවෙලවල් සිය ගණනකට හා තර්ක වලට වඩා වැදගත් ප්‍රායෝගික පියවරක් ලෙසත් ඔහු දුටුවේය. එම පරික්ෂණය විශ්ලේෂණ කිරීමටද , ඉන් උපක්‍රමීය පාඩම් ඉගෙන ගැනිමටද  ,ඒ අනුව තම න්‍යාය නැවත පිරික්සා බැලීම ද යන කාර්යයන් විසදීමෙහිලා මාක්ස් නිරත විය.

“කොමියුනිස්ට් ප්‍රකාශනයේ” අලුත් ජ්ර්මන් මුද්‍රණයේ අවසාන පෙරවදන හි කතුවරුන් දෙදනා විසින් ලියන ලද්දේ 1872 ජුනි 24 ද්‍රය . “කොමියුනිස්ට්  ප්‍රකාශනයේ “වැඩ පිළිවෙල සමහර තැන්වල යල්පැන තිබේ යැයි කාල් මාක්ස් ප්‍රෙඩික්ස් එංගල්ස් එහි පෙරවදනේ පැවසුහ. ……”සාදා පිළියෙල කරන ලද රාජ්‍ය යන්ත්‍රණයක් අල්ලාගෙන තමන්ගේ උවමනාවන් සදහා එය පාවිච්චි කිරීමට නොහැකි බව විශේෂයෙන් ම පැරිස් කොමියුනය ඔප්පු කළේය.”

                        ( රජය හා විප්ලවය -වි.අයි. ලෙනින්)

 නමුත් 1971 අරගලයෙන් අපි ඉගනගත් පාඩම් මොනවාද?  මේ පොතේ සදහන් වන ආකාරයට කැපවිම් සහ පරිත්‍යාගයන් පමනයි. කැපවිම් වලට පමනක් විප්ලවයක් කළ හැකිද? අපි ජිවත් වන සමාජය පන්ති සමාජයකි . බලය හොබවන්නේ ධනපති පන්ති පන්තියයි. මාක්ස් පෙන්වාදෙන්නේ ධනපති ක්‍රමයේ පරස්පරයන් ජය ගත හැක්කේ , එසේ නැතිනම් ධනපති ක්‍රමය පෙරළා දැමීය හැකි ශක්‍යතා සහිත සහ ඒ සදහා වෛෂික තත්වයන් විසින් නිරිමානය කර ඇති එකම පන්තිය කම්කරු පන්තිය පමනක් බවයි. කම්කරු පන්ති ඉදිරිදර්ශනය මත පදනම්ව ගොඩ නගන ලද කම්කරු පන්ති නායකත්වයක් නොමැතිව විප්ලවය ජය ගත නොහැකිය .මාක්ස්වාදයට අනුව 1971 කැරැල්ල කම්කරු පන්තිය මත පදනම් වු නායකත්වයක් යටතේ ගසපු කැරැල්ලක්ද?  නැහැ . රැකියා වියුක්තිය ,කුල පිඩනය ,විශේෂයෙන් ලංකීය ‍ධනේශ්වර පංතියට ගැමි සුළු ධනේශ්වරයේ මොනයම් හෝ ප්‍රශ්නයක් වීසදීමට අපොහොසත්කම නිසා හට ගත් නැගිටිමකි.

71 අරගලය යනු ලංකීය ධනපති දේපොල සම්බන්ධතා තුළට කඩා වැදී එවා අහෝසී කිරීමට දරපු ප්‍රයත්නයකටත් වඩා සමගි පෙරමුණ ආ‍ණ්ඩුවට බලප‍ෑම් දමා නම්මා ගැනීමට දරපු ප්‍රයත්නයකි. ජවිපෙ 71 බලය ගත්තා නම් (අද) ජාජබය මෙන්ම ධනපති ක්‍රමය පවත්වගෙන ය‍ැමට කටයුතු කරනු ඇත. ජවිපෙ 71 සභාග ආණ්ඩුවට සහයෝගය දුන්නා පනක් නොව ධනපති නායයිකාවක් වු සිරිමාවෝ බණ්ඩාරනායකට ආරක්ෂාව තියෙන්නේ අධිරාජ්‍යවාදීන් ආරක්ෂාව සදහා ගොඩනගා ඇති සන්නද්ධ හමුදා වලින් නොව නිර්ධන පංති ජනතාව වන අපෙන් යැයි ජනතා විමුක්ති පත්‍රයේ අවධාරණය කෙරෙණ.

ජනතා විමුක්ති පෙරමුණ යනු සිංහල බෞද්ධ ගැම් සුළු ධනේශ්වරය පන්තිය මත පදනම් වු මධ්‍යම පන්තියේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයකි . ජවිපෙ යනු ලංකාව තුළ බිහි සුවිශේෂී ප්‍රපංචයක් නොවන අතර ලෝක පරිමාන මේ වැනි ව්‍යාපාර දක්නට ලැබේ. 1900 ගණන් වල රුසියාවේ වොල්යා ව්‍යාපාරයත් (නරෝද්නික් ව්‍යාපාරය ) 1950 ගනන් වල කියුබාවේ කැස්ත්‍රෝ ව්‍යාපාරයත් නිකරගුවාවේ ජාතිකවාදී ව්‍යාපාරයක් වු සැන්ඩිස්ටා ව්‍යාපාරයත් පෙන්වා දිය හැකිය.

ජවිපෙ බිහි විමට ආසන්න හේතුව 1964 ලංකා සමසමාජ පක්ෂය ඉල්ලිම් 21 ව්‍යාපාරය පාවාදී සිරිමාවෝ බණ්ඩාරනායක සමග ධනපති සභාගයට ඇතුළත් විමත් නිර්ධන පන්තියේ විප්ලවවාදී කාර්ය භාර්ය විශද ලෙස ප්‍රතික්ෂේප කිරිමත් අර්ධ යටත් විජිත හා පසුගාමි රටවල ජාතික ධනේශ්වරයට එරෙහිව විප්ලවාදී අරගලය ප්‍රතික්‌ෂේප කරමින් මයිකල් පැබ්ලෝ ගෙන ගිය සංශෝධනවාදී ව්‍යාපාරය ලෝක පරිමානව සුළු ධනපති ව්‍යාපාර වලට පදනම සැපයීය. වියට්නාමයේ හෝචිමින් ව්‍යාපාරය පැබ්ලෝවාදීන් උත්කර්ෂයට නැංවිය.

අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය විසින් මෙරට බිහි කරන පලමු කම්කරු පන්තිය වතු කම්කරුවන් වන අතර ඔවුන් උපතින්ම ජාත්‍යන්තර කම්කරු පන්තියට අයත් කොටසක් විය.  වතු කම්කරුවන් අධිරාජ‍්‍යවාදීගේ එජන්තයන් ලෙසත් ඉන්දියානු සංස්කෘතික ආක්‍රමණය තුලින් අපේ රට ගිල ගන්නට මාන බලන ඉන්දිය ව්‍යාප්තවාදී පිරිසක් බවත් මෙරට කොළරාව රැගෙන අවේ වතු කම්කරුවන් යැයි උඩ රට සිංහල සුළු ධනේශවරය වතු කම්කරුවන්ට එරෙහිව උසිගැන් විය. එතැන නොවැතුනු ජවිපෙ කම්කරු සටන් කැද කොප්ප සටන් යැයි කියා කියමින් කම්කරු පන්තිය කෙරෙහි ඔවුන් දක්වන නරුම බව ප්‍රකාශ කළේය.

මාක්ස් පැරිස් කොමියුනය විනාශ වන බව දැන දැනත් පැරිස් කොමියුනය ආරක්ෂා කළේය. කොමින්නාර්වරු බලය අල්ලාගෙන සිටියදී විනාහ ළගා කර ගන්නා හේතු පැහැදිලි කළා පමනක් නොව වැඩ පිළිවෙලවල් සීයක ගාණනකට වඩා ප්‍රයෝගික ඇත්දැකිමක් ලෙස මාක්ස් එම විප්ලවය දැකිය.  එතැනනින් නොනැවතුනු මාක්ස් එම අත්දැකිම න්‍යාය ගත කළේය.

දැන් සහෝදරවරු සහෝදරුවන්ටම කියා ගන්නවා විප්ලවාදී කියලා. සහෝදරවරු දෙමළාට එරෙහිව දකුණේ පාලක පන්තිය යුද්ධයක් ගෙන ගියා වේලාවේ සිටියේ කොහේද?  සහෝදරවරුවන්ගේ පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයට තල්ලු කරලා නැවතුනේ නැහැ සහෝදරුවරු බංකර් කැපුවා .එතැනනුත් නොනැවති රටපුරා හිටපු දෙමළ සහෝදරවරුන්ව අල්ලා වධකාගාර වලට බාර දුන්නා. දැන් සහෝදරවරුවන්ට විප්ලවවාදීන් කියන්න පුළුවන්ද?  මට කලින් අදහස් දැක්වු සහෝදරයෙක් කිව්වා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහයෝගය දෙන්න කියලා . රනිල් වික්‍රමසිංහ ගිය ඒ වෙනුවට අනුර කුමාර දිසානායක ආවා. දැන් බලය තියෙන්නේ කාගේ අතේ ද? නිර්ධන පන්තිය අතේ නැහැ ධනපති පන්තිය අතේ , එහෙම නම් ඇයි අපි ජාජබ ආණ්ඩුවකට සහයෝගය දෙන්නේ.  මම මාක්ස්වාදි විප්ලවවාදියෙක් . ධනපති කදවුරු වලට අපි බඩ ගාන්නේ නැහැ. ධනපති ක්‍රමය පෙරළා දැමිමෙන් මෙපිට කම්කරු -පීඩිත මහජනයාගේ ප්‍රශ්න වලට විසදුම් නැහැ. ඒ සදහා කම්කරු -පන්තිය ධනපති පන්තියට බැද තබා තිබෙන සියලුම රැහැන් කඩා බිද දමා ඔවුන්ව ධනපති පන්තියට එරෙහිව ස්වාධීනව බලමුළු ගැන්විය යුතු වෙනවා. ඒ ඉදිරිදර්ශනය හැරෙන්න වෙනත් ඉදිරිදර්ශනයක් මානව සංහතියට නැහැ.මානව සංහතියේ අර්බුදය නායකත්වය පිළිබද අර්බුදයයි.

මේජර් ජනරාල් තුවාන් මුතාලිෆ් කියන්නේ මිලේච්ජයෙක්. ඔහු දකුණේ මෙන්ම උතුරේ දහස් ගණනක් මරා දැමීමට කටයුතු කළ දනපති පන්තියේ අලුගෝසුවෙක් . උතුරේ තරුණයන් දහස් ගණන් දැමීම නිසා ඔහුව එල් .ටී.ටි.ඊ. එකෙන් මහ මග මරා දමනවා .මුතාලිෆ් කියන අලුගෝසුවා උතුරේ තරුණයන් මරපු නිසා ජවිපෙට ඔහු වීරයෙකු වෙනවා පමනක් නොව රටපුර පෝස්ටර් ගහලා සමරනවා. මුතාලිෆ් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවිරව 1989 නොවැම්බර් 13 වෙඩි තබා මරා දමන අලුගෝසු කණ්ඩායමේ ප්‍රධානියෙක්. ජවිපෙ නායකයෝ මේ බව දැන දැනත් සිංහල සමාජය තුළ මුතාලිෆ්ව උත්කර්ෂයට නන්වනවා.  ජවිපෙ අදත් ගැලති සිටින්නේ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ඝාතනය කළ විශ්‍රාමික පොලිස් සහ හමුදා අලුගෝසුවන් සමග බව ලියුම්කරු පවසද්දී , සභාවෙන් කතාව නතර කරන්නැයි 71 මදාවිකාරයෝ කිප දෙනෙක් නැගිට විරෝධය පැහැහ. ලියමුකරු කතාව නතර කර  ඔක තමයි ප්‍රශ්නේ විරුද්ධ මත වලට ඇහුකන් දිමේ ප්‍රජාතන්ත්‍රවාදයක් තමුන්ලාට නැහැ. හැමදා තමුන්ලා කළේ අනෙකාගේ මතය බාහු බලයෙන් යටපත් කරන්න උත්සහ කරපු එක , හැබැයි මම නම් එවාට බය නැහැයි කියමින් කතව නතර කළෙමි . තමුසේලා වගේම මමත් 1988-89 අරගලයට දායක වුණා . මෙසේ විරෝධය පෑ එක් පුද්ගලයෙක් විජේවීරගේ හිටපු ආරක්ෂයෙකු වන මාතර අමරේ බව ඒ මොහොතේ දැන මම දැන ගතිමි. කතාව අවසන් කර පිටුපසට යද්දී ඔවුන් මට පහරදීමට උත්සහ කළහ.

පසුව පුද්ගලයෙකු නැගිට දේශපාලනය ගැන කතා කරන්න එපා පොත ගැන පමනක් කතා කරන්නැයි සභාව අමතා අවධාරනය කළේය . පසු මහාචාර්ය නිර්මාල් රංජිත් නැගිට පෙරටුගාමි පක්ෂයේ පුබුදු ජයගොඩ කතා කළේ පොත ගැන පමනක් නොව දේශපාලනයත් කතා කළා , ශාන්තට පමනක් දේපාලනය කතා කරන්න එපා යැයි කියන්නේ මන්දැයි සභාවෙන් ප්‍රශ්න කර සිටියේය. පසුව වසන්ත දිනායකගේ සහෝදරිය වන මාලා සහෝදරිය  ලියුම්කරු‌ගේ කතාවට බාධා කිරීමට එරෙහිව නැගි සිට, අනෙකාගේ මත ඉසන්නට බැරි මිනිස්සුන්ට විප්ලවාදී සම්ප්‍රදායක් ගොඩ නගන්න බැරි බවත් පෙන්වාදුන්නේය. මෙම අවස්ථාවට මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද සහභාගි වී සිටියේය. මම කතා ඛලා නම් මටත් ගුටි කන්න වෙනවා යැයි මම ඔහු සමග කතා ක‍ළ අවස්ථාවේ පැවසීය. සුනන්දලා ඒ වන විටත් පවුල් පිටින් ජාජබයට කුරුණෑලග ප්‍රදේශයේ ජන්ද ප්‍රචාරක වැඩ වල නියැලි වුන්හ.

විප්පවවාදීන් කියා ගන්නා තරුණ සහ මහළු පිරිස් එම සභාවේ සිටිය ද 71 මදාවිකාරයන්ගේ මාදාවි වැඩ වලට එරෙහි වීමට තරම් දේශපාලනික කොන්දක් ඔවුන්ට නොතිබිණ. ඊට ප්‍රධාන හේතුව මොහුන් සියලුම දෙනා ස්ටැලින්වාදීන් සහ මාඔ්වාදීන් විමය.  1871 පැරිස් කොමියුනයේ වු සිද්ධීය ඊට අවුරුදු සියකට පසු 1971 ලංකාවේ සිද්ධ වුවා යැයි ඉතිහාසය විකෘති කරමින් 71 උත්කර්ෂයට නන්වමින් පුබුදු ජයගොඩ උත්සහ දරන්නේ 71 මාදාවිකාරයන් පෙරටුගාමී පක්ෂයට දිනා ගැනීමටය. අප හැම විටම කම්කරු -පිඩිත මහජනයාව සත්‍ය කියා දී උගන්නවා ගත යුතුය. 71 සියල්ලෝම මදාවිකාරයන් වුනත් ඔවුන් සියලුම දෙනා මාක්ස්වාදීන් නොවෙති.

ලියුම්කරු ලංකා ස්කයි නිවිස් පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ  ජනතා විමුක්ති පෙරමුණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීම සදහා සමාජවාදී සමනතා පක්ෂයේ පුර්වගාමීයා වු විප්ලවාදී කොමියුනිස් පක්ෂයේ හිටපු සහ අප අතරින් වියෝ වු කිර්ති බාලසුරිය සහෝදරයා විසින් රචිත ජනතා විමුක්ති පෙරමුණේ දේහපාලනය හා පන්ති ස්වභාවය පිළිබද ලියා ඇති පොත අනිවාර්‍යයෙන් කිය වන්නැයි ඉල්ලමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *