මාතර බන්ධනාගරය තවමත් රැදවියන් අතේ

මාතර බන්ධනාගරය තවමත් රැදවියන් අතේ

ඊයේ (22) රාත්‍රීයේ මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ත් අහසට වෙඩි තබා එම බන්ධනාගාර තුළට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පවසයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වු බව වාර්තා වෙයි. 

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන තිබ‍ේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *