මා‍ධ්‍යවේදී වික්‍රමතුංගගේ රියදුරාට පැහැරගෙන ගිය කළ සැකකරුවන් නිදහස් කළත් සාක්ෂී ඇත්නම් අපරාධ නඩු ගොනු කළ හැකියි -නීතිපති දෙපාර්මේන්තුව

මා‍ධ්‍යවේදී වික්‍රමතුංගගේ රියදුරාට පැහැරගෙන ගිය කළ සැකකරුවන් නිදහස් කළත් සාක්ෂී ඇත්නම් අපරාධ නඩු ගොනු කළ හැකියි -නීතිපති දෙපාර්මේන්තුව

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නඩු අංක බි 92/2009 ආදළ නිතිපතිවරයා විසින් 2025 ජනවාරි 27 අධ්‍යක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව අමතා යොමු කොට ඇති ලිපිනයේ සදහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්මේන්තුව පවසයි.

මාධ්‍යවේදී වික්‍රමතුංග ඝාතනයට ආදාළ විමර්ශන අවසන් නැති බවත් ඔහුගේ ඝාතනය සිදු වී වසර 06 කට පසු ඔහුගේ රියදුරු අපරාධ පරක්ෂණ දෙපාර්මේන්තුව කට උත්තර ලබා දී යන අතරවාරයේ දී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට රියදුරු විසින් පොලිසියට පැමිණිලි කොට ඇත.

එම පැහැරගෙන යෑම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය යටතේ කැදවු නඩු අංක 29/2009 යටතේ කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

මාධ්‍යවේදී වික්‍රමතුංගගේ රියදුරු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කරන ලද ප්‍රේම් උදලාගම යන අයව ඉදිරිපත් වු කරුණු සහ හදුනා ගැනීමේදී ඇති නෛතික දුර්වලතා හේතු කොටගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමානවත් සාක්ෂි නොමැති විම මත නිදහස් කර ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය.

තවද වික්‍රමතුංග ධාවනය කරන ලද වාහනයේ තිබු ලේඛන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අතුඅඩංගුවට ගත් පහත සදහන් සැකකරුවන් වන හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානයක්කාර යන අයට අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති වීම මත නීතිපති මැදිහත් වී නිදහස් කළ බව එම නිවේදනයේ සදහන් වේ.

එම නිදහස් කිීම, නව සාක්ෂි හෙළිදරව් විම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *