මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණ වහා නිදහස් කරනු !

අවිස්සාවේල්ල පොලිසිය මගින් බොරු චෝදනා දමා මාස 10 කට ආසන්න කාලායක් කුරුවිට බන්ධනාගාරයේ රදවා තබාගෙන සිටින මාධ්‍යවේදී ‌හේමන්ත ලියනපතිරණ වහා නිදහස් කරන්නැයි බල කර අද (09) අවිස්සාවේල්ල උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මාධ්‍යවේද‍ි ලියනපතිරණට එරෙහිව පොලිසිය මගින් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබු නඩුව අද (09) දින කැදවනු ලැබු අතර ඊට අමතරව ලියනපිරණට ඇප ඉල්ලා අවිස්සාවේල්ල මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබු මෝසම ද අද දින විභාගයට ගැනිණ .

හිරු වෙබ් අඩවියේ සේවය කරමින් සිටි මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණව සැප්තැමිබර් 24 වෙනිදා සවස විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් මීගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් පසුව ඔහුට අමානුෂික ලෙස පහර දී එදිනම රාත්‍රියේ අවිස්සාවෙල්ල පොලිසියට බාර දී ඇත.

ඔහු මේ වන විටත් මාස 10 ආසන්න කාලයක්  කුරුවිට රක්ෂිත බන්ධනාගාරයේ රදවා  තබාගෙන  සිටියි .

ලියනපතිරණව අවිස්සාවේල්ල පොලිසීයට බාර දෙන විට ඔහුගේ ඇගේ තිබි ඇත්තේ යට ඇදුම පමණි . අවිස්සාවේල්ල පොලිසිය මගින් සැප්තැම්බර් 26 වෙනිදා පාන්දර ලියනපතිරණව පහර දීම නිසා හටත් පපුවේ වේදනාවක් නිසා ඔහුව අවිස්සාවේල්ල රෝහලට අතුළත් කර  තිබිණ.

මාධ්‍යවේදි ලියනපතිරණට ඔලබොඩ වත්තේ කසුන්ගේ ඥාතීයෙකු ලවා දුරකතන ඇමතුමක් දී ගෙන්වා ගත් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු ඔහුගේ අත් දෙක පිටු පසට කර මංජු  දමා ඔලුවට පොලිතීන් බැග් එකාක් බස්සවා හුස්ම ගිර වෙනකම් අල්ලා ගෙන සිට ඇති බවත් පසුව ලියනපතිරණගේ ඇග මත නැගගත් විශේෂ කාර්ය බලකා සෙබළුන් තිදනෙක් පාපුවට සහ මුහුණට පහර දුන් බව ඔහු  සිය බිරිදට පවසා ඇත.

ඔලබොඩ කසුන් යනු කෑගල්ල තල්දුව ප්‍රදේශයෙදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ තරුණයන් 04 දෙනෙකුට වෙඩි තැබු සිද්ධියේ  වෙඩිකරු බවට පොලිසීය සැක කරයි . යතුරුපැදියකින් පැමිණ එම වෙඩි තැබිම සිදු කර ඇත. වෙඩි තැබු අවස්ථාවේ එම ස්ථානයෙදීම එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර පසු රෝහල් ගත කර මාස ගණනාවකට  පසු තවත් තරුණයන් දෙදනෙක් මිය ගියහ . 

මාධ්‍යවේදී ලියනපතිරණව පැහැරගෙන ගොස්  අමානුෂික වධබන්ධනයන් පමුණුවා ඇත්තේ  පාතාල නායකයෙකු යැයි පොලිසීය සදහන් කරන මන්නා රමේෂ්  නැමැත්තා සමග සම්බන්ධතා පැවැත් වුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි .මාධ්‍යවේදී ලියනපතිරණට එරෙහිව පොලිසීය අවිස්සාවෙල්ල අධිකරණයේ නඩු පවරා ඇත්තේ මන්න රමේෂ්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින්ය .

 මාධ්‍යවේදී ලියනපතිරණව එම නිවසට ගෙන්වා ගත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් , ඔහුව අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කර මුදා හැර ඇති අතර පසුව ලියනපතිරණව නැවතත් මීගොඩ පාසල අසල දී  පැහැර ගෙන ගොස් ඇත.  ඔහුව මීගොඩ පාසල අසල එළවළු කඩයක්  ලග දී විශේෂ කාර්ය බලකා සෙබළුන් ඔහුව බිම දමාගෙන පහර දී ඇති අතර , ලියනපතිරණ තමා බේරා ගන්නැයි කෑ ගසද්දී , ඔහුව බේරා ගැනීමට එම ස්ථානයේ සිටි මහජනයා පෙරට එද්දී , අපි විශේෂ කාර්ය බලකායේ යැයි සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයෙක් හැදුණුම්පත් පෙන්වා පවසා ඇත. පසුව මහජනයා  බලාගෙන සිටියදී විශේෂ කාර්ය සෙබළුන් ලියනපතිරණව  සුදුපාට  කේ ඩි එච් වාහනයක දමාගෙන රැගෙන ගොස් ඇත. ඔහුව මීගොඩ පාසල  අසලදී අල්ලාගෙන ඇත්තේ යතුරු පැදිවලින් පැමිණි සිවිල් කණ්ඩායමක් විසිනි. කේ ඩි එච් රථය පැමිණ ඇත්තේ ඉන් පසුව බව මහජනයා පවසති .

කසුන්ලාගේ නිවසට ඔහුව ගෙන්වාගෙන  අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මුදා හල පසු ඔහුව නැවත  අත්අඩංගුවට ගන්නැයි විශේෂ කාර්ය බලකයේ සෙබළුන්ට නියෝග කරන්නේ පොලිසීයේ ඉහල නිලධාරියෙකි .  මෙම පොලිස් ලොක්කා මාධ්‍යවේදී ලියනපතිරණ අරුණ පුවත්පතේ” සහන මැදිරිය” නමින් ලියන ලද විශේෂාංගයෙන් බැට කෑ නිලධාරියෙකු ද යන්න සැකයක්  පවති . ඔහු  එම විශේෂාංගයෙන් පොලිසීයේ දුෂණ වංචා , පොලිසිය මහජනයාට සිදු කරන අසාධාරණකම් සහ පොලිසීයේ ඉහල නිලධාරීන්ගෙන් පීඩා විදින පහල පොලස් නිලධාරීන් ගැන  මෙන්ම පොලිස්  කාන්තාවන්ට පොලිසීයේ ඉහල නිලධාරීන් සිදු කරන ලිංගික අඩම්තෙට්ටම් ගැන ද  හෙළි කළේය .

ලියනපතිරණව පැහැර ගන්නා විට ඔහු හිරු වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටි අතර ඊට පෙර ඔහු දෙරණ මාධ්‍ය ආයතනයේ ද සේවය කොට ඇත. ලියනපතිරණ මීගොඩ මාධ්‍යවේදීයා ලෙස ප්‍රසිද්ධියක් උසුලයි .  ඔහු මන්න රමේෂ් සමග  සම්බන්ධතා පැවැත් වුයේ වෘත්තීය අවශ්‍යතායක් සදහා ද නැතිනම් වෙන අවශ්‍යතාවයක් සදහා යන්න සොයා බලා අවශ්‍ය නම් ලියනපතිරණගේ දුරකතන පවා පරික්ෂා කර ඔහුව නිත්‍යානුකුලව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදීත් ලියනපතිරණ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර  දීම පිටුපස රමේෂ්ගේ සිද්ධිය පටලවා සිදු කරන පලිගැනීමක් ද යන්න පිළිබද බරපතළ සැකයක් මතු වෙයි . නිත්‍යානුකුල අත්අඩංගුවට ගැනීම වෙනුවට පැහැරගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කිරීම මගින් පොලිසිය රටේ මුලික නීතිය මෙන්ම මානවහිමිකම් කඩ කර ඇත.

මාධ්‍යවේදී ලියනපතිරණට බොරු චෝදනා දමා බන්ධනාගාරගත කිරිමට එරේහිවත් ආණ්ඩුව ඊනියා යුක්තිය මෙහෙයුම නමින් සිදු කරන මර්දනයට එරේහි වන ලෙසත් කම්කරු- පීඩිත මහාජනයගෙන් උද්ඝෝෂකයින් ඉල්ලා සිටියහ .

මාධ්‍යවේදි ලියනපතිරණ නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණය සදහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සහෝදරවරුන්ට මෙන්ම ‌අවස්සාවේල්ල ප්‍රදේශයේ වාමාංශීක සහෝදරුවරුව ලියුම්කරු විසින් දැනුවත් කළ ද සජිත් සහ නිමල් සහෝදරයා සහ ඔහුගේ පවුලේ සමාජිකකයින් කිප දෙනා හැරුනු කොට අනෙකුත් වාමාංශික ඔවුන්ගේ ව්‍යාජ බව නැවතත් පෙන්නුම් කළහ .

ශ්‍රී ලංකා ව‍ෘතතීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍යවේදි ලියනපතිරණ නිදහස් කර ගැන‍ීමේ අරගලයට දායක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *