මැතිඇමතිවරු ජනාධිපති අරමුදල අවභාවිතා කළා යැයි නීතිඥ සුරංග බණ්ඩාරගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මැතිඇමතිවරු ,මන්ත්‍රීවරු සහ දේශපාලන හෙංචයියන් කිසිවෙකු මුදල් ලාභීන් ලෙස සුදුසුකම් ලබා නොමැති බවත් ඔවුන් මුදල් ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රජයේ අරමුදල් වාංචනික ක්‍රම මගින් ලබා ගැනීම දඩුවම් ලැබිය යුතු වරදක් බව නීතිඥ සුරංග බණ්ඩාර පවසයි‍

නීතිඥ සුරංග බණ්ඩාර එසේ පැවසුවේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කිර‍ීම සම්බන්ධයෙන් අද (23)  දහවල් වැඩ බලන පොලිස්පතිවරයා හමු වී ලිඛිත පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්ය.

1978 අංක 07 දරණ පනතින් ස්ථාපිත කරන ජනාධිපති අරමුදලෙන් අරමුණ වී ඇත්තේ,දුගීබව දුරු කිරීම ආගමික පුනර්ජනය ,අධ්‍යාපන සහ දැනුමේ ප්‍රගතිය, ජාතිය වෙනුවෙන් සේවයක් කළ අයට ත්‍යාග බලාදීම හෝ මහජනයාට සුභසිද්ධියක් හා ප්‍රයෝජනයක්වන ඔින‍ෑම කටයුත්තක් ආධාර ලබාදීමත් වෛද්‍ය ප්‍රතිකාර හෝ සැත්කමින් පසු රෝගියා රෝහලෙන් පිට කළ පසු දින 60ක් තුළ ඉල්ලීම් කළ යුතු බවත් රෝගීයාගේ කලත්‍රයාගේ ,අවිවාහක , දරුවන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩු විය යුතු බවත් රෝගියා කලත්‍රයා ,අවිවාහක දරුවන් බදු ගෙවන්න නොවිය යුතු අතර රක්ෂණයෙන් ,වෛද්‍ය සුභසාධන හෝ වෙනත් සුභ සාධන ක්‍රමයකින්  වෛද්‍ය වියදම් 50% ක් හෝ ඊට වැඩි ගණනක් අවරණය නොවිය යුතු බව නීතිඥ සුරංග බණ්ඩාර අනාවරනය කළේය.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මෙන්ම ප්‍රතිකාර හෝ ශල්‍යකර්මය සදහා ජනා‍ධිපති අරමුදල අනුමත් කරන රෝහලක් විමත් ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම කරනු ලබන රෝගයක් විමත් ජනාධිපති අරමුදලෙන් අනුමත කරන ලද උපරිම ප්‍රධානයට වඩා ලබා ගැනීමට අයිතියක් නැති අතර සාවද්‍ය තොරතුරු ඉදිරිපත් නොකළ යුතු බව පනතේ සදහන් වන බව නීතිඥ සුරංග බණ්ඩාර පැවසීය.

ඔහු වැඩිදුටත් මෙසේ පැවසීය.

ජනාධිපති අරමුදලේ න‍ීති වලට අනුව නම් මෙවැනි මුදලක් අනුමත කරන්න බැහැ.  සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරලා මුදල් ලබා ගත් බව හැගී යනවා.  පනතේ නිර්දේශ ප්‍රකාරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න නම් ඔවුන්ගේ මුල්‍ය තත්ත්වය එම වියදම් දරා ගැනීමට නොහැකි බව තහවුරු කරන්න වෙනවා.  ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන තිබෙන මැතිඇමතිවරු කිසිවෙකු මුදල් අයදීමට සුදුසුකම් ලබා නැති බව තහවුරු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *