මිය ඥාතියෙකු සමරන්ට අයිතියක් ඇතත් , මහවිරුවන් සමරන්නට අයිතියක් නැත – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

නිත්‍යානුකුල තමන්ගේ ඥාතියෙකුගේ මිය යෑම සමරන්නට ඔ්නෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත් එල්.ටි.ටි.ඊ. ලංජන හෝ නිල ඇදුම් හෝ එහි පින්තුරු භාවිතා කරන්නට ඉඩක් නැති බවත් එම සංවිධානය තහනම් සංවිධානයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

දකුණේ ,උතුරේ ,නැගෙනහිර සහ කදුකරයේ වේවා තමන්ගේ දරුවෙකු මිය ගියේ නම් ඒ දරුවා සිහි කිරීමට අයිතියක් ඇති මුත් තහනම් කළ සංවිධානයක සමාජිකයින් ස්මරණය කරමින් එම සංවිධානයේ ආධිපත්‍ය යළි සමාජය මත ස්ථාපනයට කිරීමට කිසිසෙත් ඉඩ දිය නොහැකි බවට මහජන ආරක්ෂ අමාත්‍යවරයා සදහන් කර ඇත.

ආනන්ද විජේපාල එසේ සදහන් කර ඇත්තේ ,ගල්ගමුව ප්‍රදේශයේ පැවති සාකච්ජාවකට සහභාගිවෙම්න්ය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය විකෘති කරමින් සමාජ මාධ්‍යයේ , පුවත් පත් වල ,වෙබ් අඩ වි වල සහ මුහුනු පොතේ පල කර ඇති ප්‍රවෘත්තී සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ.

“එ.ටි.ටි.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර් , ලංජන සහ ජායාරූප යොදා ගනිමින් මිය ගිය සමාජිකයින්‌ සැමරීමට කිසිදු බාධාවක් නොමැති බවට” මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශය විකෘති කරමින් ඇතැම් පුවත් පත් වල, වෙබ් අඩවි වල , සමාජ මාධ්‍යයේ සහ මුහුනු පොතේ කර ඇති ප්‍රවෘත්තීය නිවැරැදී කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය ආයතන වලින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *