මුදලාලිලා රජයේ සහතික මිලට වැඩියෙන් ගොවියාගෙන් වී මිල දී ගත්තත් සහල් විකුණන්න රජයේ මිලට – ජනමාධ්‍ය අමාත‍්‍යවරයා

මුදලාලිලා රජයේ සහතික මිලට වැඩියෙන් ගොවියාගෙන් වී මිල දී ගත්තත් සහල් විකුණන්න රජයේ මිලට - ජනමාධ්‍ය අමාත‍්‍යවරයා

හෙක්ටර කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ඇතුළු තොරතුරු තිබෙන ආයතනන මගින් එක් එක් වී වර්ගය සදහා නිෂ්පාදන මිලත් ඉදිරි මාස හය සදහා ලැබිය යුතු මුදල තීරණය ක‍‍‍‍ළ බවත් රජය විධියට කළේ ඉදිරිපත් කළ පාලන මිලට තවත් මුදලක් එකතු කරලා ඉදීපත් කිරීම බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

සහතික මිලට දෙන එක පාඩු නම් ප්‍රශ්නයක් නැති බවත් වැඩි මිලට ගොවියාට වි දෙන්න පුළුවන් නම් විකුණුවාට කමක් නැති බවත් අපි පාලන මිලක් දාලා තියෙන්නේ කෘෂි ආයතන වල තොරතුරු මත බවත් විපක්ෂ නායක් සජිත් ප්‍රේමදාස කියනවා වගේ රුපියල් 150 වී අරගෙන සහල් කිලෝවක් 200 කට දිය නොහැකි බව අමාත්‍යවරයා කීය.

සාධාරණ ක්‍රමවේදයකට මේ ප්‍රශ්න විසදිය යුතු බවත් සහල් හිගයක් තියෙන මෙහොතේ පාරිභෝගිකයා ආරක්ෂා කරනවා වගේම ඒ එඹෙන මෙහොතේ අස්වැන්න කැපෙනතෙක් ගොවියාවත් ආරක්ෂා කළ යුතු බව පැවසු අමාත්‍යවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් රජය කටයුතු කිරීමට සුදානම් නැති බවත් කීය.

ඔහු එසේ කීවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ ඊයේ (11) සවස පැවති ප්‍රවෘත්ති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදි ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මුදලාලිලා රජයේ සහතික මිලට වැඩියෙන් ගොවියාගෙන් වී මිල දී ගත්තත් සහල් විකුණන්න රජයේ මිලට - ජනමාධ්‍ය අමාත‍්‍යවරයා

23 /24 කන්නයේ නිෂ්පාදන පිරිවැය පමනක් වි කිලෝ එකකට රැපියල් 99 ශත70 වක් බව ජාතික ගොවි පෙරමු‍ණ පවසනවා. අමාත්‍ය නාමල් කරුණාරත්න ගණන් බලා ඇති ආකාරයට කිලෝවක යන නිෂ්පාදන පිරිවැය රුපියල් 88.ශත79 ක්. ඇමතිතුමා ඉදිපත් කරන එම ගණන් හදලා තියෙන්නේ පැලවත්ත කාර්යාලයේ කියලා ජාතික ගොවි පෙරමුණ චෝදනා කරනවා. ඇමතිතුමා වි කිලෝ 3000ක් නිෂ්පාදනය කරන ගොවියෙකු රජයේ පාලන මිලට 120ය වී කිලෝ 3000 විකුණුවාහම ලැබෙන්නේ රුපියල් ලක්ෂ 360,000 ක මුදලක් .පිරියැය 100 ක් වුනොත් වැය වන මුදල 300000 ක් පිරිවැය අඩු ඛලාට පස්සේ ඉදිරි මාස හය ජිවත්වන්න ගොවියා අතට ලැබෙන මුදල රුපියල් 60,000 වගේ සොච්චම් මුදලක්. මේ වී කිලෝ 3000 න් කෑ තියා ගත්තාම තවත් අඩු වෙනවා. අතර මැදියා ගොවිගෙන් අඩුමිලට වි ටික අරගෙන මුදලාලිට වැඩි මිලට විකුණනවා. පසුගිය කන්නයේ ගොවිතැන් කටයුතු සදහා පමනක් ගොවින් කෝටි 18 ක රත්තරන් බඩු උගස් තියලා තියෙනවා. ට්‍රැක්ටර, යතුරු සහ ගොවියාගේ මුලු සේසතම උගස් තියලා තියෙන්නේ. ඔබේ ආණ්ඩුව වි සදහා රුපියල් 120 ක පාලන මිලක් ඇති කළාට සහල් මිල පාලනය කරන්න බැරි වෙලා තියේනවා. පසුගිය දවස් වල වී ගන්නවා කියලා පරණ ගබඩා මෙන් අතහැරා තිබුණු ගබඩා සුද්ධ පවිත්‍ර කළාට ආණ්ඩුව වී මිල දී ගන්නේ නැහැ. වී මිල දී ගන්නේ නැතුව කොහොම ද සහල් මිල පාලනය කරන්නේ. ගොවියෝ කියනවා සහල් මිල වැඩි කළොත් කොළඹ වටලනවා කියලා. ගොව්යට තියෙන්නේ වී ටික විකුණලා ගන්න මුදල පමනයි. මුදලාලිලා වී වලින් වගේ දායියා විකුණලාත් වි සහල් කරද්දි කැඩේන සහල් සත්ව ආහාර සදහාත් විකුණලා කෝටි ගණන් මුදල් උපයනවා. ආණ්ඩු බැලිය යුත්තේ ගොවියගේ පැත්තෙන් මුදලාලිගේ පැත්තෙන් නොවෙයි. ගොවියාව අන්තිම අඩියටම සුරා කනවා. වී නිෂ්පාදනය කරන්නේ ගොවිය නමුත් ඔහුට කන්නය අවසානයේ ඊලග කන්නය වෙනකම් කන්නවත් නැහැ. අතරමැදි වෙළෙන්දන් සහ වි මොල් හිමිකරුවන් අතර කෝටි ගණන් මුදලි ගැවසෙනවා. මේ ආණ්ඩුවටත් ගොවියා නගා සිටුවිමේ වැඩ පිළිවෙලක් නැහැනේද?

මම හිතනවා මේ ප්‍රශ්නයට උත්තරය සොයා ගන්න පුළුවන් වෙන්නේ මේ කන්නයේ වී මිලදී ගැනීමත් සහල් නිෂ්පාදනයත් සමග .සහල් හිගයට උත්තරයක් හැටියට තමා පිටරටින් නාඩු මෙට්ට්‍රික් ටොන්1,70.000ක් සහල් ආනයනය කළේ. නමුත් පුශ්නය නිෂ්ඨාවටම සුව වී නැහැ. අපේ රටේ අවශ්‍යතාව අනුව මෙවර අස්වැන්න කොහොමද කියලා බලමු.

වි මිල දී ගැනිමේ පාලන මිල ඇති කරලා සති දෙකාක් පමන වෙනවා. රජයේ පාලන මිලට වී බලා දීම ගැන ගොවියෝ මැවිසිලි නගනවා. රජයේ වී අලෙවි මණ්ඩලය වී මිල දී ගන්නේ නැහැ .පෞද්ගලික අංශ ගොවියන්ගේන වී මිල දී ගන්නවා .ඉදිරියේදී පෞද්ගලික අංශ වී මිල දී ගන්න නිසා සහල් මිල තීරණය කිර‍ීම අපහසුවෙනවානේද? මේ වන කොට රජය වි කොච්චර ප්‍රමානයක් මිල දී ගෙන තිබෙනවාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නය පිළිතරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

පිළිතුර

පෞද්ගලික අංශ කියයට වී මිල දී ගත්තත් සහල් වල පාලන මිලේ වෙනසක් නැහැ. සහල් මිල මේ මට්ටමෙන්ම පවතිනවා. රජයේ සහතික මිලට වැඩියෙන් ගොව්යා අතට මුදලක් ලැබෙනවා නම් හොදයි. වී කිලෝව135 ට 140 වී මොල් හිමියෝ ලබා හොදයි.රජය වී මිල දී ගන්නේ ප්‍රමිතියක් ඇතුව. වී අලෙවි මණ්ඩලය මිල දී ගෙන තියෙන වී වල සංඛ්‍යා දැන් මා සතුවා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *