මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමව පක්ෂ සමාජිකත්යෙන් නෙරපා හැරීම නිත්යානුකුලයි – ශ්‍රේෂ්ඨාධිකරණය
පරිසර අමාත්‍ය ඒ. නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකත්වයෙන් ඉවත් කිරීම වලංගු හා තිත්යානුකුල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය .
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවි ඇතැයි හා එම කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් විසින් ඔහුව ඉවත් කළ බව දැනුම් දුන් ලිපිය බල රහිත කරන්නැයි ඉල්ලා නසීර් අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබු පෙත්සම විභාගයට ගනිමින් , ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තීන්දු කර තිබේ .
මෙම පෙත්සම ප්‍රීති පත්මන් සුරසේන ,එස්. තුරේ රාජා සහ මහින්ද සමේර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව එකමතිකව ප්‍රකාශයට පත් කර කෙරිණ .
පරිසර ඇමතිකම භාර ගැනීම සහ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ ආණ්ඩුවේ අයවැයට පක්ෂව ජන්ද දීම යන චෝදනා මත මුස්ලිම් කොංග්‍රසයේ උත්තරිතර සභාව නසීර් අහමඩ්ව එම කොංග්‍රසයේ සමාජිකත්වයෙන් නෙරපා හැරීමට තිරණය කරන ලදි.
නසීරු අහමඩ් 2020 මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකලපු දිස්ත්‍රික්කයට තරග කොට ,මනාප 17 599 ලබාගෙන පාර්ලිමේන්තුවට තේරිපත් විය .
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහිමි වන අතර මුස්ලිම් කෙංග්රසයේ මඩකලපු දිස්ත්‍රික් ලැයිස්තුවේ ඊලගට වැඩිම මනාප ලබාගෙන තිබෙන අල් සහීර් මවුලානාට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය හිමි වීමට නියමිතය .
ජනාධිපති නීතිඥ සුමන්දිරන් පැවසුවේ, නසීර් අහමඩ්ව පක්ෂයෙන් ඉවත් කිරීම නිත්‍යනුකූල සහ වලංගු බවට විනිසුරුවන් තිදෙනා ඒකමතිකව තීන්දු කර ඇති බවත් මේක ෙඑතිහාසික තීන්දුවක් වන බවත් මිට අවුරුදු 20 කට 25 කය කලින් මෙවැනි තීන්දු ලබා දුන්නේ පක්ෂ මරු කිරීමට පක්ෂව බවත්ය.
‘ නඩු තීන්දුවෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා පැවසුවේ, මින් පසු ඇමතිකම්වලට පක්ෂ මාරු දේශපාලනඥයින්ට මෙය හොඳ අවවාදයක් බවයි