මෙවර අයවැයෙන් සියලු සේවකයින්ට රුපියල් 20,000 ක ‌දීමනාවක් හෝ වැටුප් වැඩිවිමක් ලබා දෙන්නැයි රාජ්‍ය සේවකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති

සියලු සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙනු !යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බල කර ,අද (13) දහවල් ‌කොට්ටෙි පාර්ලිමේන්තුව වටරවුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා රජයේ සේවකයින් සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටියහ . එම විරෝධතා උද්ඝෝෂණය මෙහෙය වන ලද්දේ වෘත්තීය සමිති එකමුතුව මගින්ය .

විශ්‍රාම වැටුපට අත නොතබනු ! රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවිමක් වහා ලබා දෙනු! සහ ජාවරම්තාරයින්ට බොල් ණය සහන ! යන සටන් පාඨ වැකි ලිව් පුවරු ඔසවාගත් උද්ඝෝෂකයින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

විරෝධතා උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සදහා පොලසීය . කැරැැැළි මර්දන පොලසීය සහ හමුදාව කැදවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *