මේ රට විනාශ කළ කිසිම අපේක්ෂකයෙකුට ජන්දය දෙන්න එපා – ජනතා සේවක පක්ෂයේ ජාතික සංවිධායක ජගත් පුෂ්පකුමාර

මේ රට විනාශ කරන්න හවුල් වු කිසිම අපේක්ෂයෙකුට ජන්දය දෙන්න එපා කියලා ජනතා සේවක පක්ෂයේ ජාතික සංවිධායක ජගත් පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අවුරුදු 75 රට පාලනය කළ පාලකයිට කරන්න බැරි වුන දේ 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරත් කරන්න බැහැ , කරන්නෙත් නැහැ. මේ මැතිවරණය මේ රටේ ජනතාවට තිරණාත්මක මැතිවරණයක්. මෙවර මැතිවරණයේ දී වෙනසක් සලකුනු කළේ නැත්නම් අනාගත පරම්පරාවත් අපි විසින් අදුරු ඉරණමකට ඇද දමන බව ජනතා සේවක පක්ෂයේ ජාකිත සංවිධායකවරයා අවධාරණය කළේය.

ජනතා සේවක සංගමයේ ජාතික සංවිධායක පුෂ්පකුමාර එසේ පැවසුවේ 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එම පක්ෂයේ මත ඉදිරිපත් කිරීම සදහා බොරුල්ල ඇන්.ඇම්.පෙරේරා ශාලාවේ පැවති ප්‍රව‍ෘත්ති සාකච්ජාවේදී අදහස් දක්වමින්ය .

ඔබලාට මේ රට පාලනය කළ පාලකයින් පිළිබදව හොද අවබෝධයක් තිබෙන බවත් ජන්දය පාවිච්චි කරද්දී එම අවබෝධය මත පදනම්ව කටයුතු කරන්නැයි ඉල්ලන බව පුෂ්පකුමාර පැවස‍ිය

ජනතා සේවක පක්ෂයේ සභාපති අදහස් දක්වමින්

වාමවාද‍ී දේශප්‍රේමී දෘෂ්ටිවාදය දිනවිය යුතුයි කියන ස්ථාවරයේ සිටින අතර කිසිදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් චරිත සහතික දෙන්නේ නැති බව ජනතා සේවක පක්ෂයේ සභාපති ජයන්ත විජේසිංහ පවසයි .

ජනතා සේවක පක්ෂය විධියට අපි විශ්වාස කරනවා මේ රටේ ජනාධිපතිවරණයේ දී වාම දේශප්‍රේමී අපේක්ෂාවන් ඉටු කරන, රටේ එක‍ීය භාවය ආරක්ෂා කරන සහ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් දේශපාලනය හසුරවන දේශපලන බලවේග තමයි ජයග්‍රහනය කළ කරන්න ඔින කියලා. ඔවුන්ට ජනතා සේවක පක්ෂය සහයෝගය දක්වන බව ජනතා සේවක පක්ෂයේ නායකයා පවසයි.

අපි කිසිදු අපේක්ෂයෙකු සම්බන්ධයෙන් චරිත සහතික දෙන්නේ නැති බවත් ඉතිසාහය පුරා සමහර නායකයන්ට චරිත සහතික දිපු අය මොනතරම් අපහසුතාවයට පත් වුනා ද කියලා පසු කාල‍ීනව දකින්නට ලැබු‍නු බවත්  වර්තමාන දේශපාලනය තුළ එහෙම චරිත සහතික දෙන්න පුළුවන් චරිත නැති බව විජේසිංහ පෙන්වාදුන්නා.

ලංකාවේ දේශපාලනය තුළ 2024 ජනාධිපතිවරණය කියන්නේ ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත් මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයකද‍ි ප්‍රධාන පාර්ශ්ව දෙකාක් විධියට තරග  කරලා  ජයග්‍රහනය කරන්නේ කවුද කියලා කලින් කියන්න පුළුවන් කමක් තිබුනු බවත් නමුත් මේ ජනාධිපතිවරණයේදි එහෙම ප්‍රකාශ කරන්න බැරි තරමට සංකීරණ වී ඇතැයි විජේසිංහ පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *