රජයේ ගුරුවන්ට උපකාර පන්ති තහනම් කිරීම හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමකි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්, නිකුත් කළ චක්‍රලේඛනය ගුරුවරුන්ගේ විරෝධතා හමුවේ හකුළා ගැනිමට රජය පියවර ගෙන තිබෙි.
එම චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත්තේ බස්නාහිර පළාත් අණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි බව වාර්තාවේ.
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල් වල සිසුන්ගෙන් මුදල් ගෙන සිදු කරන ඉගැන්වීම් තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරිය විසින් එම චකලේඛනය නිකුත් කර තිබුණි.
එම චක්රලේඛනයට බස්නාහිර පළාතේ ගුරුවරුන්ගේ විරෝධතා මතු වු බැවින්, එය ක්රීයාත්මක කිීම තාවකාලිකව නතර කර දැමු බව නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ මාධ්‍යයට පවසයි.
බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත් වල ගුරුවරුන්ට ඔවුන්ගේ පන්ති වල සිසුන්ට මුදල් මත ඉගැන්වීම් තහනම් කර තිබු අතර එම තහනම බස්නාහිර පළාත පැන වු විට ඇමති ජයසිංහ මැදිහත් තහනම අත්හිටුවා ඇත. මෙම තහනම පනවන ලද්දේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසිනි. ගුරුවරු විසින් ඔවුන්ට ලැබෙන සොච්චම් වැටුප ජිවත්වීමට ප්‍රමානවත් නැති නිසා උපකාර පන්ති කිරීමට පෙළඹී ඇත. උපකාර පන්ති ක්‍රමය මෙරට ස්ථාපිත කළේ නිදහස් අධ්‍යාපනය තුරන් කර දැමීම අරමුණින්ය. උපකාර පන්ති වලින් නොනැවතුන පෞද්ගලික අධ්‍යාපනය ක්‍රමය පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ව්‍යාප්ත වී තිබේ.
රජයේ පාසල් වල උගන්වන ගුරුවන්ට උපකාර පන්ති පැවැත්වීම තහනම් කිරීමට හේතුව හැටියට ඉදිරිපත් කර ඇත්තේ එම ගුරුවරු ඔවුන්ගේ පන්ති වලට නොපැමිණේන සිසුන්ට කුඩ්මාගේ සැලකිලි දක්වනවා යැයි චෝදනා කරමින්ය. සමස්තයක් විධියට ගතහොත් ගුරුවරු එසේ නැති අතර තමන්ගේ පන්තිට නොපැමිණියා කියා සිසුන්ට වෙනස්කම් කරන පසුගාමී ගුරුවරු ද සිටිති. රජයේ පාසල් වල ගුරුවරුන්ට ඔවුන් උගන්වන පන්ති වල සිසුන්ට උපකාර පන්ති කිරීම තහනම් කිරීම හිසේ අමාරුවට කොට්ටය මාරු කරනවා වැනි වැඩකි.
ධනපති වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් ගෙන ආ එම චක්‍රලේඛනය ප්රගතිශීලි පියවර ලෙස දකින ගුරු සංගම් නායකයෝ ද සිටිති. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව මහජනයා තුළින් පැන නගින විරෝධය රජයේ ගුරුවරු මත පටවා ධනපති වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇග බේරා ගැනීම සදහ කළ ගැලවිජ්ජාවකි. රජයේ ගුරුවරුන්ට උපකාර පන්ති තහනම් කිරීම මගින් නිදහස් අධ්‍යාපනයේ ඉදිරි ගමනට සිදු වන සන්තෑසිය කුමක්ද? පෞද්ගලික අධ්‍යාපන කඩ, විශ්ව විද්‍යාල සහ සෑම ක්ෂත්රයකම අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගන්නා වෙළද භාණ්ඩයක් බවට පත් කර ඇති තත්වයක් ඇතුලේ රජයේ පාසල් ගුරුවරු ඔවුන් උගන්වන පාසල් වල ළමුන්ගෙන් මුදල් ගෙන ඉගැන්වීම තහනම් කිරීමෙන් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත වෙනවා යැයි සිතීම මරිමෝඩ මධ්‍යම පාන්තිකයින්ගේ බංකොලොත්කම පෙන්වන්කි.
මෙම ප්රශ්නයේ මුල නිදහස් අධ්‍යාපනයයි. නිදහස් අධ්‍යාපනය කතා කිරීම වෙනුවට රජයේ ගුවරුන්ට උපකාර පන්ති තහනම් කිරීම ගැන කතා කිරීම ගස් වලින් කැලයක් තේරුම් ගැනීමට දරණ වැයම වැනිය.
අධ්‍යාපන කඩ වටා බිහි වු විශාල මධ්‍යම පන්තියක් මෙන්ම සුළු ධනේශ්වර පන්තියක් ඇත. විශේෂයෙන් ජාජබය එම පන්ති උරාගත් ව්‍යාපාරයකි. ජනතා විමුක්ති පෙරමුණ ගැමි සිංහල සුළු ධනේශ්වර සහ පහල මධ්‍යම පන්තිය මත පදනම්ව බිහි වී අද වෙන කොට එම පක්ෂය ධනේශ්වර පක්ෂයක් දක්වා වර්ධනය වී තිබේ. එම නිසා ජාජබයේ නියෝජ්‍ය කම්කරු ඇමති ජයසිංහ හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ චක්රලේඛනයට එක පයින් එකග වුවත් ජාජබය වටා එකතු වී සිටින මධ්‍යම පාන්තික ගුරුවරුන් මෙන්ම ධනවත් දෙමව්පියන්ගේ විරෝධය පැන නැගීමට පෙර එම පිට දමා එම තහනම අත්හිටුවීමට කටයුතු කර ඇත.
ජාජබ ආණ්ඩුවට හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ නව ලිබරල් පිළිවෙත ඉදිරියට ගෙන යෑම හැර වෙනත් විකල්ප ආර්ථීක, දේශපාලන සහ සමාජිය වැඩ පිළිවෙලක් නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව රාජය අංශය හකුලන පෞද්ගලික අංශය ප්‍රසාරණය කරන පිළිවෙතක් ඇතුලේ නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛය සේවයට වැය කරන මුදල් මුළුමනින්ම කප්පාදු දැමීමට ජාජබ ආණ්ඩුවට ඉදිරියේදී සිදුවනු ඇත.
මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර අනුකම්පා විරහිත ලෙස” මුදල් ගෙවීම හැර” වෙනත් සම්බන්ධකමක් ඉතිරි නොකළ ධනපති ක්‍රමය ඇතුලේ නිදහස් අධ්‍යාපනය අයිස් වතුරේ ගිල්වා දැමීම ගැන පුදුම විය යුතු නැත.
ධනපති ක්‍රමය පෙළා දැමීමෙන් මෙපිට කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයක් විසදාගත නොහැකිවා පමනක් මානව වර්ගයාගේ පැවැත්ම පවා රදා පවතින්නෙත් ඒ මතය.
ධනපති පන්තිය ආධිපත්‍යය ලැබු හැම තැනෙකම සියලු රදළවාදී පීෘ මුලික,පරමාදර්ශී (චාන් ගැමි ජිවිත) සබදකම් විනාශ කළේය.”ස්වාභාවික ස්වාමිවරුන්ට” මිනිසා බැද තැබු අනේක විධ රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිදබිද දැමු ධනපති පන්තිය මිනිහකු සහ මිනිහකු අතර නග්න ස්වර්ථකාමය හැර අනුකම්පා විරහිත ලෙස” මුදල් ගෙවීම හැර “වෙනත් කිසිදු සම්බන්ධකමක් ඉතිරි නොකළේය…….(කොමියුනිස් පක්ෂ ප්රකාශනය)