රජයේ මාධ්‍ය හැදුනුම්පත් නොමැති ජන මාධ්‍යයවේදීන් හට රජයේ ප්රවෘත්තී සාකච්ජා වල දොර වැසෙයිද?

මාධ්‍ය හැදුනුම්පත බලා ගන්න ප්‍රමානවත් කාලයක් ලබා දුන්නා. ඉදිරියේදී මාධ්‍යවේදීන් සදහා ශිෂ්‍යත්ව ,රක්ෂණ ඇතුළු සහන ලබා දීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඔබව හදුනා ගන්න තිබෙන එකම ක්‍රමවේදය ප්රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම් පත පමනයි. ඒ අනුව අපි කටයුතු කරමු. කිසිම ආකාරයකින් මාධ්‍ය මර්දනයක් සිදු කරන්නේ නැති බව ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස අවධාරණය කළේය.
ඔබ රජය විසින් නිකුත් කරන ජාතික හැදුනුම්පත පාවිච්චි කරනවා, ඔබ රජයෙන් නිකුත් කරන විදේශ ගමන් බල පත්‍රය පාවිච්චි කරනවා. ඔබ සියලුම දෙනාට මාධ්‍ය හැදුනුම්පතක් ලබා දීමට කටයුතු කරනවා. කරුණා කරලා එක ලබා ගන්න. කලින් මේ තීන්දු ගත යුතුව තිබුණා. එක්තරා මාධ්‍ය ආයතනයක් මගින් හැදුනුම්පතක් රැගෙන පැමිනි අයෙක් ගැන විමර්ශනය කිරීමේදී වසර ගණනාවක් අපරාධ වලට සම්බන්ධ කෙනෙක්ට මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කර තිබු බව අමාත්‍යවරයා හෙළි කළේය.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එසේ හෙළි කළේ රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ (29) දහවල් පැවති ප්රවෘත්තී සාකච්වේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.
මාධ්‍යවේදීයා නැගු ප්රශ්නය
පසුගිය රජයන් මාධ්‍ය මර්දනය කළා . ජාතික ජන බල ආණ්ඩුවත් මාධ්‍ය මර්දනය වක්‍රාකාරයෙන් සිදු කරන බවට චෝදනා එල්ල වෙලා තියේනවා. මොකද පුවත් පත් සහ වෙබ් අඩවි ලියාපදිංචි කරන්න සහ අලුත් කරන්න ඉදිරිපත් කරන්නේනේන මාධ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළහාම ජනමාධ්‍ය අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශයට යවනවා. ආරක්ෂක අමාත්‍යංශයෙන් ඊට නිස්කාෂනය ලබා නොදී දිගින් දිගටම ප්‍රමාද කරනවා. පුවත් පත් වෙබ් අඩවි වලට ලියා පදිංචිය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ .ඔබ නියෝගයක් නිකුත් කරනවා ජන මාධ්‍ය හැදුනුම් පත හිමි මාධ්‍යවේදීන්ට පමනයි කැබිනට් මාධ්‍ය සාකච්ජාවට සහභාගි වෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව වක්‍රාකාරව මාධ්‍ය මර්දනය කරමින් රට පෙන්වනවා මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියලා. මෙකක්ද මේ අනුගමන කරන දෙබිඩි පිළිවෙත ?
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය
පාතාල ක්‍රියාකාරකම් ගැන කතා කරන රජයක් විදියට ඒ මාධ්‍ය හැදුනුම්පත වටිනාකමක් ලබා දෙනවා. එකට අවශ්‍ය ගෞරවය ලබා දෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය ආරක්ෂා කරන්න ඉදිරියේදී අපි කටයුුුතු කරනවා. ඊට අනුගත වෙන්න කියලා ඉල්ලනවා.
මාධ්‍යවේදීයා – රජයේ ප්රවෘත්තී දෙපාතර්මේන්තු මගින් රජයේ බුද්ධි අංශ වලටත් මාධ්‍ය හැදුනුපත් නිකුත් කරනවා.
ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදීය – අදත් මාව පරික්ෂා කළා . රජයේ මාධ්‍ය හැදුනුම්පත තියේනවාද කියලා . මේ සාකච්ජාවට සහභාගි වෙනවා කියලා දන්නවාද? එහෙම දැන ගෙනත් නැවත රජයේ හැදුනුම්පත තියේනවාද කියලා අහනවා. අපි දන්න විධියට ලෝකයේ වෙනත් රට වල මාධ්‍යවේදීන් භාවිතා කරන්නේ ඔවුන් වැඩ කරන ආයතනයේ මාධ්‍ය හැදුනුම්පත. එක තමා වලංගු හැදුනුම්පත. විශේෂයෙන් යුරෝපා රටවල් වල ආණ්ඩු විසින් හැදුනුම්පත් නිකුත් කරන්නේ නැහැ. රජයේ ප්රවෘත්තී දෙපාර්මේන්තුවෙන් මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කළේ යුද්ධය කළේ. යුද්ධයට පෙර අපි එළියේ වැඩ කළේ අපේ ආයතනයෙන් දෙන හැදුනුපත පෙන්නලා. ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය සහ ජාත්‍යන්තර ජන මාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ හැදුනුම්පතක් තමයි මගේ වෘත්තීමය කටයුතු වලට භාවිතා කරන්නේ.