රන්ජන් රාමනායක යටත් වෙයි ! අධිකරණය නිදහස් |

Ranjan Ramanayake surrenders! The court is exempt

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වි සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති හා රංගන ශිල්පි රන්ජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ අද (26) හෝ ලබන සදුදා (29) නිදහස් කරන බව සංචාරක හා ඉඩම් ඇමති හරින් ප්‍රනාන්දු ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි .

රාමනායකට නිදහස ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ස්තුතිය පල කිරීම සඳහා ඇමති හරින් ප්‍රනාන්දු එම ෆේස්බුක් සටහන තබා ඇත .

රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන සමාව ගතයුතු බවත් එම කොන්දේසියට යටත් වන්නේ නම් , ජනාධිපතිවරයාට විශේෂ පොදු සමාව සඳහා තමාට නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මාධ්‍යයට පැවැසීය.

ඊයේ (25) අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර , අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පලමු සහා දෙවන නඩුවට අදාළව සමාව අයද සිටියේය

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදුනොකරන බවත්‍ එම දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

2017 අගෝස්තු 21 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේ.

1 thought on “රන්ජන් රාමනායක යටත් වෙයි ! අධිකරණය නිදහස් |

Leave a Reply

Your email address will not be published. Required fields are marked *