රනිල් ආණ්ඩුව හැදු රාජය මාධ්‍ය ප්‍රතිපත්තිය තමා , එම කෙටුම්පත අපිට අවශ්‍ය විධියට සංශෝධනය කරමු – ජනමාධ්‍ය ඇමති නලින් ද ජයතිස්ස

රනිල් ආණ්ඩුව හැදු රාජය මාධ්‍ය ප්‍රතිපත්තිය තමා , එම කෙටුම්පත අපිට අවශ්‍ය විධියට සංශෝධනය කරමු - ජනමාධ්‍ය ඇමති නලින් ද ජයතිස්ස

වික්‍රමසිංහ ආණ්ඩුව කාළේ ගෙන ආපු කොටුම්පතක්. සංවිධාන ඉදිරිපත් කළ යෝජනා එහි සදහන් වෙලා තියෙනවා. එක අවසාන කෙටුම්පත කියලා මම කියන්නේ නැහැ. අවස්ථාවක් තියෙනවා අපට නිකම් හිස් කඩදාසිය උඩ ඉදලා සාකච්ජා කරන්න බැහැ. යම් ලියවිල්ලක් අවශ්‍යයි. ඒ ලියවිල්ල මත පදනම්ව සාකච්ජාව ආරම්භ කරමු. ඔබට සංශෝධන ගෙන්න වගේම අලුත් යෝජනා ගෙන්නත් පුුුුුළුවන්. තිබෙන දේවල් ඉවත් කරන්නත් පුළුවන්. මම ජන මාධ්‍ය ඇමතිවරයා මම කියන දේ පිළිගන්නැයි ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

මේක ආණඩුවේ වැඩක් නොවෙයි. මාධ්‍යවේදීන් හැටිය මාධ්‍ය ක්ෂත්‍රයේ රැක ගන්න කැප වෙලා මහන්සියෙන් වැඩ කරන ඔබට අයිති වැඩක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔහු එසේ අවධාරණය කළේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ ඊයේ (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

ලංකා ස්කයි නිව්ස්මාස්ධ්‍යවේදීය නැගු ප්‍රශ්නය

ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් රාජය මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්න යනවා . මම දැක්කා ඔබතුමා පාර්ලිමේන්තවේ මේ කතා කරනවා . මාධ්‍ය ප්‍රතිපත්තිය හද්දී මාධ්‍ය සංවිධාන වල හෝ මාධ්‍යවේදීන්ගේ අදහස් විමසුවාද?. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසංහගේ ආණ්ඩුව කාලයේ එහෙම එකාක් ගෙනාවා. නමුත් එක ක්‍රියාත්මක කරන්න බැරි වූණා .ඒ සම්බන්ධයෙන් කොළඹ පදනම් ආයතනයේ තිබු සාකච්ජාවට මමත් සහභාගි වුණා. එහි දී අපි විරුද්ධ වුණා. මාධ්‍ය සංවිධානත් සමග මාධ්‍යවේදීන් සහ ආයතනත් සමග සාකච්ජා කරන්නේ නැතිව කොහොම මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්නේ? මේ වික්‍රමසිංහ ගෙන ආ මාධ්‍ය ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාමක්ද?

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන කටයුත්ත අපි ආණ්ඩුව භාර ගන්න පෙර පටන් අරගෙන තිබුණා. දැන් එකට ආදාළ කරන කෙටුම්පතක් හදලා තියෙනවා. ඒ කෙටුම් පත ප්‍රකාශයට පත් කරන්න කලියෙන් අපි සියලුම මාධ්‍ය සංවිධාන වලට මාධ්‍යවේදීන්ට වේලාවක් දෙනවා ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න. දිනයක් වේලාවක් කියන්නම් ආරාධනා කරනවා. ඔබ අනුමත කරන කෙටුම්පත පමනයි අපි ජුලි මාසයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය හැටියට එළි දක්වනනේ . ඔබ සැමට අවස්ථාවක් තියෙනවා ඊට දායක වෙන්න. මේ ආණඩුවේ වැඩක් නොවෙයි. මාධ්‍යවේදීන් හැටිය මාධ්‍ය ක්ෂත්‍රයේ රැක ගන්න කැප වෙලා මහන්සියෙන් වැඩ කරන ඔබට තමයි ඒ සදහා අවස්ථාව තියෙන්නේ.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් වන කොට්ටච්චි මහත්මිය මාධ්‍යයෙන් යම්යම් අපහසුතාවයන්ට ඇය ලක් වෙලා ඇති. ඒ සදහා ඇය ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සමස්ත වෙබ් අඩවි වලට සහ මාධ්‍ය මර්දනය කරන්න ඇය පාර්ලමේන්තුවේ කතා කරනවා . හැම ආණ්ඩුවක් බලයට ඇවිල්ලා ටික කාලයකට පස්සේ මහජන නැගිටින එන කොට මාධ්‍ය කට වහන්න තමයි උත්සහ කරන්නේ. ඇගේ කතාවට අපි හෙළා දකිනවා.

එම ප්‍රශ්නයට ඇමතිවරයාගෙන් පැහැදිලි පිළිුරුක් ලැබුණේ නැත.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed